වදුරඹ ඉන්දන පිරවුම් හළකට රුපියල් 1000 ක හොර නෝට්ටුවක් දුන් යතුරුපැදි කරුවකු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරිමේදී කොට්ටව නැවුම්ගල හොර නෝට්ටු මුද්‍රණය කළ දුරකථන හළක් සොයාගත හැකි වූ බවත් සැකපිට තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලීසිය කියයි. රුපියල් 5000 හොර නෝට්ටුවක්, 2000 හොර නෝට්ටු දෙකක් 1000 හොර නෝට්ටු 11ක් හා අඩක් මුද්‍රණය කළ 1000 හොරනෝට්ටු හතක් සමග පරිගණක දෙකක්, මුද්‍රණ යන්ත්‍ර දෙකක් හා ස්කෑනරයක් ද සොයාගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
515
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වදුරඹත් හොරනෝට්ටු ගහලා
අල්විස් Thursday, 03 April 2014 09:55 AM
තමන් පමණක් පෝසත් වෙන්ට හිතාන කරන මෙවැනි නීති විරෝධී වැඩ කිසිදා සාර්ථක වෙන්නේ නැහැ. අපේ රටේ මුදල් නැතිව දුක් විඳින ජනයා කිසිම හොර වැඩක නොයෙදී ලද දෙයින් සතුටු වෙනවා. ඒ අයගේ අතේ මුදල් නැති වුණාට හිතේ සාමය සතුට පවතිනවා. ඉක්මනින් පොහොසත් වෙන්ට ක්‍රමෝපාය යොදන තක්කඩි රටේ ආර්ථිකය පහත වට්ටනවා. මුන් අල්ලා ගැනීම දිගටම සිදුකර අලුතින් නීති හදලා හරි මේ සමාජ විරෝධී මුර්ගයින්ට බරපතල දඬුවම් දෙන්න.එය අපේ දරුවන්ට කරන සේවයක් වනු ඇත. (ස)
මහේෂ් Thursday, 03 April 2014 11:22 AM
මෙහි සදහන් කෝට්ටාව යනු හයි ලෙවල් පාරේ කොට්ටාව නෙමෙයි ගාල්ලේ තියෙන කෝට්ටාවයි.(නදී)
සජී Thursday, 03 April 2014 11:55 AM
ස්තුති මහේෂ්, වැරදි වැඩ කරලා දැන් ඉතින් විඳවන්න. (ස)
ගන්දර සයිමොන් Thursday, 03 April 2014 01:58 PM
මේ හොර සල්ලි ජාවාරම නිසා මුදල් නෝට්ටු භාවිතා කරන්නේ හරිම බයෙන් ලංකාවේ. මේකට පිළියමක් ලෙස සියලුම නෝට්ටු අවලංගු කර ඒවා වෙනුවෙන් මුදල් කාසි යොදා ගැනිම මෙයට පිළිතුරක් වන්නට පුළුවන්. මොනා කළත් ලංකාවේ ඉන්න අය ඒකටත් හොර වැඩක් කරනවා. (ස)