විදුලි බිල වැඩි කිරීමට එරෙහිව ආණ්ඩුවට විරුද්ධව විපක්ෂය විසින් මාතර ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම වෙත ඉදිරිපත් කැරුණු යෝජනාවක් වැඩි ඡන්ද හතකින් ජයග්‍රහණය කළේය.
යෝජනාවට පක්ෂව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හත් දෙනා සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා ඡන්දය ලබා දුන්හ.
ආණ්ඩුපක්ෂයේ චන්ද්‍රසිරි දේවසුරේන්දු මන්ත්‍රීවරයා පමණක් යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් අතර ලසන්ත සංජීව, සමන් මහේෂ්, විමල් ප්‍රිය ජනක, කුමුදු දේවරාජ් සහ නිහාල් සමරසිංහ මහත්වරු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියහ.
මාතර ප්‍රාදේශීය සභාවේ මුළු සබික ධුර 18කි. ආණ්ඩු පක්ෂයේ 10ක් සහ විපක්ෂයේ අටක් වශයෙනි.
සභාපති ලැනී බී හේවගේ සහ මන්ත්‍රී ඒ නෙත්තිකුමාර මහත්වරු සභාවට පැමිණ ඡන්දය විමසීට පෙර පිටව ගියහ.
ආණ්ඩු පක්ෂයේ තවත් මන්ත්‍රීවරු දෙදෙනකු පැමිණ සිටියේ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන පක්ෂයේ හිටියත් වරදට එරෙහි විය යුතුයි. සිරිල් මැතිව් වගේ මහත්වරුන්ව ගෞරවයෙන් සිහිපත් කරනවා. (ත)
ඒක්සත් ජාතික පක්ෂෙය් මන්ත්‍රී තුමන්ලාටත්, චන්දය නොදුන් හා සභවෙන් පිටව ගිය මන්ත්‍රී තුමන්ලාටත්, සභාපති තුමාටත් අපේ ප්‍රනාමය. ඔබලාට අප දුන් චන්දයට ඔබ ණය නැත.(නදී)
චන්ද්‍රසිරි දේවසුරේන්දු මන්ත්‍රීවරයා අවස්ථාවාදියෙක්.(නදී)
අඩු කළත් ඕන ගාන වැඩිකරන් ඉවරයි. අපි දන්නවනේ මෙයාලා ජනතාව අන්දන හැටි. දැන් ඉතින් ප්‍රසස්ති ගායනා කර ගනීවි.(නදී)
ඔය වගේ යෝජනා ඔතැන සම්මත කරලා වැඩක් නැ රට කරවන දියවන්නාවේ ඔය යෝජනාව සම්මත කරගන්ට බලන්න (අ)
මාතර ප්‍රාදේශීය සභාවේ විදුලි බිලත් මෙතුමාටම ගෙවන්න කියා යෝජනා කරමි! (නි)
කතාව ඇත්ත
අම්මෝ දේවසුරේන්දු මන්ත්‍රීතුමෝ, ඔහොම කරන්න එපා දෙයියෝ! (නි)
"ආණ්ඩුපක්ෂයේ චන්ද්‍රසිරි දේවසුරේන්දු මන්ත්‍රීවරයා පමණක් යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් අතර" සමාගමෙන් ලොකු තෑග්ගක් ලැබෙයි. (නි)
ලිඛිතව ඔය දේවල් සම්මත වුණත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙයිද කියලා සැකයි. වැඩිකළොත් වැඩිකලාමනේ හැමදේම. (නි)
ආණ්ඩුවේ නරක කාලයෙ (අ)
අන්න නියම හොද කොල්ලෝ.... (නි)
ආන්ඩු පක්ෂෙ ඉන්න අයට කමක් නැතුව ඇති. ඒකයි ඡන්දෙ දුන්නෙ නැත්තෙ (නි)
වහා අඩුකරනු. (ස)
යෝජනාව මොකක්ද ?ජනතාවගේ ජයක්. එහෙනම් ජය වේවා! (නි)
අපේ ප්‍රණාමය මාතර ප්‍රාදේශීය සභාවේ බුද්ධිමත් මන්ත්‍රීවරුන්ට. අනෙකුත් ප්‍රාදේශීය සබාත් මෙවැනිම යෝජනා සම්මත කළ යුතු වෙනවා. (නි)