කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති වු අපවත් වී වදළ මාදුළුවාවේ සෝභිත හිමියන් අවසන් වරට ප්‍රතිකාර ගත් කොළඹ ජාතික රෝහලේ,නෙවිල් ප්‍රනාන්දු රෝහල හා සෙන්ට්‍රල් රෝහල්වලින් ගත් ප්‍රතිකාර සහ ශල්‍යකර්ම තොරතුරු ලබාගත් බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (08) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත බී වාර්තාවක් ගොනු කළේය.
විද්වත් වෛද්‍ය මණ්ඩලයේ පරික්ෂණ අවසන් කර නැතැයි ද රහස් පොලිසිය කීවේය.
සෝභිත හිමියන් හෘද ශල්‍යකර්මයකට භාජනය කිරිමෙන් අනතුරුව සිංගප්පුරුවට රැගෙන යාමත් පසු 2015.11.08 දින අලුයම සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේදී අපවත්වීම සම්බන්ධයෙන් සැකයක් පවතින බව සඳහන් කරමින් පොල්හේන්ගොඩ පාර කිරුළපන සිරි ඇලන් මැතිනියාරාමයේ උඩුවේ ධම්මාලෝක හිමි පැමිණිල්ලක් කැර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd