(අංජුල මහික වීරරත්න)
කාර්යක්ෂම සහ ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ඇති කිරීමට විදුලියෙන් ධාවනය වන බස් රථ 50ක් යොදාගෙන "ඊ බස්රථ" නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
ලක්දිව ඉංජිනේරු ආයතනය මගින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය .
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙම අදහස් පළ කර සිටියේ "ස්ථාවර රටකට සැවොම එක මඟකට " මැයෙන් අද (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
විදුලියෙන් ධාවනය වන බස් රථ ප්‍රචලිත කිරීම සඳහා එම වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කිරීම අමාත්‍යාංශයේ අරමුණ බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි පොඩි කාලේ ඉදලා නියමු ව්‍යාපෘති කොලා මුන්. හුගක් ඒවා ෆේල් . දේශපාලන අම්බරුවන්ට දෙන ප්‍රසිද්ධිය කැලේ ඉන්න අලින්ට දුන්නා නම් අඩුම ගානේ සංචාරකයෙක් හරි වැඩිපුර එයි.
මොනවිදියෙන් හරි කමක් නැහැ රටක සංවර්ධනයට දායක වන ප්‍රධාන අංශයක් වන ගමනාගමන සේවය දියුණු කරනවානම්
තවත් ගැහිල්ලක් තමයි... මේ බංකොළොත් වෙලා ඉන්න වෙලාවේ අත්හදා බැලීම් තියෙන ඒවා යාවත් කාලීන කරලා තවතවත් ට්‍රැෆික් බ්ලොක් නොකර මිනිස් ශ්‍රමය, කාලය අපතේ නොයවා විධිමත් ක්‍රමයක් හදන්න පුළුවන්... 2048න් පස්සේ සලකා බැලුවොත් හොඳයි නේද?
මේක එන්නේ 2048ද?
තියෙන බස්වත්,හරියට නඩත්තු කරගන්ඩ බැරුව ,දුවගන්ඩ බැරුවයි ඉන්නේ?