යුරෝපා රටවල විදේශ අමාත්‍යවරුන්ගේ හමුවක් පැවැත්වෙද්දී ක්‍රොඒෂියාවේ විදේශ ඇමැති ගෝඩන් රඩ්මාන්, ජර්මන් විදේශ ඇමැතිනී ඇනාලීනා බෙයාර්බෝක් සිප ගැනීම සම්බන්ධයෙන් විවේචන එල්ල වෙමින් පවතී.

විවේචන එල්ල වී ඇත්තේ ක්‍රොඒෂියාවේ විදේශ ඇමැතිවරයා ජර්මන් විදේශ ඇමැතිනිය සිප ගන්නේ ඇය අපහසුතාවයට පත් කරමින් වීම නිසාත් එය ඇගේ අකමැත්තෙන් සිදුවුණු සිප ගැනීමක් නිසාත්ය.

එම සිප ගැනීම සම්බන්ධයෙන්, ජර්මන් විදේශ ඇමැතිනිය සිය අකමැත්ත පෙන්වන අයුරු එම සිද්ධියට අදාල ඡායාරූපවලත්, වීඩියෝ දසුන්වලත් පැහැදිලිව පෙනෙයි.

(එන්.ඩී.ටීවී.)