නව රජය යටතේ වෙළඳ, සංචාරක හා අයෝජන ප‍්‍රවර්ධනය කේන්ද්‍ර කර ගත් රාජ්‍යතාන්ත‍්‍රික ආර්ථික ප‍්‍රතිපත්තියක් ශ්‍රී ලංකා විදේශ සේවයට හඳුන්වාදෙන බව නව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
අමාත්‍ය ධූරයේ අද (24) වැඩ බාර ගනිමින් අමාත්‍ය මංගල සමරවීර මහතා මෙම අදහස් දැක්වීය.
අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේදී විදේශ කටයුතු අමාත්‍යාංශය හා විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල ප‍්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් කරන බවයි.
ජාත්‍යන්තර ප‍්‍රජාව විසින් ඉකුත් ජනවාරි 8 වැනිදා සිදුකළ විප්ලවයෙන් ලංකාවට ලබාදුන් අති විශාල කීර්තිය තව තවත් ගොඩ නඟමින් ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කිරීමට අවශ්‍ය ස්ථාවර දේශපාලන පසුබිම මෙවර පැවති මහමැතිවරණයේ ජනතාව ලබාදුන් ජනවරමෙන් පැහැදිලි බවද අමාත්‍ය සමරවීර මහතා කියා සිටියේය.
මෙවර මහමැතිවරණයෙන් මාතර දිස්ත‍්‍රික්කයේ වැඩිම දෙවැනි මනාප ලබා ගනිමින් නව රජයේ විදේශ අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් සමරවීර මහතා එම අමාත්‍ය ධූරය දරණ තෙවැනි අවස්ථාව මෙයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා මනාප ගැන නම් කතාකරන්න එපා (නි)
මේ කණපිට පෙරළෙන දවස ගැන සාත්තරයක් කියන්න කෙනෙක් නැද්ද? (නි)
බොහොම හොඳයි (නි)
කණපිට ගැහුවහම ඒත් අපිට හොඳයි.අනේද කියන්නේ? බලනකොට කාගේත් වැඩි වෙනසක් නැහැනේ. (නි)
එයාට මේ තනතුර දුන්නාට මම නම් කිසිසේත්ම කැමති නැහැ (නි)
කතාව නම් දෝලාවෙන් යන්න වෙන්නේ කකුල් දෙකෙන්... මිනිසුන් රවටන්න උපන් ඇමතිලාගේ ඉන්නේ. (නි)
හොඳ දෙයක්. විදේශීය දුත මණ්ඩල වල ඉන්න හොරු ගෙදර යවන්න. ඒවා සුද්ද කරලා වැඩ පටන් ගන්න. රජයට වගකියන දුත මණ්ඩලයක් පත්කරගන්න (නි)
අර කණපිට පෙරළෙණ කතාවට නම් මමත් කැමතියි (නි)
පසුගිය රජය යටතේ විදේශීය දුත මණ්ඩල සදහා පැවති බදවාගැනීමේ ක්‍රමවේද වලට පිටින් නුසුදුස්සන්ව දේශපාලන පත්වීම් රාශියක් වශයෙන් සිදු කර විදේශ සේවය තුල බරපතල කඩා වැටීමකට ලක් කර ඇත. (හේ)
දේශපාලන පත්කිරීම නිසා අසාධාරණයට ලක්වූ ඉහල නිලධාරීන් සහනයන් ලගා කරගනිම්න් සිටියත් පහල නිලධාරීන් ගැන අවධානය යොමු නොකරන්නේ මන්ද? (හේ)
හරියට හරි. කණපිට පෙරලෙයි කියලා අපිටත් හිතෙනවා.(හේ)
මැකෝගේ නීති විදේශ අමාත්‍යාංශයට අදාල නැතිද? කියලා අහනවා, මැතිවරණ කාලයේ පත් කිරීම් මාරු කිරීම් පහකිරීම් බොරු කිරීම් ගැන සෙවිය යුතුද (බ)
ජයවේවා ! (බ)
එතකොට පලවෙනිතනට මනාප ගත්ත බුද්ධික පතිරණට මොකද වෙන්නේ ?(හේ)
ඉස්සෙල්ල තිබුන පිට කණපිට කරන්න ඕනේ තමා. ඉස්සෙල්ල තිබුනේ නෑ දැන් පිට නේ (බ)
ඔව් ඔව්. ඒ අවස්ථාව දෙන්න ඕනෑ මෙයාට (නි)
දහම්, කුහක වෙන්න එපා. රට දියුණු කිරීමට හොඳ අවස්ථාවක්. (නි)
පළවෙනියට මනාප ගත් බුද්ධිකට මමත් කැමතියි (නි)