IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විදෙස් ශ්‍රමිකයින්ට සෞදියෙන් වසරකට කෝටි 4800

2002 සිට  2012 දක්වා කාලය තුල  ශ්‍රේණිගත කිරීම්  අනුව  මුදල් යැවීම අතින්  සෞදි අරාබිය දෙවැනි ස්ථානය  හිමිව ඇත්තේ  ඇමෙරිකා එක්සත් ජනපදයට බව   සෞදි ආරාබියේ පළ වන ඇරැබි නිවුස් පුවත්පත කියයි.

 ශ්‍රේණිගත කිරීම් අනුව  ඇමෙරිකා එක්සත් ජනපදයේ  විදේශිය ශ්‍රමිකයින්ට  මුදල් පැවරීම මසකට සාමාන්‍ය  ඩොලර්  කෝටි 4800 කි.  (රුපියල්  කෝටි 638400 ) ශ්‍රේණිගත කිරිම් අනුව දෙවන ස්ථානය ලබා ඇති  සෞදි අරාබිය වාර්ෂිකව  ඩොලර්  කෝටි 1950  ක් ලෙසද (රුපියල්  කෝටි 259350 ) පවරා ඇති අතර තුන්වැනි  ස්ථානය ලබා දී ඇති ස්විස්ටර්ලන්තය ඇමෙරිකා ඩොලර් 1720 ක් (රුපියල් කෝටි 228760 )  ක් ලෙසද පිළිවෙළින්  ජර්මනිය ඩොලර්  කෝටි 1400 ක් (රුපියල්කෝටි  186200) රුසියාව ඩොලර් කෝටි 1340 ක් (රුපියල් කෝටි  178220 ) ලෙසින්දද ස්පාඤ්ඤය ඩොලර් කෝටි 1030 (රුපියල්  කෝටි 136990 )  මුදල් හුවමාරු කැර ඇත.

2002 සිට 2011 දක්වා මුළු  මුදල්  පැවරීම  අතින් ඇමෙරිකා එක්සත්  ජනපදය   සියයට 138.7 ක් ලෙස  ඩොලර් කෝටි  33960 ක් ලෙස වාර්තා වී තර 2001 වසරේදී  ඇමෙරිකා එක්සත් ජනපදයේ  ලියාපදිංචි  විශාලතම සංඛ්‍යාවක් වු  විදේශිය කම්කරුවන්ගේ මුදල්  පැවරීමෙන් ඩොලර් කෝටි 2850   මුදල් පැවරීම හෝ  යැවීම කැර ඇති බවද  පුවත්පත පෙන්වා දෙයි.කෙසේ වුවද ගල්ෆ් රටවල ශ්‍රේණිගත කිරීම් අන්ව  සෞදි අරාබියට පිටුපසින්  දෙවැනි තැන ලබා සිටින  කුවෙට් දේශය   2011 වසරේදී   විදෙශිය ශ්‍රමිකයින්ට මුදල් පැවරීමේදී ඩොලර් කෝටි 1180 ක්  ලෙස වාර්ථා තබා ඇති අතර  ඔමාන් රාජ්‍ය  ඩොලර් කෝටි 720 ක්  බහරෙන් රාජ්‍ය ඩොලර් කෝටි 200 ක්  මුදල් හුවමාරු කැර ඇත.

මුදල් පැවරීමේදී මුදල් 2012 වසරේදී  පමණක් සෞදි අරාබියේ ලියාපදිංචි විදේශික ශ්‍රමිකයින්  සහ  කොන්ත්‍රාත්කරුවන්  ඩොලර් බිලියන 3590  රටින් පිට කැර ඇති අතර  එය සියයට  11.5 ක වැඩි වීමක් බවද  පෙන්නුම් කරයි.

 මේ අතර  2012 ජුනි මස සිට 2013 ජුනි මස දක්වා  කාලය තුල  පමණක්  සෞදි අරාබියෙන්  විදේශ පැවැරීමේ  කරන ලද මුදලේ  ප්‍රමාණය  ඩොලර් කෝටි 3830 ක් බවද පුවත් පත පෙන්වා දෙයි.

 



අදහස් (0)

විදෙස් ශ්‍රමිකයින්ට සෞදියෙන් වසරකට කෝටි 4800

සමන් Tuesday, 06 August 2013 07:06 PM

අන්තවාදීන්ට නියම අවස්ථාව එක ප්‍රතිචාර දමන්න (අ)

:       0       0

ටෙනිසන් Wednesday, 07 August 2013 08:12 AM

ප්‍රිමාල්,තිලක්,ඔයගැන කතාකරන කට හොදයි කොහේ හරි අතුල්ලා ගත්තනම්. කිසිකෙනෙක් පිළිතුරු දෙන්නේ නැහැ.හැබයි එකක් නොකිය ඉන්න බැරිකමට කියනවා. රටට ලැබෙන විදෙස්විනිමයෙන් දෙවන ස්ථානය විදෙස ශ්‍රමිකයන්ගේ.දැන් හිතාගත හැකිනේ . විහිළුව ඕක නොවෙයි. අපේ ගොයියල වගයක් විදෙස ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක් ඉල්ලලා මොරදුන්න. දුන්න මොනවද?මුලින් දායකත්වය ලබගහයුතුයි. .ලැබෙනවා අතලෙව කන්න යමක්. අර ගොයියල හරි සතුටෙන් පිළිඅරන් නැගිටලා ගිය. ටිකක් හිතන්න.අපේ මුදල් යොදවන්නේ රටේ සංවර්දනයට. එම මුදල් නොලැබුනොත් අවම වසයෙන් 2% පොලියට කොහෙන් හරි ණයට ගන්න ඕන. එම 2% විදෙස් ශ්‍රමිකයන් වෙනුවෙන් වෙනම ගිණුමක් ලෙස තැන්පත් කලොත්. තව සාමාජිකත්වයක් ඕනද? (අ)

:       0       0

වීර Wednesday, 07 August 2013 09:22 AM

සල්ලි වලට වඩා ජීවිත වටිනවා.සල්ලි නෙමෙයි හඳ ගෙනෙල්ල දෙනවා කිවත් මිනිස් වෙසින් තිරිසනුන් ඉන්න සෞදිය කියන රටට යන්න එපා.ඊට වඩා මෙහෙ තමන්ගේ දරුපවුලත් එක්ක ජීවත් වෙන්න.සිංහලයෝ කියන්නේ අරාබිකාරයින්ගේ වැසිකිලි හේදිය යුතු පිරිසක් නොවේ.(ස)

:       0       0

රනිල් Tuesday, 06 August 2013 09:09 PM

ලංකාවෙන් විදේශ ගත වෙලා මිනිස්සු දුක් වින්දට කමක් නැද්ද? (දී)

:       0       0

වීර Wednesday, 07 August 2013 09:38 AM

ඔමාල්,අර්ෂා,රිෂාර්ඩ් ඔහෙලා ඔච්චර සෞදියට ආසයි නම් ගිහින් එහෙ ඉන්න ,සිංහලයන්ව අරාබිය ගැන හොද කියලා බොරු අදහස් දාලා රවට්ටන්නේ නැතුව. (නි)

:       0       0

තිලක් සෑම් Tuesday, 06 August 2013 09:22 PM

කරුණාකර කියන්න අපේ විදෙස් ශ්‍රමිකයන් ලංකාවට කොච්චාර මුදලක් එවනවද කියල? (දී)

:       0       0

වීර Wednesday, 07 August 2013 09:51 AM

නියමිත කාලයට පෙර හදුන්වා දුන් විවෘත ආර්ථිකය නොවන්නට මෙලහකට සිංහලයෝ තමන්ගේ මෙහෙකාරකම් වලට අරාබිකාරයින්ව ගෙන්නලා. (නි)

:       0       0

වීර Wednesday, 07 August 2013 10:04 AM

මගේ අදහස් වලට මෙහෙ ඉන්න අය කුලප්පු වෙයි.එතකොට ශ්‍රී ලාංකික කියල පෙන්නගෙන ඉන්න මෙහෙ ඉන්න අරාබිකාරයෝ කව්ද කියල දැනගන්න පුළුවන්. (අ)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 06 August 2013 04:17 PM

ඒකනේ කියන්නේ ඉතින්... (නි)

:       0       0

ඔමාල් Tuesday, 06 August 2013 10:55 PM

සාර කොහෙද? (දී)

:       0       0

අරුෂි Thursday, 08 August 2013 09:22 AM

වීර අපි බොරු අදහස් දාන නිසාද ලක්ෂ ගානක් කට්ටිය සෞදියේ ඉන්නේ අරාබි රටවල වහල් සේවයට මමත් විරුද්දයි නමුත් අරාබි රටවල් වලට යවන්නේ නැත්නම් ලංකාවෙන් බාගයක් කට්ටිය මහපාරේ තමය ඉන්න වෙන්නේ (දී)

:       0       0

ප්‍රිමාල් Wednesday, 07 August 2013 12:12 AM

රජය විදෙස්ගත අපෙන් ප්‍රතිලාභ ලබා ගත්තද මොනවද ඒ වෙනුවෙන් අපට ලැබී ඇත්තේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site