(මනෝජ් හර්ෂික)
විදේශ රැකියා සදහා යොමුවන ශ්‍රමිකයින් වෙනුවෙන් ලබාදෙන ප්රතිලාභ පුළුල් කිරීම සදහා විශේෂ වැඩ සටහනක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැලසුම් කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව සහ මහජන බැංකුව සමඟ එක්ව මෙම වැඩසටහන සැළසුම් කර ඇත.
එහිදී පෙර විගමණික ණය, ස්වයං රැකියා ණය හා නිවාස ණය මුදල් ලබාදීම පිළිබදව මූලික වශයෙන් අවධානය යොමු කරයි.
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ නියෝජිතයින් සමඟ දැනට ක්‍රියාත්මක ණය යෝජනා ක්රමයේ අඩුපාඩු හා ණය මුදල වැඩි කර ගැනීමත්, ශ්‍රමිකයින්ගේ ආයෝජන අවස්ථා වැඩි කරගැනීමට උපකාර කිරීමත් යන කරුණු පිළිබදව මෙහිදී වැඩි අවධානය යොමු කෙරේ.
මහජන බැංකුවේ නියෝජිතයින් සමඟ දැනට ලබාදෙන රු.50,000 පෙර විගමණික ණය රුපියල් ලක්ෂ 5 දක්වා වැඩිකර ගැනීමටත් නිවාස ණය රුපියල් ලක්ෂ 5 දක්වා වැඩි කර ගැනීමටත් මෙහිදී සලකා බැලේ.
එසේම අකර්මන්‍ය වී ඇති ස්වයං රැකියා ණය ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබදවත් අවධානය කර ඇතැයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතෙර ඉගෙන ගන්න පාසල් දරුවන්ට දෙමාපියන්ගේ රැකියාව අහිමි වූ පසු එම දුවන්ට තම රටට පැමිණි පසු කඩිනමින් අධ්‍යාපන ලබන්න පාසලක් දිය යුතුයි..... එය ඉංග්‍රීසි මාධ්‍යයෙන් වියයුතු නිසා විශේෂ සැලකිල්ලක් කල යුතුයි.......
පොකුරු පිටින් ගෘහ සේවිකාවෝ තමයි ඉතින් පටවන්න තියෙන්නේ.
අතුල ඔයාගේ කතාව ගැන මමත් එකඟවෙනවා අපි මේ ගැන රජයට දැනුම් දෙමු .... අතුල ඔය මොන රටේද අපි එකතු වෙලා මේ ප්රශ්නය ගැන කතාකර අවශ්‍යයි හමුවෙමු......
ණය දීලා තවත් ඒ මිනිසුන් හිර කරන්න හදන්නෙ නැතිව ඊට වඩා හොඳ දේවල් තියෙනවා කරන්න
විශ්‍රාම වැටුප් ක්‍රමය ගැන මොකද? අපිට අලුත් බලාපොරොත්තු තියාගන්න පුළුවන්.
ප්‍රථිලාභ කෙසේවෙතත් දුප්පත් මිනිස්සු රට රස්සාවට යනකොට අය කරන ගාස්තුවවත් නොගෙන ඉඳපල්ලා. ඒක තමයි කරන ලොකුම උදව්ව. සතේ අතේ නැතුව රට යන්න යනකොට එයාපෝට් එකේදි කාර්යාංශෙට නීත්‍යානුකූල කප්පම් ගෙවන්න ඕනෑ. ලැජ්ජා නැහැ මේ පාලකයින්ට. අසරණ ගැණුන්ගෙන් ගසාකන්න...