දිනෙන් දින ඉහළ යන බලශක්ති අර්බුදයට විසඳුමක් ලෙස පෞද්ගලික අංශයේ සේවා ස්ථානවල මෙන්ම රාජ්‍ය අංශයේ ආයතනවලටද විදුලි බලය කළමනාකරණය කිරීමේ නිලධාරියකු පත් කිරීමට තමන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයට යෝජනා කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
සුනිත්‍ය බලශක්ති අධිකාරිය සංවිධානය කළ ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන උළෙලට සහභාගි වෙමින් මේ බව පැවසූ ජනපති කියා සිටියේ ඛනිජ තෙල් මෙරටට ගෙනඒමට පමණක් වාර්ෂිකව වැය කරන මුදල අමෙරිකා ඩොලර් මිලියන 4200කට වැඩි බවය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටි ක්‍රිෂාන්ත කුරේ, තුසිත හල්ලොලුව සහ ෂාරුක් ෆෙරෝ යන යහපාලන මහත්වරුන් එළවා, මොබිටෙල් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් කළ නමුත් දුම් සහතික කප්පම් ගෙවන ලාෆ් වෑගපිටිය යලි ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයට කැන්දා ගැනීමත් සමග ටෙලිකොම් මොබිටෙල් සභාපති කුමාරසිංහ සිරිසේන මහජන මුදල් රුපියල් මිලියන 11400 ක අහස පොළොව නුහුලන ගැහිල්ලකට අර අඳින බව වාර්තා වේ. (බ)
වැඩක් වෙනවනම් කම් නැත. නිලධාරින් පත් කිරීමම නොවේ. ඔවුන් නිසි පරිදි වැඩ කරනවද යන්නත් සොයා බැලිය යුතුයි. හිතවත් අයට පත්වීම් දීමෙන්ම ගැටළු වලට විසදුම නොලැබේ. (බ)
ප්‍රධාන නගරයේ හා අවට ඇති රජයේ ගොඩනැගිලි වල පිහිටවා ඇති රාජ්‍ය ආයතන වලින් වැඩි කොටසක් සියලු කටයුතු කරනුයේ දිවාකාලයේ පමණි. එම ආයතන වලට අවශ්‍ය විදුලි පහන් දැල්වීම සදහා සුර්ය බල ශක්තිය ප්‍රයෝජනයට ගතහොත් ප්‍රධාන විදුලි පද්ධතියෙන් වැය වන මහා විදුලි ඒකක ප්‍රමාණයක් අපට ඉතිරි කර ගත හැකිවනු ඇත (බ)
මට හිතෙන්නේ අර ...ගල් අඟුරු බලාගාර ලංකාවට ගෙනෙන්න කෑගහපු , 18 වන සියවසේ ජිවත්වන...සියඹලා ..වැනි නමක් තියන උපදේශකයාව පත් කරයි වගේ. (බ)
රජයේ හැම ආයතනයකටම මේ සඳහා විදුලි බල මණ්ඩල/ ලෙකෝ මඟින් කාර්මික නිලධාරියෙක් පැය 24 පුරාවටම පත්කරලා ඉන්නවා නේද? (නි)
ගරු ජනාධීපතිතුමනි, රැකියා විරහිත තරුණ තරුණියන්ට වාහන පර්මිට් එකක් ලබා දෙන්න කියල ඉල්ලීමක් කරන්න කැමතියි. මේ පර්මිට් එක රස්සා කරන අයට විකුණලා අපිට පුළුවන් ස්වයං රැකියාවක් පටන් ගන්න. (ම)
දැන් ඉතින් ඔක්කොම හරි (නි)
ඔක්කොම බොරු දේවල් .. ඔය පත් කරන ඕනෑම නිලධාරියෙක් සල්ලි වලට ඕන දෙයක් කරනවා .. විදුලි බල මණ්ඩල/ ලෙකෝ ආයතන වල සුරිය බල ශක්ති අවසර දෙන්න 25000ක් විතර නිකන් මුදලක් අය කරනවා (බ)
හොඳ යෝජනාවක් (නි)
මෙම දශක කීපය තුළදී රජයේ ගොඩනැගිලි වල විදුලි වියදම සිය ගුණයකින් පමණ වැඩිවී ඇති නිසා ජනාධිපතිතුමගේ යෝජනාව කාලෝචිතය (නි)
බොහොම හොඳයි (නි)