(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

විදුලි බිල වහා පහත හෙලීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය සංවිධානය කළ පා ගමන හා විරෝධතා පෙළපාළියට දෑස බාධා කිරීමත් සමඟ කොළඹ අවිස්සාවේල්ල හයිලෙවල් මාර්ගය දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ.

උද්ඝෝෂණ පාඨ කියමින් පන්දම් ඇතැතිව විරෝධතාකරුවන් පන්නිපිටිය හන්දිය සිට මහරගම නගරයට පෙළපාලියක යාමට සූදානම් වීමේදී පොලිසිය ඊට බාධා කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හට ගැනීනි.

මෙහිදී පොලීසිය හා විරෝධතා කරුවන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවීමත් සමග මෙම තත්ත්වය හට ගැනිණි.

මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ කොළඹ දෙසට මංතීරුව සම්පූර්ණයෙන්ම අවහිර වීම නිසා හයිලෙවල් මාර්ගය දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ.