විදුලි ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් 2008 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවට අනුකූලව විදුලි ගාස්තා සංශෝධනය සිදු කළ බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නෙරිල් පුල්ලේ මහතා මෙම දැනුම් දීම කළේ නව විදුලි ගාස්තු සංශෝධනයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ කැඳවූ අවස්ථාවේදීය.
මෙම පෙත්සම අගවිනිසුරු මොහාන් පීරිස්, සත්‍ය හෙට්ටිගේ සහ පී ඒ රත්නායක මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
මෙම පෙත්සම අධිකාරණය හමුවේ සලකා බලූ අවස්ථාවේ නීතිපති වෙනුවෙන් පෙනී සිටි නෙරින් පුල්ලේ මහතා කියා සිටියේ විදුලි බල මණ්ඩල පනත සංශෝධනය කිරීමෙන් පසු විදුලි ගාස්තු සංහෝධනය කිරීම පිළිබඳ පූර්ණ බලය හිමිව ඇත්තේ මහජන උපයෝගීතා කොමිෂමට බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමල් කියන දේ නම් එයා හරියට ගලපලා කියලා තියනවා. (නි)
මෙතන ප්‍රශ්නේ දැන් රටේ ඉන්නේ 2008 හිටපු අපි නෙමෙයි. අපි එදාට වඩා බොහොම දුප්පත්, අහේනියට පත්වෙලා. එදා නීතියකට අනුව කියලා 100% කින් වැඩිකළ බිල් ගෙවන්න අතේ සල්ලිත් නැහැ. නීතිය මිනිසා වෙනුවෙන්ද නැත්නම් මිනිසා නීතිය වෙනුවෙන්ද කියලයි දැන් සළකා බලන්න තියෙන්නේ මගේ හිතේ. (නි)
මම මේ අහන්නේ මෝඩකමටයි. අර අකුනු සැර වලින් ලැබෙන විදුලිය අපට ප්‍රයෝජනයට ගන්න ක්‍රමයක් නැද්ද? (නි)
හොරාගේ අම්මගෙන් පේන අහනවා කියන්නේ ඕවට තමා.(නදී)
මතකද පෙට්‍රල් රුපියල් 100ට දෙන්න ඉස්සෙල්ලා දුන්න තීන්දුව? මගේ අප්පේ! (නි)
නියම දෝෂාභියෝගයකින් බේරුනා.(නදී)
උසාවියටත් විදුලි බිල ආවහම රගේ බලාගන්න පුළුවන්. (නි)
කමල් ඔබේ පැහැදිලි ප්‍රතිචාරයට තුති! ඔබේ අදහස පාර්ලිමේන්තුවට යවන්න වටිනවා. එතකොට තමයි සමහරුන්ට තරු පෙනෙන්නේ! (නි)
කොහොම ගැහැව්වත් භූම රංගයක් වගේ දුප්පත් මිනිහගේ පැත්තට තමයි ආයේ එන්නේ.(නදී)
ඔයාල විදුලිබිලට මට බැනල හරියනවද? ඔයාලගේ විදුලි බිලෙන් සීයට හැත්තෑ පහක් ඔයාලා ගෙවන්නේ ඇමති මණ්ඩලයේ බිලෙන්. මට බනින්න එපා මගේ බිල මාසෙටම අනුපන්දාහයි. ඒකෙන් පාලොස් දාහක් මම ගෙවනවා. ඉතිරි සොච්චම තමයි ඔයාලට ගෙවන්න තියෙන්නේ. දැනගනිල්ලා.(නදී)
ඒ කියන්නේ අද සිට ක්‍රියාත්මක වන විදුලි බිල තව කල් ගිහින්ද ? සිරස්තලයෙන් කියවන දේ ප්‍රවුර්තියේ පහේදිලි නැහැ නේ.(නදී)
ආණ්ඩුව කරන ඕනෑම වැරදි වැඩක් හෝ වැරදි තීරණ හරි කියන මිනිස්සු මේ රටේ ඉන්නතාක් කල් මේ රට හදන්න බැහැ. අනිත් අය ආණ්ඩුවෙන් ලබා ප්‍රයෝජන ගන්න බලාගෙන වැරදි උපදෙස් ආණ්ඩුවට දෙන අය. (නදී)
එහෙනම් ඒකටත් අර කොළොන්නාවේ මිනීමැරුමට වුණ දේම වෙයිද කියලා මට බයයි.(නදී)
දුප්පත් මිනිහට තමයි හැමදාම වරදින්නේ (නි)
මේ ප්‍රශ්නෙ ඉවර වෙන්න නම් අගේ ඉදන් කන කන අය අයින් කරන්න ඕනෑ. (අ)
එදාට වැඩිය අද අපි අසරණයි (නි)
උපාලි , ඔයාගේ කතාව මුළු රටම අනුමත කරනවා. එදාට වඩා අද අපි අසරණයි.(නදී)
විදුල බිල වැඩි වෙනවාට කැමැති කොටසක් සහ අකමැති කොටසක් රටේ ඉන්න බව පෙනේ. කැමැති අයගෙන් අය කිරීමටත් අකමැති අයගෙන් අය නොකිරීමටත්, කැමැති අය හරහා විදුලි බල මණ්ඩලයේ අලාභය පියවා ගැනීමටත් ක්‍රමවේදයක් සකසමු. (නදී)
කමල් හරියට හරි. මමත් ඒකට එකගයි (නි)