IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘විදුලියට,වතුරට,බෙහෙතට වැට් නෑ : හලෝවට එයි‘

එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බදු සංශෝධනය මගින් කිසිදු අත්‍යවශ්‍ය භාණ්ඩයක මිල වැඩි නොවන බව මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (20) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.

නව බදු සංශෝධනය අනුව පෞද්ගලික සෞඛ්‍ය සේවාව සඳහා වැට් බද්ද ඇතුළත් කර ඇති බවත් මෙහිදී ඖෂධවල මිල කිසිදු ආකාරයකින් වැඩි නොවන බවත් ඇමැතිවරයා කීවේය.

මැයි 2 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත නව වැට් බදු සංශෝධනයෙන් විදුලිය, ජලය, දේශීයව නිෂ්පාදනය වන එළවළු, පළතුරු, නැවුම් කිරි ආදිය නිදහස් කැර ඇති බවත් ඇමැතිවරයා කීය. බදු සංශෝධනයෙන් විදුලි සංදේශ සේවා හා පෞද්ගලික සෞඛ්‍ය සේවා සඳහා මිල වැඩිවීමක් සිදුවනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

පෞද්ගලික රෝහල්වල සේවා සඳහාවන ගාස්තු පමණක් වැඩි වන බවත් මෙම බදු මුදල් රාජ්‍ය අංශයේ සෞඛ්‍ය සේවාව වැඩිදියුණු කිරීම සඳහා යොදවන බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය. ඇමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ පෞද්ගලික වෛද්‍යවරුන් සිදුකරන චැනල් සේවාවන්හි අයකැරෙන මුදල උපරිමය රුපියල් 2000කට සීමා කර ඇති බවත් පශ්චාත් වෛද්‍ය සේවය ශ්‍රී ලංකාවේ වැඩිදියුණු කිරීමට පියවර ගන්නා බවත්ය. ශ්‍රී ලංකාවේ සැත්කමකින් පසු වෛද්‍යවරයා රෝගියා සමග නොසිටින බවත් අඩු ගණනේ පැයක්වත් රෝගියා සමග සැත්කමින් පසු සිටිමට කටයුතු සලස්වන බවත් කී සේනාරත්න මහතා තමාගේ සැත්කමක් සඳහා සිංගප්පූරුවේ රෝහලකට ඇතුළු වූයේද එම රටවල ඇති පශ්චාත් වෛද්‍ය සේවයේ ගුණාත්මක භාවය නිසා බව පැවසීය.

රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනයට සාපේක්ෂව රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු සමාගම්වල වැටුප් සංශෝධනය කිරීමට රජය පියවර ගෙන ඇති බවත් මූලික වැටුපට ලබාදෙන විශේෂ දීමනාව හා රුපියල් 10,000ක් වූ අන්තර් දීමනාව 2016 ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක පරිදි ඔවුනට හිමිවන බවත් ඇමැතිවරයා කීවේය.

laxmanweb_2016420

Capture



අදහස් (0)

‘විදුලියට,වතුරට,බෙහෙතට වැට් නෑ : හලෝවට එයි‘

සේනක Wednesday, 20 April 2016 11:26 AM

පසුබිමේ පෙනෙන පුවරුවේ සිංහල සහ දෙමල යන වචන ඉංග්‍රීසි වචනයට වඩා පුංචි වෙන්නේ කොහොමද ? ඇරත් දෙමල භාෂාව තුන්වෙනි තැනට වැටුනේ කොහොමද? (අ)

:       0       0

විහඟ Wednesday, 20 April 2016 11:27 AM

එක එක බොරු කියන ගමන් සල්ලි ගරා ගන්නවා දුප්පත් මිනිස්සුන්ගෙන්. ඔය සූරා ගන්න සල්ලි ජනතා සුභ සාධන වලට යොදවයි කියල නම් හිතන්න එපා.(අ)

:       0       0

රොකී Wednesday, 20 April 2016 03:04 PM

බදු අයකරන්නේ නැතුව ඇමැති හමුදාව නඩත්තු කරන්නේ කොහොමද? (බ)

:       0       0

නුවන් Wednesday, 20 April 2016 08:48 AM

දැන් එහෙනම් කෝල් අරන් ඉවරයි.(හේ)

:       0       0

රොහාන් Wednesday, 20 April 2016 09:15 AM

අනේ මන්දා මෙහෙමත් ආණ්ඩු (බ)

:       0       0

රන්ජන් Wednesday, 20 April 2016 09:49 AM

රජයේ අ ය හැරුන විට පුද්ගලික සේවයේ නියුතු අයට මොකද වෙන්නේ ඔබට මේ අය අමතක වුණාද? (ම)

:       0       0

ඩිලාන් Wednesday, 20 April 2016 11:01 AM

හලෝවටත් නැතිවුණා නම් තමයි හොඳ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 54 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site