විදුලිබල මණ්ඩලයේ සේවක අර්ථ සාධක අරමුදලේ රුපියල් කෝටි දෙකකට අධික මුදලක් පීපල්ස් ලීසිං සමාගමේ තැන්පත් කළ බව පවසා වංචා කළ බවට චෝදනා කරමින් එම සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිට සහ සෙනිත් ට්‍රස්ට් සමාගමේ අධ්‍යක්ෂවරු තිදෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් පැවරුණු නඩුව දෙසැම්බර් පළවැනිදා කැඳවීමට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඔවුනට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කළේය.

පැමිණිල්ල නොදත් පිරිසක් සමග එක්ව සිදුකළ කුමන්ත්‍රණයකට අනුව මාස නවයකදී රුපියල් කෝටි දෙකකට අධික මුදලක් මෙලෙස වංචා කළ බවට නීතිපතිවරයා විසින් චෝදනා තුනක් යටතේ නඩු පවරනු ලැබ ඇත.