IMG-LOGO

විදේශීය දුම්වැටි 2000 ක් කොළඹදී අල්ලයි

(යොහාන් භාසුර)

නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා ප්‍රවාහන කරමින් තිබූ විදේශීය දුම්වැටි 2000 ක් සමඟ පුද්ගලයෙකු කොළඹ 11 මල්වත්ත පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.  

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලීසිය එක්ව කළ මෙහෙයුමකදී සැකකරු සහ දුම්වැටි තොගය අත්අඩංගුවට ගත් බවත් නාවික හමුදාවට ලද තොරතුරකට අනුව, බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනය සහ කොළඹ වේල්ලවීදිය පොලීසිය එක්ව මෙහෙයුම දියත් කළ බවත් නාවික හමුදාව කීය.

මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 49 ක් වන මාතර ප්‍රදේශයේ පදිංචිකරුවක් බවත් සැකකරු සහ විදේශීය දුම්වැටි තොගය ඉදිරි නිතීමය කටයුතු සඳහා කොළඹ වේල්ලවීදිය පොලීසියට භාරදුන් බව ද නාවික හමුදාව සඳහන් කළේය.

 



අදහස් (0)

විදේශීය දුම්වැටි 2000 ක් කොළඹදී අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 282 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 454 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site