ලබන නොවැම්බර් මාසයේදී පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පැවැත්වීමට නියමිත දහනම වැනි සාර්ක් සමුළුව එහි පැවැත්වීමට සුදුසු වාතාවරණයක් නොමැතිවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය කනගාටුව ප්‍රකාශ කරන බව විදේශ අමාත්‍යාංශය සදහන් කරයි.
නොවැම්බර් 9-10 දිනයන්හිදී පකිස්ථානයේ, ඉස්ලාමාබාද් නුවර පැවැත්වීමට නියමිත දකුණු ආසියානු සමුළුව සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.
මෙවැනි කලාපීය මට්ටමේ සමුළුවක් පැවැත්වීම සඳහා සාමය හා ආරක්ෂාව අත්‍යාවශ්‍ය බවත් ,සාර්ක් සමුළුව හා එහි රාජ්‍ය නායකයින්ගේ රැස්වීම කැදවීම සාර්ක් සංවිධානයේ ඒකමතික සම්මුතියෙන් යුතුව තීරණ ගත යුතු බවද එම නිවේදනයේ පෙන්වා දී තිබේ. මුල සිටම ශ්‍රී ලංකාව ආරම්භක සාක් සාමාජික රටක් වශයෙන් එවැනි ආකාරයක ආරක්ෂාවක් හා සාමයක් වෙනුවෙන් කැපවෙන බවත් ,අනෙක් සෙසු සාමාජික රටවල්ද ඊට අවශ්‍ය පියවර ගනු ඇතැයි බලාපොරොත්තු වෙන බවද එහි වැඩිදුරටත් දැක්වෙයි.
එසේම ත්‍රස්තවාදය හැමවිමට හෙළාදකින ශ්‍රී ලංකාව ,කලාපයේ ත්‍රස්තවාදය තුරන් කිරීම වෙනුවෙන් පෙනී සිටින බවද විදේශ කටයුතු අමාත්‍යාංශ නිවේදනයේ සදහන් වේ.
පකිස්ථානය ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන රාජ්‍යයක් යැයි චෝදනා කරමින් ඉස්ලාමාබාද් නුවරදී ලබන නොවැම්බර් මස පැවැත්වෙන 19 වැනි සාර්ක් සමුළුව වර්ජනය කරන බව ඉන්දියාව ඉකුත් 28 වැනිදා නිල වශයෙන් නිවේදනය කළ අතර ඊට සහාය දක්වමින් බංග්ලාදේශය ,ඇෆ්ගනිස්ථානය හා භූතානයද සමුළුව වර්ජනය කරන බව ප්‍රකාශ කර සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට වඩා ප්‍රශ්න අතීතයේ තිබුනා. එ්ත් මෙවැනි තීරණ ගත්තේ නැහැ. ලංකාව සාක් එකමුතුබව රැක්කා. පාකිස්තානය තරහ කරගන්න එපා. (නි)
ඉන්දියාවේ නායකයෝ අපේ රටේ දේශපාලනයට අතගැසූ නිසා දෙවියෝ දඬුවම් දීලා (හේ)
ප්‍රකාශ නිකුත් කරලා වැඩක් නෑ.(හේ)
ඉන්දියාවට විරුද්ධ වෙලා පුළුවන්ය..(හේ)
පකිස්තානය තරහ වුනාම මොකද අපි ඉන්දියාව කියන දේ අහන්න ඕනනේ.(හේ)
අපි පකිස්ථානයට සහයෝගය දෙන්න ඕනේ.(හේ)
යහපාලන ආණ්ඩුව තීරණ ගන්නකොට අපට යුද්දෙදි සහය දීපු පකිස්ථානය වගේ රටක් අමතක කරන එක ලොකු වැරැද්දක්. ඉන්දියාව අපිට ආයුද දෙන්න බැහැ කියනකොට උදව් කළේ පකිස්ථානයයි (බ)
ඉන්දියාව අපට කරුපු දෙයක් නැහැ . ඉන්දියාව අපට ආයුද දෙන්න බැහැ කියන කොට අපට ආයුද දුන්නේ පකිස්ථානය. අපි කළ ගුණ අමතක කරන්න හොද නැහැ (බ)
මේක නම් ඉන්දියාවට බයේ ගත් තීරණයක් වගෙයි (නි)
යුද්ධයේදී අපට අවංකව උදව් කරපු රටක් පාකිස්තානය. ඉන්දියාව වගේ කකුලෙන් ඇද්දේ නැහැ. ඉන්දියාව ඒගොල්ලන්ගේ ප්‍රශ්න පාකිස්තානයත් එක්ක බේරා ගත්තදෙන්. (නි)
ලංකාව පාකිස්තානයේ මිත්‍ර රටක්. විදේශ අමාත්‍යංශයේ පණිවිඩය කාලෝචිත එකක්. (නි)
අප අමාරුවේ වැටුන වෙලාවේ අපේ සහයට හිටියේ පාකිස්තානය. මේ වෙලාවේ පාකිස්තානය තනි නොකළ යුතුයි (නි)
එදා යාපනය බේරාගන්න දුන් මල්ටිබැරල් ගැන දැන් අමතකද? (නි)
ඉන්දියාවට බයයි කියලයි අපිට නම් හිතෙන්නේ (නි)
ඉන්දියාවටයි පාකිස්තානේටයි හැපෙන්න දීලා ලංකාව පැත්තකට වෙලා හිටියොත් හොඳයි. මෙතන පැහැදිලිවම පැත්තක් අරගෙන තියෙනවා (නි)
මේ ඉන්දියාවේ බලකිරීමට නටන නැටුම්නේ. අපගේ කරදර සහිත අවස්ථාවල අප සමඟ සිටි සැබෑ මිතුරන්ට (රුසියාව, චීනය, පාකිස්ථානය වැනි) පයින්ගසා මිතුරු වෙසින් එන හතුරන් (ඇමරිකාව ඇතුළු බටහිර රටවල්, ඉන්දියාව) වැළඳගෙන, ඔවුන්ගේ පදයට රටට කරන හානිය නම් කිසිදා ආපසු හැරවිය නොහැකිවේවි.
ලෝකෙම බැහැ කියද්දී යාපනය කොටුවී සිටි හමුදාව බේරාගන්න අපිට බර අවි, මල්ටි බැරල් දුන්නේ පාකිස්තානය නේද? මෙහෙම සළකන එක හොඳ මදි (නි)
ත්‍රස්තවාදීන් නොනවත්වා පහරදෙනවිට ඉන්දියාව අපිට මල්ටිබැරල් දෙන්න බැහැ කිව්වා. ඒගොල්ලො කිව්වා පලාලි වල සිටින අපේ සොල්දාදුවො බේරන්න උදව් දෙන්නම් ආයුධ දෙන්න බැහැ කියලා. ඒ අවස්ථාවේ අපට පිහිටවුණේ පාකිස්තානයයි. අපි එය අමතක නොකළ යුතුයි. (නි)