
(නිමල කොඩිතුවක්කු)
විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඉදිරියට නියමිත විදුලි ගාස්තු සංශෝධනයේදී 25% ත් 30% අතර ප්‍රමාණයකින් විදුලි ගාස්තු වැඩි කිරීමකට රජය දරණ උත්සාහය වහාම නතර කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
රු 9000 විදුලි බිල රුපියල් 6000 දක්වාත්, රුපියල් 3000 විදුලි බිල රුපියල් 2000 දක්වාත් 33% අඩු කරන බවට, වත්මන් ජනාධිපතිවරයා මැතිවරණයට පෙර ජනතාවට දුන් පොරොන්දුව අමතක කරමින්, රටේ ජනතාව පීඩාවට පත් කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බවත් නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂනායකවරයා පැවසීය.
එහි තවදුරටත් මෙසේද සඳහන් වේ.
“වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය බලයට පත්වීමට පෙර මෙරට ණය තිරසරකරණ විශ්ලේෂණය යළි සමාලෝචනය කරන බවට ජනතාවට දුන් පොරොන්දුව අමතක කරමින්, පෙර පැවති රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට යාමේ ප්‍රතිඵල ලෙස මෙලෙස විදුලි ගාස්තු වැඩි කිරීමකට රජය යොමු වීමේ තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ජූලි මාසයේ පැවැත්වීමට නියමිත සමාලෝචනයට පෙර විදුලි ගාස්තු වැඩි කරමින් කොන්දේසි සම්පූර්ණ කිරීමේ මෙහෙයුමක රජය නිරතව සිටින බව දැන් මනාව පැහැදිලි වේ.
පසුගිය වසරේ ලාභ ඉපැයූ ලංකා විදුලි බල මණ්ඩලය පෙබරවාරි මාසයේ සිට පාඩු ලබන බවත්, එය සංඛ්‍යාත්මකව රු බිලියන 271.1 පමණ වන බවත් පවසමින් මේ සැරසෙන්නේ එදා ජනතාවට දුන් පොරොන්දු කුණු කූඩයට දැමීමට බව හොඳින්ම පෙනෙන්නට තිබේ. මීට පෙරද වත්මන් විදුලි බල අමාත්‍යවරයා ප්‍රමුඛ රජය විදුලි ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බව ප්‍රකාශ කරද්දීත්, විපක්ෂය ලෙස අපත්, විදුලි පාරිභෝගික සංවිධානත් නැඟූ හඬට ප්‍රතිචාර දක්වමින් මහජන උපයෝගීතා කොමිසම ජනවාරි මාසයේදී 20% කින් විදුලි ගාස්තු අඩු කිරීමට කටයුතු කළ ආකාරයද සිහිපත් කරනු කැමැත්තෙචි“ යැයිද එහි සඳහන් වේ.
2025 නොවැම්බර් මස 04
682
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2351
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1728
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘‘විදුලි පාරිභෝගික අයිතීන් සුරකිනවා‘‘
පොඩිඑකා Monday, 12 May 2025 06:52 AM
මැයි රැලියෙදි අපි දැක්කනේ පෙලගස්සන අපූරුව...!
දලුවගෙදර Monday, 12 May 2025 07:53 AM
ණය ගෙවන්න ක්‍රමයක් යෝජනා කරන්න, විදුලිය විතරක්ද ප්‍රශ්නය?
Kamal Koyrala Monday, 12 May 2025 12:17 PM
අන්නුගේ කතා වලට තමන් පොර වෙන්න යන්න එපා. නගර සභාව බලා ගන්න, පාරිභෝගික අධිකාරිය, පාඨලී, ගුණරත්න මෙයාලා ගැන කටයුතු කරන්න කියලා ඔයාට කලින් කීවානේ .නේ නේ
ගමේ එකාලා Monday, 12 May 2025 03:31 PM
පක්ෂයවත් හරියට කරගන්න බැරුව කයිවාරුව නම් තියෙනවා. ළාමක ටින් ටින් පහුගිය කාලවල පුරාවටම කියපු කරපුවා අපි නොදන්නවා නොවෙයි...