(යොහාන් භාසුර)
ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩර් ක්‍රියාවලියේ අඩුපාඩු නිසා අලුතින් මුද්‍රණය කරන සෑම විදෙස් ගමන් බලපත්‍රයකින්ම ඇමෙරිකන් ඩොලර් 1.50 ක් හෙවත් රුපියල් 450 ක් අමතර ගාස්තුවක් ගෙවීමට සිදුව තිබෙන්නේ යැයි මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතාට ජාතික වෘත්තිය, ව්‍යාපාර හා සිවිල් සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු වෛද්‍ය චමල් සංජීව මහතා අද (6) පැමිණිළි කළේය.
ආගමන විගමන දෙපාර්තුමේන්තුව සහ මහජන ආරක්ෂක අමාත්‍යංශය ක්‍රියාත්මක කිරීමට සැරසුණු ‘ඊ පාස්පෝට්’ ක්‍රමවේදය අධිකරණමය කටයුත්ත හේතුවෙන් අත්හිටුවීමෙන් විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණය වසර විස්සක කාලයක් අඛණ්ඩව කළ සමාගමටම දී ඇති බවත් එම සමාගම මෘදුකාංග ගාස්තුවක් යැයි පවසමින් මෙම මුදල් රජයෙන් අයකරගන්නා බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පැමිණිල්ල කිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
බාල ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ජාතික ඖෂධ නියාමන අධීකාරීයේ දත්ත මැකී යාම සම්බන්ධයෙන් ද පැමිණිලි කළ බවත් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සාධාරණ හා පිළිගත හැකි පරීක්ෂණ කරනු ඇතැයි විශ්වාසයක් නොමැති බවත් ඒ මහතා කීය.
දේශපාලන පරිවර්ථනයක් වූවත් පසුගිය කාලයේ වංචාවන්ට මුල් වූ නිලධාරීන් කටයුතු කරන නිසා ඉදිරි විමර්ශනවලදී එම නිලධාරින් විමර්ශන හා නීති අංශ නොමග යැමීමට හෝ සාක්කි වසන් කිරිමට ඉඩ ඇති බවත් ඒ සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන ලෙස ඇමතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
653
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1107
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදේශ ගමන් බලපත්‍රයකට අමතර රුපියල් 450ක් ගෙවන්න වෙලා
ලුම්බිණි Tuesday, 07 January 2025 05:25 AM
ඔය කියන අධිකරණමය කටයුත්ත කවදද විසදෙන්නේ ?
Lalla Tuesday, 07 January 2025 11:19 AM
අපේ අධිකරණය වෙත නඩුවක් ගියානම් අඩුම තරමේ අවුරුදු ගණනාවක් ගතවෙනව නොවේද? වගකිව යුතු පාර්ශ්ව කල් ඉල්ලීම මත නිකරුනේ කල්ගත වෙත එක වලකා ගැනීමට නීතී හදන්න බැරිද? සති දෙකෙන් ගෙදරට ආපු ගමන් බලපත්‍ර දෑන් අවුරුද්දකට කිට්ටුව කාලයක් ගතවෙලාත් ආවේ නෑ.
Business Tuesday, 07 January 2025 11:26 AM
දෙගුණයක් ( Rs 45,000/ ) ගෙවලත් මාස 7 ක ඉදන් පාස්පෝට් එක අලුත් වෙලා ආවේ නෑ, ලංකාවට එන්න විදිහක් නෑ. වීසා කල් ඉකුත් වෙලා දඩ ගෙවන්නත් වෙලා තියෙන්නේ. ලංකාවේ නිලධාරීන් දුකථන , ඊමේල් වලට උත්තර දෙන්නේ නෑ. තානාපති කාර්යාලයෙන් ලිපි එව්වාට උත්තර තියා ඒවා බලනවද කියලවත් විශ්වාස නෑ. කාටද මේවා කියන්නේ ?