කොළඹ විශ්වවිද්‍යාලයේ 2015 වර්ෂය සඳහා පශ්චාත් උපාධි ප්‍රධානෝත්සවය කුලපති ඔස්වල්ඩ් ගෝමිස් හිටපු අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී අද පැවැත්විණි. මානව සම්පත්, නීතිය, සමාජ විද්‍යාව, පුස්තකාල කළමනාකරණය ඇතුළු විෂයයන් කිහිපයකට අදාලව මෙහිදී උපාධිධාරීන් 500 දෙනකුට පමණ පශ්චාත් උපාධි පිරිනැමිණි. මාලදිවයින අැතුළු ආසියාතික රටවලින් මෙහි පැමිණ පශ්චාත් උපාධිය ලබාගත් සිසු සිසුවියන් ද මෙයට ඇතුලත් වීම විශේෂත්වයකි.
ඡායාරූප හා වීඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්! (නි)
හිටපු අගරදගුරු ප්‍රසාදීන් වහන්සේගේ අතින් පළමු උපාධිය සහ පශ්චාත් උපාධිය ලබාගත්ත දැනට අවුරුදු කීපයකට කලින්. එකල උන්වහන්සේ එක දිගට පැය ගණනක් හිටගෙන සිටිමින් දහස්සංක්යාත උපාධි ප්‍රධානය කලේ. හිටපු අගරදගුරු ප්‍රසාදීන් වහන්සේගේ මෙවර අසුන්ගෙන උපාධි ප්‍රධානය කරන ආකරය දුටුවම උන්වහසේගේ පරිපාලනය යටතේ ඉගෙන ගත් උන්වහන්සේට විශාල භක්තියක් ඇති ශිෂ්‍යයෙක් ලෙස හිතට දුකක් දැනුනා. (ස)
රටට අවශ්‍ය වෛද්‍ය ,ඉංජිනේරු ,විද්‍යා තාක්ෂණ ආදී විෂයන්ගෙන් අපේ දරුවන්ට පශ්චාත් උපාධි ලබාගැනීම සඳහා පුද්ගලික විශ්ව විද්‍යාල ඇර හෝ අපේ දරුවන්ට පහසුකම් සැළසුවොත් නරකද? (නි)
මාල දිවයිනේ විශ්වවිද්‍යාල නැති නිසා වෙන්න ඇති ලංකාවට ආවේ නේද?(රේ)
සතුටුවෙන්න පුලුවන් කාරණයක් (නි)
මම උපාධිය සමත්වෙලාත් මෙවැනි උත්සවයකින් මගේ සහතිකපත ගන්න පින නැහැ. පිටරට රැකියාවට පිටත්වන්න සිදුවුණ නිසා (නි)
ඒ විතරක් නෙමෙයි. මාලදිවයිනේ හිටපු ජනාධිපති ඉගෙනගෙන තියෙන්නෙත් ලංකාවේ. නමුත් මේ යන විදිහට ලංකාවෙන් මාලදිවයිනේ විශ්ව විද්‍යාල වලට ළමයි යන දවසත් වැඩි ඈතක නොවෙයි. (නි)
ලංකාවේ ඉන්න බොහොම දෙනෙක් ලංකාවේ අධ්‍යාපනය අවතක්සේරු කරනවා. ලෝකේ අනිත් රටවල් එක්ක බලනකොට ලංකාවේ අධ්‍යාපනය ඉහළ මට්ටමක පවතිනවා. (නි)
ලංකාවේ තිබෙන එකම නිෂ්පාදන කළමනාකරණ පශ්චාත් උපාධියේ උපාධි ධාරින්ටත් ඊයේ උපාධි පිරිනැමුවා. අපේ රටේ නිෂ්පාදන අංශය දියුණු කළ හැකි ඉතා හොද උපාධියක්. මෙවැනි දේ අගය කළ යුතු වෙනවා. වෙනත් රටවලින් ලංකාවට එනවා කියන්නේ අපේ උපාධි වලට තිබෙන විදේශිය පිළිගැනීම. (ම)