IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


විදුලි වර්ජන තහනමට විදුලි කොටයි

ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය සිකුරාදා දහවල් සිට ඇරැඹූ වැඩ වර්ජනයට වාරණයක් නිකුත් කරන්නැයි ලංකා විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කෙළේය. පැමිණිලිවලින්  ඉල්ලා සිටින කරුණ ප්‍රමාණවත් නොවීම ඊට හේතුව බව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු  ධම්මික ගනේපොළ ප්‍රකාශ කෙළේය.



අදහස් (0)

විදුලි වර්ජන තහනමට විදුලි කොටයි

රුවින් Sunday, 08 July 2012 02:35 PM

මේවයේ ඉන්නේ අයිස් ගහන කට්ටිය , ඔක්කොම එලියට දාපල්ලා

:       0       0

හේමන්ත Saturday, 07 July 2012 09:57 PM

කුමාර දන්නවාද විදුලි බල මණ්ඩලයේ සේවක පඩි විස්තරය???? ඉංජිනේරැවකුට Rs 80,0000/- සිට 300,0000/-, ES කෙනෙකුට 75,000/-සිට 250,000/-. නුපුහුණු කම්කරැ Rs 50,000/- සිට 150,000/-. රියදුරැ කෙනෙකුට Rs 75,000/-සිට 125,000/-. ලිපිකරැවකුට Rs 50,000/- සිට Rs 100,000/-. මනුකියවන්නකුට Rs 60,000/- සිට Rs 125,000/-. Man power සේවකයකුට දවසකට Rs 650/-.

:       0       0

කම්කරුවා Friday, 06 July 2012 08:42 PM

මේ රටේ සාමකාමීව වර්ජනය කරන්නවත් නිදහසක් නැද්ද?

:       0       0

ආචාර්ය වසන්ත ලියනගේ Saturday, 07 July 2012 01:22 PM

වැඩ වර්ජනයක් යනු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක අවසන් පියවරකි. වෘත්තීය ගැටළුවක් විසඳා ගැනීමට ඊට පෙර ගතහැකි සියළු ක්‍රියාමාර්ගයකින් අසාර්ථක වූ විට වැඩ වර්ජනයකට යාම මගින් එම ගැටළුවලට විසඳුම් ලබා ගැනීමට උත්සාහ කිරීම වෘත්තීය අයිතිවාසිකමකි. එම අයිතිවාසිකම ක්රිැයාත්මක කිරීම වැළැක්වීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ගයන් ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන කිසිවෙකු විසින් කළ යුත්තක් නොවේ. එසේම වෘත්තීය සමිතියක සැබෑම ජයග්‍රහණය වනුයේ වැඩ වර්ජනයකට යාමට පෙර ගතහැකි සාකච්ඡාමය ක්‍රියාමාර්ගයකින් සිය වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීමට හැකිවීමයි. ඕනෑම වර්ජනයක් නිසා පොදු මහජන මුදල් අපතේ යෑමක් සිදුවන බැවින් වර්ජනයක් මගින් ලබන ජයග්‍රහණයේ පෙනෙන වටිනාකමට වඩා නොපෙනෙන හානිය වැඩිය. සියළු වෘත්තීය සමිති මෙසේ කටයුතු කරන්නේ නම් වටී. එසේ වුවද අත්‍යවශ්‍ය වන අවස්ථාවක වැඩ වර්ජනය කිරීම සඳහා වූ වෘත්තීය අයිතිවාසිකමට පාලන පක්ෂයද පොදු මහජනතාවද ගරුකළ යුතුය.

:       0       0

රසිකා Monday, 09 July 2012 08:45 AM

හේමන්ත විස්තර කරන්නෙ ලංකා විදුලි බල මණ්ඩලයේ පඩි නොවේ. USA වල එම ක්ෂේත්‍රයේ පඩි

:       0       0

කපිල Sunday, 08 July 2012 08:52 AM

අනේ හේමන්ත, ඔයා ඔහොම කියන්නේ වැටුප් වාර්තා දැකලද?

:       0       0

jayantha Saturday, 07 July 2012 05:32 PM

ඔතන ඉන්න අය එලවන්න

:       0       0

ක්‍රිෂාන්ත Saturday, 07 July 2012 05:59 PM

දැන් වැඩකරන ජනතාව මර්ධනය කරන්න ව‍ගේ යන්නෙ..

:       0       0

කුමාර Saturday, 07 July 2012 07:34 PM

මේ වැඩ වර්ජනයේ සාධාරණ ඉල්ලීමුත් තියෙනවා. කොත්නත්‍රාත් නැත්නම් මැන්පවර් විදියට ගන්න සේවකයකුට කීයද ගෙවන්නේ. ස්ථිර සේකයාට ගෙවන පඩියෙන් භාගයයි. ඒකනේ හැම ආයතනයකම ස්ථිර සේවකයෝ ගෙදර යවන්නේ. පාලකයෝ සැප වින්දම ඇති අලුතෙන් රැකියාවට එන සේවකයෝ දුක් වින්දට කමක් නෑ මනුස්සයන් විදියට ඉතන්න.

:       0       0

නිරන් Saturday, 07 July 2012 09:44 AM

ඒකාධිපති පාලනයට පහර...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 33 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 123 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site