(යොහාන් භාසුර)
රුමේනියාවේ රැකියා ලබාදෙන බවට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරමින් සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වූ විදේශිකයකු ඇතුළු පුද්ගලයන් සිවුදෙනෙක් අද (20) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
අත්අඩංගුවට පත්ව සිටින විදේශිකයා ඉතාලි ජාතික පිරිමි පුද්ගලයෙක් බවත් සෙසු තිදෙනා ශ්‍රී ලාංකිකයන් බවත් මෙම පිරිස බදුල්ල ප්‍රදේශයේ හෝටලයක සැගවී සිටියදී අත්අඩංගුවට පත්වූ බවත් එම නිලධාරියා කීය.
මෙම පිරිස රුමේනියාවේ රැකියා ලබාදෙන බවට පවසමින් රටේ විවිධ ප්‍රදේශවල ප්‍රධාන හෝටල්වල සම්මුඛ පරීක්‍ෂණ පවත්වන බවට විදේශ සේවා නියුක්ති කාර්යංශයට තොරතුරු ලැබී තිබුණු බවත් ඔවුන් සමාජ මාධ්‍ය ජාලා කීපයක මේ පිළිබඳව දැන්වීම් පළකර තිබූ බවත් එම නිලධාරියා කීය.
ජනතාවගෙන් ලැබුණු තොරතුරු සහ සමාජ මාධ්‍ය ජාලා හරහා කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස අදාල පුද්ගලයන් බදුල්ල ප්‍රදේශයේ සිටින බවට හෙළි කරගැනීමෙන් පසුව මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බව ද එම නිලධාරියා කීය.
එම පිරිස පිළිබඳව ඉදිරි නීතිමය යටතේ ක්‍රියාත්මක කරමින් සිටින බව කී එම නිලධාරියා ඔවුන් බදුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමත බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
127
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදෙස් රැකියා දෙන්න ගිය හතරක් මාට්ටු