අම්බලන්තොට රිදියගම ධිවර ගම්මානයේ විදුලිය නොමැති නිවසකට විදුලිබල මණ්ඩලයේ සේවකයෝ තම  මුදලින් විදුලිය ලබා දුන්හ.

හම්බන්තොට ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයේ අනියම් පත්වීම් ලබා සිටි සේවකයෝ පිරිසක් ස්ථීර කිරීමෙන් පසු , පළමු වැටුප  පරිත්‍යාග කරමින් අඩු ආදායම් ලාභී පවුලක් ජීවත් වූ අම්බලන්තොට රිදියගම ධීවර ගම්මානයේ නිවසට විදුලිය ලබා දුන්හ.

හම්බන්තොට ප්‍රාදේශිය විදුලි ඉංජිනේරු කාර්යාලයේ ප්‍රධාන විදුලි ඉංජිනේරු ප්‍රසංග කඹුරුගමුව මහතා හා ස්ථීර පත්විම් ලද සේවකයෝ පිරිසක්  ද සහභාගී වූහ.