2002 සිට 2012 දක්වා කාලය තුල ශ්‍රේණිගත කිරීම් අනුව මුදල් යැවීම අතින් සෞදි අරාබිය දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයට බව සෞදි ආරාබියේ පළ වන ඇරැබි නිවුස් පුවත්පත කියයි.
ශ්‍රේණිගත කිරීම් අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ විදේශිය ශ්‍රමිකයින්ට මුදල් පැවරීම මසකට සාමාන්‍ය ඩොලර් කෝටි 4800 කි. (රුපියල් කෝටි 638400 ) ශ්‍රේණිගත කිරිම් අනුව දෙවන ස්ථානය ලබා ඇති සෞදි අරාබිය වාර්ෂිකව ඩොලර් කෝටි 1950 ක් ලෙසද (රුපියල් කෝටි 259350 ) පවරා ඇති අතර තුන්වැනි ස්ථානය ලබා දී ඇති ස්විස්ටර්ලන්තය ඇමෙරිකා ඩොලර් 1720 ක් (රුපියල් කෝටි 228760 ) ක් ලෙසද පිළිවෙළින් ජර්මනිය ඩොලර් කෝටි 1400 ක් (රුපියල්කෝටි 186200) රුසියාව ඩොලර් කෝටි 1340 ක් (රුපියල් කෝටි 178220 ) ලෙසින්දද ස්පාඤ්ඤය ඩොලර් කෝටි 1030 (රුපියල් කෝටි 136990 ) මුදල් හුවමාරු කැර ඇත.
2002 සිට 2011 දක්වා මුළු මුදල් පැවරීම අතින් ඇමෙරිකා එක්සත් ජනපදය සියයට 138.7 ක් ලෙස ඩොලර් කෝටි 33960 ක් ලෙස වාර්තා වී තර 2001 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ ලියාපදිංචි විශාලතම සංඛ්‍යාවක් වු විදේශිය කම්කරුවන්ගේ මුදල් පැවරීමෙන් ඩොලර් කෝටි 2850 මුදල් පැවරීම හෝ යැවීම කැර ඇති බවද පුවත්පත පෙන්වා දෙයි.කෙසේ වුවද ගල්ෆ් රටවල ශ්‍රේණිගත කිරීම් අන්ව සෞදි අරාබියට පිටුපසින් දෙවැනි තැන ලබා සිටින කුවෙට් දේශය 2011 වසරේදී විදෙශිය ශ්‍රමිකයින්ට මුදල් පැවරීමේදී ඩොලර් කෝටි 1180 ක් ලෙස වාර්ථා තබා ඇති අතර ඔමාන් රාජ්‍ය ඩොලර් කෝටි 720 ක් බහරෙන් රාජ්‍ය ඩොලර් කෝටි 200 ක් මුදල් හුවමාරු කැර ඇත.
මුදල් පැවරීමේදී මුදල් 2012 වසරේදී පමණක් සෞදි අරාබියේ ලියාපදිංචි විදේශික ශ්‍රමිකයින් සහ කොන්ත්‍රාත්කරුවන් ඩොලර් බිලියන 3590 රටින් පිට කැර ඇති අතර එය සියයට 11.5 ක වැඩි වීමක් බවද පෙන්නුම් කරයි.
මේ අතර 2012 ජුනි මස සිට 2013 ජුනි මස දක්වා කාලය තුල පමණක් සෞදි අරාබියෙන් විදේශ පැවැරීමේ කරන ලද මුදලේ ප්‍රමාණය ඩොලර් කෝටි 3830 ක් බවද පුවත් පත පෙන්වා දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තවාදීන්ට නියම අවස්ථාව එක ප්‍රතිචාර දමන්න (අ)
ප්‍රිමාල්,තිලක්,ඔයගැන කතාකරන කට හොදයි කොහේ හරි අතුල්ලා ගත්තනම්. කිසිකෙනෙක් පිළිතුරු දෙන්නේ නැහැ.හැබයි එකක් නොකිය ඉන්න බැරිකමට කියනවා. රටට ලැබෙන විදෙස්විනිමයෙන් දෙවන ස්ථානය විදෙස ශ්‍රමිකයන්ගේ.දැන් හිතාගත හැකිනේ . විහිළුව ඕක නොවෙයි. අපේ ගොයියල වගයක් විදෙස ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක් ඉල්ලලා මොරදුන්න. දුන්න මොනවද?මුලින් දායකත්වය ලබගහයුතුයි. .ලැබෙනවා අතලෙව කන්න යමක්. අර ගොයියල හරි සතුටෙන් පිළිඅරන් නැගිටලා ගිය. ටිකක් හිතන්න.අපේ මුදල් යොදවන්නේ රටේ සංවර්දනයට. එම මුදල් නොලැබුනොත් අවම වසයෙන් 2% පොලියට කොහෙන් හරි ණයට ගන්න ඕන. එම 2% විදෙස් ශ්‍රමිකයන් වෙනුවෙන් වෙනම ගිණුමක් ලෙස තැන්පත් කලොත්. තව සාමාජිකත්වයක් ඕනද? (අ)
සල්ලි වලට වඩා ජීවිත වටිනවා.සල්ලි නෙමෙයි හඳ ගෙනෙල්ල දෙනවා කිවත් මිනිස් වෙසින් තිරිසනුන් ඉන්න සෞදිය කියන රටට යන්න එපා.ඊට වඩා මෙහෙ තමන්ගේ දරුපවුලත් එක්ක ජීවත් වෙන්න.සිංහලයෝ කියන්නේ අරාබිකාරයින්ගේ වැසිකිලි හේදිය යුතු පිරිසක් නොවේ.(ස)
ලංකාවෙන් විදේශ ගත වෙලා මිනිස්සු දුක් වින්දට කමක් නැද්ද? (දී)
ඔමාල්,අර්ෂා,රිෂාර්ඩ් ඔහෙලා ඔච්චර සෞදියට ආසයි නම් ගිහින් එහෙ ඉන්න ,සිංහලයන්ව අරාබිය ගැන හොද කියලා බොරු අදහස් දාලා රවට්ටන්නේ නැතුව. (නි)
කරුණාකර කියන්න අපේ විදෙස් ශ්‍රමිකයන් ලංකාවට කොච්චාර මුදලක් එවනවද කියල? (දී)
නියමිත කාලයට පෙර හදුන්වා දුන් විවෘත ආර්ථිකය නොවන්නට මෙලහකට සිංහලයෝ තමන්ගේ මෙහෙකාරකම් වලට අරාබිකාරයින්ව ගෙන්නලා. (නි)
මගේ අදහස් වලට මෙහෙ ඉන්න අය කුලප්පු වෙයි.එතකොට ශ්‍රී ලාංකික කියල පෙන්නගෙන ඉන්න මෙහෙ ඉන්න අරාබිකාරයෝ කව්ද කියල දැනගන්න පුළුවන්. (අ)
ඒකනේ කියන්නේ ඉතින්... (නි)
සාර කොහෙද? (දී)
වීර අපි බොරු අදහස් දාන නිසාද ලක්ෂ ගානක් කට්ටිය සෞදියේ ඉන්නේ අරාබි රටවල වහල් සේවයට මමත් විරුද්දයි නමුත් අරාබි රටවල් වලට යවන්නේ නැත්නම් ලංකාවෙන් බාගයක් කට්ටිය මහපාරේ තමය ඉන්න වෙන්නේ (දී)
රජය විදෙස්ගත අපෙන් ප්‍රතිලාභ ලබා ගත්තද මොනවද ඒ වෙනුවෙන් අපට ලැබී ඇත්තේ? (නි)