වදුරඹ ඉන්දන පිරවුම් හළකට රුපියල් 1000 ක හොර නෝට්ටුවක් දුන් යතුරුපැදි කරුවකු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරිමේදී කොට්ටව නැවුම්ගල හොර නෝට්ටු මුද්‍රණය කළ දුරකථන හළක් සොයාගත හැකි වූ බවත් සැකපිට තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලීසිය කියයි. රුපියල් 5000 හොර නෝට්ටුවක්, 2000 හොර නෝට්ටු දෙකක් 1000 හොර නෝට්ටු 11ක් හා අඩක් මුද්‍රණය කළ 1000 හොරනෝට්ටු හතක් සමග පරිගණක දෙකක්, මුද්‍රණ යන්ත්‍ර දෙකක් හා ස්කෑනරයක් ද සොයාගෙන ඇත.