‘හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට සහාය දෙන විට රාජපක්ෂ පවුලේ අනික් අය ගෝල බාලයින් ඉදිරියට දමා එල්ල වන චෝදනාවලින් පැන යාමට උත්සාහ දරනවා‘ යැයි ආයෝජන ප්‍රවර්ධන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා අද (23) මාධ්‍ය හමුවකදී කීවේය.
ජාත්‍යන්තරයෙන් චෝදනා එල්ල වනවිට රට වෙනුවෙන් විදුලි පුටුවට වුණත් යන්න සූදානම් යැයි පැවසූ අයට අල්ලස් කොමිසම ප්‍රශ්නයක් ඇසුවාම ඊට උත්තරයක් දෙන්න බැරිවීම එම ජනතාවටම ද්‍රෝහි වීමක් යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
බැසිල් රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් නොවන බවත් එය අධිකරණ ක්‍රමවේදයකට අනුව ක්‍රමානුකූලව සිදුවූවක් බවත් එදා හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක, හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්ම මහත්මීන් පවා අධිකරණයට නිර්භයව මුහුණ දුන් බවද වික්‍රමරත්න මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඉන්න 50% ක් නියම සිංහල ඉතිරි 50% ලියන්නේ නැහැ හිතා ගන්න. වැරැද්ද කාගේද කියල ........... අහන්න.(ස)
ඡන්දයක් දිනන්නේ නැතුව රටට හරි සේවයක්වත් නොකර ජාතික ලැයිස්තුවෙන් ආපු කෙනෙක් උඩ පනින්නේ මොකද. ඉස්සෙල්ල ඡන්දයක් දිනලා ඊට පස්සේ කට අරින්න. (ස)
සමහරුන් කොමෙන්ට් දාන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ.ඉරාන් කියන දේ ඇත්ත ,අල්ලස් කොමිසමට යන්න බය මොකද (බ)
මේ කොහේ හිටපු කෙනෙක්ද? එරන් කියන කෙනා වෙන්න ඇති රටේ යුද්දය ඉවර කරලා දුන්නේ? තව ටික දවසක් ඉවසල ඉන්නකෝ (බ)
මමත් ගියේ රෝයල් තමයි. දැන් සමහරුන් ඒකාලෙත් පිරුණු කලේ දිය නොසැලේ කතාව දැනගෙන හිටියේ නැහැ. අදත් කරන්නේ කියන්නේ ඉගෙනුම ලැබූ පාසලටත් නින්දාවෙන දේ තමයි (බ)
මෙයා කියන දේ කෙසේ වෙතත් බණ්ඩාරනායක පවුලට වැඩිය තමන් ඉහලයි කියල පෙන්වන්න පුදුම උත්සාහයක් නේ දැරුවේ. (ස)
කලින් රජය කරපු අධිකරණ වැඩ සාධාරණද- කන්න ඕන වුනවිට කබරයා තල ගොයා උනාද (බ)
මේ මොකෙක්ද බොල මේ? (ස)
ජනපති ඇතුළු ව්‍යවස්ථා දායක සභාව මෙම රාජපක්ෂවරු දෙසිය නීතියට යටත් නොවන බව ජාත්‍යන්තරෙන් සහාය ඉල්ලුවානම් සුනේ සූන් තමයි...නීතියට හැමෝම යටත් විය යුතුයි (බ)
මහින්ද ගෝඨා නොහිටින්න සමහර විට ඔය කියන අයත් කොටි බෝම්බවලට ගිහින් (බ)
දිලාන් මහින්දට කඩේ නෙවෙයි සුපර්මාකට් උනත් යන්න අපි ලේස්තියි. (ස)
මෙයා කවුද කොහෙද හිටියේ, අපි වෙනුවෙන් මොනවද කරල තියෙන්නේ? (ස)
මේ කතා කියන අය රටට කළ යහපත මොකක්ද? (නි)
මහා බැංකු බිල්පත් මගඩිය කොහොමද? දඬුවම් දියයුතුයි. (නි)
ඔය මතිතුමාලා යුද්දය කාලයේ කොටින්ට විරුද්දව වචනයක්වත් කතාකරපු අය නෙමෙයි..
උතුරේ යුද්දේ අවසන් කරපු අපේ වීරයා අල්ලස් කොමිසමට යන්න පුදුම බයක් නේ තියෙන්නේ .....මොකද අප්පා ...(ස)
ඉරාන් ඉරාගන්න හදනවද මන්දා. (ස)
මහානාම - කඳාන ..සාම ගිවිසුමෙන් රනිල් ඩොලර් කුට්ටි ගත්ත කියල කියන අවස්තාවදීන්ට තේරෙන්නේ නැති දෙයක් තමයි ඒ අවස්ථාවේ ඒ තීරණය ගැනීමට සිදුවුයේ යුද්ධය නිසා මියයන අපේ හමුදා සෙබළු සහ සාමාන්‍ය ජනතාවගේ ජීවිත බේරාගැනීමට සහ සාකච්චා මාර්ගයෙන් ප්‍රශ්නය විසඳා ගැනීමට අවස්ථාවක් ගැනීමට බව..... කරුණාකර කියන්න යුද්දයෙන් පස්සේ පොඩි කොටි හිරේ ට යවන ගමන් KP ට සහ කරුණට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත්තේ කියල ? කොටින්ගෙන් අල්ලාගත් රත්තරන් වලට වුනේ මොකද කියල ??? මහින්ද යුද්දේ ඉවරකල නිසා වීරයකු වුනාට 2005 මහින්දගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කොහෙද තියෙන්නේ කොටි විනාශ කරලා යුද්දේ ඉවර කරනවා කියලා ??? (ස)
මෙයාටත් තියෙන්නේ හිරේ දමයි කියන බය ද ? (ස)
තව ටික දවසකින් පස්සේ පිනාලට වෙන දේ බලමු.(ස)
"නුහුරු ආභරණ පැළඳගත් කටුස්සා" මගේ යහළුවෙක් ලියාපු කෙටි කතාවක් මතක් වුණා. (ස)
මාර වැඩේ කියන්නේ බයයි, ලෙඩ ගොඩයි (නි)
එරාන් හරි විරයක් වෙලානේ. මෙගොල්ලන් කොහේ හිටපු අයද ? (බ)
ජාත්‍යන්තරයට අවශ්‍ය දෙයයි දැන් බොහෝවිට සමහරු කරගෙන යන්නේ. (නි)
දිනේෂ් කොලේ ඉරාගෙන තියෙන්නේ කවුද? ඔයාලගේ බයියා. (ස)
පිනට මන්ත්‍රීකම ලැබුනම දුර පෙන්නේ නෑ. (ස)
හිරාන් කියන පුද්ගලයාට ශ්‍රී ලංකාව ගැන කැක්කුමක් තියන තියෙනවද ? (ස)
බණ්ඩා එතකොට යුද්දේ තිබ්බ කාලේ ඔයා යාපනේට යන්න බය උනේ නැද්ද??සිංහලයෙක් විදියට ලජ්ජා වෙනවා මනුස්සයෝ. (ස)
මහානාමත් ඉස්පිරිතාලෙට යවන්න. (ස)
සාදු සාදු සාදු! අපිත් ඡන්දෙ දුන්නා තමයි. එහෙත් දැන් ටිකක් දුකයි. (නි)
එයාලටම ගිය රටනේ! (නි)
යුද්ධය අවසන්වෙනවා කියල පෙනි පෙනීත් අලිමංකඩ යනවා කියලා පාමංකඩ යනවා කියලා කිවුවේ ඇයි කියලා අපි දන්නවා. දැන්නම් ඕනෑතරම් වීරයෝ ඉන්නවා කරලා පෙන්නන්න. එත් මහින්ද සහ ගෝඨා නොසිටියා නම් යුද්ධය අවසන්කරලා රට මේ තත්වයට ගෙනෙයිද? (නි)
තරිදු , තමුන්ට ඔහු වීරයෙක් වුණාට මට වීරයෙක් නොවේ. වීරයෙක් නම් කොන්ද කෙළින් තියාගෙන කොමිසමට ගිහින් තමන්ගේ නිවැරදි බව ප්‍රකාශ කරන්න ඕනෑ. (නි)
තාම මහින්දට කඩේයන මිනිස්සු ඉන්නවා! (නි)
දේශපාලනයේදී පිරිසිදු චරිතය මිලකරන්න බැහැ. හරියට මෛත්‍රී වගේ. එහෙම අයට දෙවියොත් වඳිනවා. (නි)
සිංහලයෙක් විදියට හොරකම් කරන්න ලැජජා වෙන්න ඕනෑ නැද්ද එතකොට? (නි)
මොනවද යටයනකොට මොනවද උඩ මතුවෙනවලු.මේ රට වෙනුවෙන් මහින්ද මහත්තයත් ගෝඨාභය මහත්තයත් කළ දේවලුත් මේ ඉරාන් කළ දේවලුත් බැලුවහම ඉරාන් උඩින් ඉන්නවා තමයි (නි)
එයා කොහොම කෙනෙක්ද කියලා අපි දන්නවා (නි)
අපිට නම් එහෙම දෙයක් පෙනෙන්නේ නැහැ (නි)
සමහරු වීරයන් දුෂ්ටයන් කර දුෂ්ටයන් වීරයින් කරන්න හදනවා. (නි)
වීරයා කවුද?ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාද?මහින්ද ද? (ස)
මහා බැංකු වංචාවට රනිල් සහ රවී කරුණානායක වක්‍ර ආකාරයෙන් සම්බන්ද බව කියන්න කොන්දක් නැද්ද ? (ස)
මොනවද යට යනකොට මොනවද උඩ මතු වෙනවලු.මේ රට වෙනුවෙන් මහින්ද මහත්තයත් ගොටාභය මහත්තයත් කල දේවලුත් මේ ඉරාන් කල දේවලුත් බැලුවම ඉරාන් උඩින් ඉන්නවා තමයි. ආණ්ඩුවේ පිනා ඇමතිවරුන් මරු කියවනවා අවසානය ලග එනබව දැනිල.. (ස)
කවුරුවත් කිසිම කෙනෙකුට කඩේ යන්න ඕනේ නැහැ. නමුත් මේ මහත්තයා කියන දේ ඇත්ත, ඔහු ජාතික ලැයිස්තුවෙන් ආවද ? ඡන්දෙ දිනල ආවද කියන එක නෙමෙයි වැදගත්. ඔහු අදහස් කරන දේයි. අනික මහින්ද මහතා වෙනුවෙන් කතාකරන ගොඩක් අය කියන පොදු අදහස් කීපයක් තියෙනව. යුද්ධේ නැවැත්වීම, පාරවල් හැදීම වගේ දේවල්. ඒ ඔක්කොම හරි කියමුකෝ. නමුත් හොරකම් කිරීම ඒවට අදාල නැහැනේ. හොරකම් කරානම්, මිනීමැරුව නම් ඒවට දඬුවම් විඳින්න ඕනේ. නීතිය හැමෝටම පොදු විය යුතුයි. ඕනෙම ආන්ඩුවකට මිනිස්සු බලය දෙන්නේ රට සංවර්ධනය කරන්න තමයි, හොරකම් කරන්න නෙමෙයි. යුද්ධෙ නැවැත්තුවයි කියල පාරවල් හැදුවයි කියල සමහරු හිතන්නෙ රටම ලියල දීල කියලයි. ඒ විදියට තමයි පහුගිය කාලේ කට්ටියගෙ කෙරුවාව තිබුනේ. (බ)
මේ විමුක්ති කියන්නේ අර චැනල් 4 එකෙන් අපේ හමුදාවට අපහාස කරලා පෙන්නපු මඩ වීඩියෝ එක බලලා සිංහලයෙක් වෙලා ඉපදිච්ච එක ගැන ලැජ්ජයි කියපු කළු සුද්දද නැත්නම් එයාගේ හොල්මනද. (ස)
සාජන්ට ඇත්ත ඇහෙනකොට ඉන්න බෑ පිස්සු වගේ. (ස)
ඉරාන් කියන්නේ බැංකුවක සභාපතිවරයෙක් සහ අගමැතිගේ රාජකීය විද්‍යාල සගයෙක්. ලූලා නැති වලට කනයා පණ්ඩිතයෙක් කියලා පෙන්වන්න හදනවද කොහෙද. ඔයිට වැඩිය රටට වැඩක් කරලා කතා කරා නම් හොඳයි.(ස)
සජාන්,රට වෙනුවෙන් අදහස් දැක්වීම රෝගයක්ද? කුෂාන්,කේපි, කරුණා වැරදි නම් අනෙක් ඔක්කොමත් වැරදියි. 1987 - 89 කාලේ ඔබතුමා කොහෙද හිටියේ? කරුණාකර යථාර්තවාදී වෙන්න. ඔබතුමාගේ බුද්ධිමත් අදහස් වලට මම ගරුකරමි. (නි)
තරිඳු, ඔබ සිංහයෙක් වගේ ගොරවන්න හැදුවට, බල්ලෙක් බුරනවා වගේනේ අපිට ඇහෙන්නේ.. නැට්ටක් තිබුනට සිංහයෙක් වෙන්න බැහැ මනුස්සයෝ...(ස)
රට වෙනුවෙන් විදුලි පුටුවට නගින එක ප්‍රශ්නයක් නොවේ , ඒක එතුමා වෙලාවට නගීවි , ජාත්‍යන්තර යට බය නම් , මහින්ද ත් යුද්දේ අකුලා ගන්නවා , රනිල මහතා 2002 කළා වගේ රට පාවා දීල ඩොලර් කුට්ටි ගණන් ගන්නවා , එහෙම නැතිනම් සුනාමි සහන මණ්ඩල්වලින් රට දෙන්න ගියා වගෙ කටයුතු කරාවි 2005 වගේ . නමුත් කොන්ද කෙලින් තියා ගෙන යුද්දේ ඉවරකරපු ලෝකේ පලවෙනි රාජ නායකයා ව අද මේ උසාවි දක්වන්නේ වෙන මොකටත්වත් නොවේ ඩයස්පෝරාව හැපී කරන්නයි ,ඡන්ද පොරොන්දු ඉටු කරන්නයි . අද මේ කතා කරන අය එදා 2009 මුල් කාලයේ යුද්දේ නවත්වන්න මුළු ලෝකෙන්ම බලපෑම් කරද්දී කොහෙද දන්නේ නැ හිටියේ . මෙතැන අය එක්කෝ දන්නේ නැ නැතිනම් හිතා මතා අමතක කරලා , 2008 අග බාගයේ පමණ , සරත් ෆොන්සේකා මහතා වෛකෝ , MGR කරුණා නිධි ඇතුළු තමිල්නාඩුවේ දේශපාලකයෝ ඔක්කොම් ජෝකර් ලා කිව්වා , මෙතනදී මුළු තමිල් නාඩුවේ පක්ෂ විපක්ෂ දේශපාලකයෝ එකතු වුනා ( ජයලලිතා නෝනා ඇතුළුව ) , ඊට පසු ලංකා ආණ්ඩුවට සමස්ත ඉන්දියාවෙන් සමාව ගන්න කිව්වා ෆොන්සේකා මහතා ගේ කතාවට . එදා මහින්ද ඉන්දියාවට ඇරියේ බැසිල් ව ෆොන්සේකා මහතා වෙනුවෙන් සමාව ගන්න . මේක බොරු නම් දන්නා කෙනෙක් කියන්න , මම ඊළගට ලියන්නම් බැසිල් මහතා ඉන්දියාව නම්ම ගෙන 2008 සමුළුවට ලංකාවට ගෙනාව හැටි , එදා ඉන්දියාව ගොඩක් යෝජනා ඉස්සරහට දාල ලංකාවට එන්න බැහැ කිව්වා , මහින්ද ඉන්දියාවට කිව්වා ඒ ඔක්කොම් දෙන්නම් කියලා ඉන්දියාව ගෙන්නුවා , නමුත් කිසිම දෙයක් දුන්නේ නැ , ඒ තරහ අදත් ඉන්දියාවට මහින්ද එක්ක තියෙනවා . මහින්ද මේ දේවල් කලේ එයාගේ පෞද්ගලික වාසි වලට නොවේ , රට වෙනුවෙන් , අද මේ කෑගහන අය ඒවා දන්නේ නැ , නැතිනම් තමා අදහන පක්ෂ වෙනුවෙන් බොරුවට අදහස් දානවා . මේ දේවල් වැරදි නම් මගේ නමින්ම අදහස් පල කරන මෙන් ඉල්ලා සිටීමේ ( කතු තුමනි කැපිමකින් තොරව පල කරන්න ) (ස)
රෝයල් එකෙන් පාර්ලිමේන්තුවට ගිය සමහරුන්ටනම් කොළඹින් එළියේ ඉපදුනු සහ එම පාසලට නොගිය කවුරුත් බයියන් තමයි. ඔයාලාගේ අධ්‍යාපන ඇමතිනේ මහින්ද මැතිතුමාට ගමේ බයියා කිව්වේ ගිය අවුරුද්දේදී. විමුක්ති හිතන්නෙත් එහෙම නම් ඉතින් බයියන් නැති සුරපුරයකට වෙලා ඉන්න. අද ඔයාත් ඔය ඉරාගන කෑගහන ඉරානුත් උඩ පනින්නේ බයියන් ජීවිතය පුදා නිදහස් කරගත් රටක් තිබෙන නිසා. ඒක ගැන ලැජ්ජාවක් නැද්ද.(ස)
විමුක්ති මම අදහස් කරේ කොලයක් ගැන නෙවෙයි. (ස)