ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පළමු වරට සංවිධානය කරන ශ‍්‍ර‍්‍රී ලංකා ප‍්‍රධානතම විස්සයි - 20 ක‍්‍රිකට් තරගාවලියට (එස්.එල්.පී.එල්.) සහභාගි වීමට විදෙස් කි‍්‍රකට් ක‍්‍රීඩකයෝ 56 ක් පැමිණෙති. මෙම ක‍්‍රීඩකයන් අතරට කොදෙව් සුපිරි පිතිකරු ක‍්‍රිස් ගේල්, පාකිස්තානු තුන් ඉරියව් ක‍්‍රීඩක සහිඞ් අෆ්රිඩි, නවසීලන්ත තුන් ඉරියව් ක‍්‍රීඩක නේතන් මැකලම්, දකුණු අප‍්‍රිකානු ප‍්‍රබල ක‍්‍රීඩකයන් වන ඇල්බි මොර්කල් සහ ජොහාන් බෝතා මෙන්ම ඕස්ටේ‍්‍රලියානු ප‍්‍රබල ක‍්‍රීඩක බ‍්‍රැඞ් හොජ් ඇතුළත්ව සිටිති. එස්.එල්.පී.එල්. තරගාවලිය අගෝස්තු මස 10 වැනිදා සිට 31 වැනිදා දක්වා කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී සහ මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. කණ්ඩායම්වලට ඇතුළත්ව සිටින විදේශිය ක‍්‍රීඩකයෝ: උතුරු පිල: ශකීබ් අල් හසන්, බ්‍රෙන්ඩන් ටේලර්, කෙවොන් කූපර්, ඉම්රාන් ෆර්හත්, ෆිඩෙල් එඞ්වඞ්ස්, ඬේවිඞ් මිලර්, ඩිලන් ඞී ප‍්‍රීස් සහ සැමුවෙල් බැඞ්රි නැගෙනහිර පිල: මිචෙල් මාෂ්, ඉම්රාන් නසීර්, ට‍්‍රවිස් බි‍්‍රට්, අහ්මඞ් ශෂාඞ්, බෙන් ලවුග්ලින්, එලියස් සුමී, මුෂ්ෆිකුර් රහීම් සහ නසීර් හොසේන් රුහුණ පිල: සහිඞ් අෆ්රිඩි, ඩැනියල් හැරිස්, රයන් හැරිස්, එරොන් ෆින්ච්, ජෙරමි ටේලර්, නේතන් මැකලම්, රයන් මැක්ලර්න් සහ රිචඞ් ලිවි වයඹ පිල: අෂාර් මහමුඞ්, උමාර් අක්මාල්, තමීම් ඉක්බාල්, කොලින් ඉග්රාම්, කීමර් රෝච්, ජේම්ස් ෆෝල්කනර්, අබ්දුල් රසාක් සහ බ‍්‍රැඞ් හොග් කඳුරට පිල: සහිඞ් අජ්මාල්, මිස්බා උල් හක්, සොහෙල් තන්වීර්, ක‍්‍රිස් ලීන්, ඩැනි ජේම්ස් විලස්, ඇල්බි මොර්කල්, ජොහාන් බෝතා සහ ඇඩම් වෝග්ස් බස්නාහිර පිල: බ‍්‍රැඞ් හොජ්, මාලන් සැමුවෙල්ස්, ඩැනියල් ස්මිත්, ඩිර්ක් නැනීස්, ටිම් සවුති, ක්ලින්ට් මැකෙයි සහ කැමරොන් බොර්ගස් ඌව පිල: ක‍්‍රිස් ගේල්, ඇන්ඩෘ මැක්ඩොනල්ඞ්, උමාර් ගුල්, ෂොයිබ් මලික්, කල්ලූම් ෆර්ගසන්, ජේම්ස් ෆෑන්ක්ලින්, අබ්දූර් රෙහෙමන් සහ හම්මාඞ් අෂාම්
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඳුරට දිනනවා
අපි හැමදාමත් ඉන්දියාවට පිහට උනත් එස්.එල්.පී.එල්. වලදිත් එයාල අපිට කොකා පෙන්න නේද?
අනේ කාලේ වනේ වාසේ කීවාලූ
ඉන්දියාවට කරලා පෙන්නමූ
මේවා හොද පාඩම් අපිට
මොනවා උනත් නියම වැඩේ. ඒඋනාට ලාකාව ඉන්දියාවට පව් නොදී කට්ටිය අයිපීඑල් නොයවා ඉමු..
ඉන්දියාව කවදත් කරේ අපිට කොකා පෙන්නපු එක...
කොන්දක් නැති ආණ්ඩුවක් තියෙනකම් ඉන්දිඅවට මේවා කලා හැක .