ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් ඇති වු අමිහිරි කතාවලින් පසුව පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකයෝ සිය තුන් දින සමුළුව අද ( 17) අවසන් කිරීමට නියමිතව සිටිති.
ණය කළමණාකරණය හා කාලගුණ විපර්යාස වලින් සිදුවන තර්ජනවලදී බලවත් රටවලින් පුංචි රටවලට උදව් උපකාර කිරීම පිළිබඳව නායකයන් ඒකාබද්ධ නිවේදනයක් අද නිකුත් කිරීමට නියමිතය.
එහෙත් තිස්හත් අවුරුදු යුද්ධය 2009 අවසන් කරද්දී යුද අපරාධ සිදු වී යැයි දෝෂාරෝපණ හා ප්‍රති චෝදනා වලින් වැසී ගිය සමුළු සාකච්ඡාවල බෙදීම වසන් කිරීමට එක්සත් නිවේදනය සමත් නොවෙතියි කියති.
සමුළුව ඇරැඹිමට පෙර කැනඩා ,ඉන්දියා හා මුරිසි නායකයෝ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියා කලාපයට විරෝධය දක්වමින් සමුළුව වර්ජනය කළහ.
බ්‍රිතාන්‍යය අගමැති ඩෙවිඩ් කැමරන් සමුළුව අමතමින් කියා සිටියේ ශ්‍රී ලංකාව සිය යුද අපරාධ ගැන පිළිගත හැකි පරික්ෂණයක් නොකළහොත් ලබන මාර්තුවේදී එක්සත්ජාතින්ගේ සංවිධානයේදි තමා එම ප්‍රශ්නය මතු කරන බවට අනතුරු ඇඟවීය.
සමුළුවේ සත්කාරකවරයා වු මහින්ද රාජපක්ෂ ජනපති දින තුනේදීම කියා සිටියේ අවසන් යුද්දයේදී සිදු වු දේ ගැන අන්තර් ජාතික පරීක්ෂණයකට ඉඩ දිය නොහැකි බවයි.වීදුරු ගෙවල්වල සිටිනවුන් අනුන්ට ගල් නොගැසිය යුතු යැයි ජනපති කීවේය.
එක්සත් ජාතීන්ගේ හා මානව හිමිකම් සංවිධාන පවසනුයේ හතලිස්දහසක් පමණ දෙනා යුද්ධයෙන් අවසන් දින මිය යන්නට ඇති බවයි.
බ්‍රිතාන්‍යය අගමැති නැගු චෝදනාවට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ ජනපති මාධ්‍යවේදීන් සමඟ පසුව පැවසුයේ ඔහුගේ අදහස්වලට ගරු කරන නමුත් ශ්‍රී ලංකාව තමන්ගේ පරීක්ෂණ සදහා තවත් කාලයක් අවශ්‍ය බවයි.
‘ඔවුන් අප විශ්වාස කළ යුතුයි පීඩනය එල්ළ කිරීමෙන් කිසිවක් සිදුවන්නේ නැහැ .බල කිරීමට හෝ අණ කිරීමට වඩා තව ටික කාලයක් ලබා දීමයි කළ යුත්තේ.’ මහින්ද රාජපක්ෂ ජනපති සමග එම පුවත්පත් සාකච්ඡාවට සහභාගී වු පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේශ් ෂර්මා පැවසුයේ සමුළුව ඉතා අර්ථවත් හා සාර්ථක වු බවයි.
පොදු රාජ්‍යය මණ්ඩලිය සාමාජික රටවල් ගණන 53 කි.නායකයෝ 27 දෙනෙක් ඊට ආහ.
මේ අතර ශ්‍රී ලංකාවේ ගැටුම ගැන විදේශ පරීක්ෂණයක් පැවැත්වීම ට ඉඩ නොදෙන බව ඒ එෆ් පී ප්‍රංශ පුවත් සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කීවේය.
‘ඇයි අන්තර් ජාතික පරීක්ෂයක් ඕනෑ සැබැවින්ම අපි එවැන්නකට ඉඩ නොදෙන්නෙමු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්ද අරාබි ලෝකයේ කරන ලද යුද අපරාධ ගැන කොමිසමක් පත්කලයුතු හොදම වෙලාව. සුද්ද විදුරු ගෙවල්වල ඉදන් ගල්ගහන්න පටන් අරන්. කෙමරන් කරන්නේ ජන්ද ව්‍යාපාරයක්.එංගලන්තයේ දමිල චන්ද ටික ගරාගන්න.(ස)
බය නැතිනමි තව අවුරැදු ගානක් ඉල්ලන්නේ ඇයි ?.වහාම යුධ අපරාධ පරීක්ෂණයත් කරන්න. (ස)
විදේශිකයින්ට අවශ්‍ය වන්නේ දෙමල රජයක් බිහිකිරීමයි.ජනාධිපතිතුමාට මෙම අවස්ථාවේ සියලුම ජනතාව බේද අතහැර සහයෝගය දියයුතුයි. (ස)
මොන අඩු පාඩු තිබුනත් කොන්ද පන තියෙන නායකයෙක් අපිට ඉන්නවා. ගොඩක් සතුටුයි(නදී)
අපි පලමුවන්ම ආඩම්බර විය යුතුයි අපේ රටේ කොන්දපන තියන නයකයක් අපෙට ඉන්න එඅක ගැන.BBC සහ ස්ක්ය් නෙව්ස් හොරණව අපිව පට්ට ගහපු හැටි රට ඉන්න අපි දැක්කා පසුගිය දවස් දෙක ඇතුලත. අපේ ජනාධිපති තුමාට ඉදිරියට යාමට ශක්තිය ධෛර්ය ලැබේවායැයි පතනවා. (ස)
ඉන්දීය නායකයා නොපැමිණියේ තමිල්නාඩු බලපෑම මත බවට ප්‍රවෘත්තිය සංශෝධනය විය යුතුයි (ස)
කොතරම් වියදම් ගියත් ඒක නොසලකා කොටි සංවිදානය ගැනත් ඒක මේ රටට කරපු දෙමල ජනතාවට කරපු සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම කරපු සියලු අපරද සාක්ෂි සහිතව රුප රාමු වීඩියෝ පෙළ ගස්සල ඔවුන්ගේ ම්ලේච්චත්වය ලොවට ප්‍රකාශ කරලා වගේම යුද්දයෙන් පස්සේ අද දෙමල ජනතාව විදින සාමය දියුණුව පළාත් වල සංවර්දනය දැන් පවතින සාමකාමී වතවාරණය පැහැදිලි කරලා හොද වාර්තා වැඩසටහනක් නිපදවල කොටි ඩයස්පෝරාව බලවත් රටවල වගේම කොටින්ට අනුකම්පා කරන අනෙකුත් රටවල් වල ජනප්‍රිය රුපවාහිනී නාලිකාවල මුදල් ගෙවල පුර්ව ප්‍රචාරයක් සහිතව විකාශනය කරවන්න තුන් හතර වතාවක්වත්..ඩයස්පෝරාව මොනවා කිව්වත් ඩයස්පෝරාව මත රැදෙන්න හදන රුකඩ රජයන් මොනවා කිව්වත් එම රටවල බුද්දිමත් මිනිස්සුන්ගේ ඇස් ඇරේවි ඊට පස්සේ..ජනාධිපති තුමනි..මේක කරන්න..නොහිතන ප්‍රතිපල අපිට ලැබේවි ස්තිරවම..(නදී)
බ්‍රිතාන්‍යය, ඉන්දියාව කතාකරන්නේ හරියට එච්චර මේ ලෝකේ ශුද්ධවන්තයෝ නැහැ වගේනේ. මුරිසියත් කොහෙද ඉඳන් මුක්කුවක් ගහල. අපේ ජනාධිපතිතුමා යට කරගන්න මේ කට්ටිය අවුරුදු 4 ක් තිස්සේ අඟලනවා. ඒක බැරිවීම නිසා මොවුන්ගේ අහංකාරකමට තද පහරක් වැදුන. ඒකෙ වාඩුව ගන්නනේ ඔය හදන්නේ. අපි සියලු දෙනා පක්ෂ පාට (තාවකාලිකව හරි) අමතක කර ජනාධිපතිතුමාව රැක ගත යුතුයි. සමහර පක්ෂ මේ වෙලාවේ තමන්ගේ ජාතික යුතුකම අමතක කරනවට අමතරව විහින් වල කපාගන්න බවකුත් පෙනුන මැක්රේ වගේ මිනිස්සුන්ව කර උඩ තියාගන්න ගිහිල්ල. මොන අඩුපාඩු ප්‍රශ්න තිබුනත් මිනිස්සු ජනාධිපතිතුමා වටේ එකතුවෙන්නේ ඇයි කියන ඒක මේ පක්ෂ කවදාවත් වටහා ගන්නේ නැහැ. (නදී)
කොන්ද නම් කන්නද ?බුද්ධිමත්ව හැමෝම සහයෝගය දිය යුතුයි.(නදී)
බටහිර රටවල් පොදු රාජ්‍ය මණ්ඩල රටවල් යටත් කරන්න කොපමණ මානව හිමිකම් කඩ කරලා ඇත්ද? කැමරන් මහත්තයෝ අතීතයට බලපාන ලෙස ජාත්‍යන්තර පරීක්ෂණයක් කරලා, එම රටවල්වලට බලපෑම් කරමු. (නදී)
ජනාධි පති තුමනි, මේ අහන්න. බ්‍රිතාන්‍ය යටත් විජිත කාලයේදී ලංකාවේ කරපු මිනිස් ගාතන ගැන, බලහත් කාරයෙන් උඩරට ඉඩම් කොල්ල කාපු ක්‍රියාව, ඒ වගේම දකුණු ඉන්දියාවේ ඉඳල වහල්ලු වගේ වතුකරයේ වැඩට ගෙනාපු සෙනග ලක්ෂ ගානක් ලෙඩ රෝග හා වන සතුන්ගෙන් උවදුරු වී මියයාම හා වෙල්ලස්සේ කරපු මහා පරිසර විනාසය ගැන කොමිසන් පත් කරලා පවුම් ප්‍රකෝටි ගණනින් වන්දි ඉල්ලන්න. බ්‍රිතාන්‍ය කෙන්යාවේ කරපු අපරාධ වලට වන්දි ගෙව්වා වගේ අපත් කැත්තට පොල්ල වගේ ඉන්න ඕන. (නදී)
මධු, ඇඳුම් ඇඳගෙනද කතා කරන්නේ? (නි)
මටද මෙහි කියන්න තියෙන්නේ අපි පලමුවන්ම ආඩම්බර විය යුතුයි අපේ රටේ කොන්ද පන තියන නායකයෙක් අපට ඉන්න එක ගැන. අපිව පට්ට ගහපු අල්ජසීරා, බීබීසී අපි දැක්කා පසුගිය දවස් වල. අපේ ජනාධිපති තුමාට ඉදිරියට යාමට ශක්තිය ධෛර්ය ලැබේවායැයි පතනවා. ජයශ්‍රී!(නදී)
ජනාදි පති තුමනි ඔබ ගන්න හැම නිවැරිදි තිරනයක්දීම අප ඔබ සමගයි (නදී)
පසුගිය දින කීපය තරම් ලංකාව ගැන බීබීසිය කතා කරන්න නැතිව ඇති. ඒත් කවදාවත්ම මානව හිමිකම් විතරයි ඔවුන් කතා කරේ අපිට බය නැතිව ලෝකයට උත්තර දෙන්න පුළුවන් නායකයෙක් ඉන්න එක අපේ වාසනාවක්.(නදී)
මේ මධු වැනි අය තමා රට පාවා දෙන්නේ කරුණු නොදැන. වැඩියෙන්ම අපේ රටට හානි කරන්නේ මධු වෙනි සිංහලයන්. ජාතිය පාවා දෙන එකා තමාගේ අම්මා තාත්තා සහෝදර සහෝදරියන් පවා පාවා දෙනවා. (නි)
අද 17/11/2013 බටහිර රටක රූපවාහිනී නාලිකා වල ප්‍රධාන ප්‍රවෘත්තිය වුණේ ජනාධිපතිතුමා කියපු මේ " විදුරු ගෙවල් ඇතුලේ ඉදගෙන ගල් ගහන්න එපා " කියපු කතාව. ඒක කීප වතාවක්ම අද දවසේ විකාශනය වුණා. ඒක දැකපු මට ජනාධිපතිතුමා ගැන පුදුම ආඩම්බරයක් ඇතිවුණේ. කියලා වැඩක් නැහැ. නියම කතාව. (නි)
මහින්ද රාජපක්ෂ තව අවුරුදු 15 ක්වත් අපේම ලංකාවේ ජනාධිපති වෙලා සිටියොත්,අපේ රට ලොකු දියුණුවක් ලබා, ඔය අපට රිදවන්න හදන රටවලට ලොකු විශ්මයක් වෙනවා. නමුත් එය කරන්නට අමාරු විදේශ බලවේග වලට වඩා අපේම සිංහලයන්ගේ කඩාකප්පල් කිරීම් නිසා. නමුත් බහුතරය දන්නවා සැබෑ තත්ත්වය (නි)
ආයුබෝවේවා මහරජාණෙනි අපිත් ඔබ සමගයි (දී)
අනේ මන්දා ඇත්ත කවදා තේරුම් ගනීද කියලා? (දී)
මොනවා කලත් මේ අය ඇත්ත පිලි නොගන්න එක ඔඋදුම ප්‍රශ්නයක්? (දී)
ජනාදිපති මහින්ද තවත් තවත් දශක දෙකක් වත් අපේම ජනාදිපති වේවා (දී)
අවසන් සටන් කාලේ දෙමල මිනිසුන්වම ප්‍රාණ ඇප කරුවන් වශයෙන් රදවන් ඒ මිනිසුන් මැද්දට වෙලා පන බෙර ගන්න හැදුවේ කවුද? මේවා පන අදින කොටින් ඇතුළු ඊට සහයෝගය දක්වන හා තවත් කොටි ආණ්ඩුවක් අපේක්ෂා කරන අයට අමතක එකනේ පුදුමේ? (දී)
යුද්ධ කරලා සතුරා පරදා මව්බිම බේරා ගත්තේ අප සහ වියට්නාමය පමණි. හොච්මින් සහ ජනපති මහින්ද මහතාට කිසි දිනක තම රට මිස වෙනතක් නොමැත. සිංහල, දෙමල, මුස්ලිම්, කතෝලිකයයනි, තමුන්ට ආගමික නායකයන් පෙන්නු මඟ ඔස්සේ ජීවත් වෙන්න. මව් බිමට ද්‍රෝහී වන්නන්ට කිසිදා හොඳ මරණයක් අත් නොවේ.ඔවුන්ට අත් වෙන්නේ සාපයක් පමණි. (ස)
කොතරම් වියදම් ගියත් ඒක නොසළකා, කොටි සංවිධානය ගැනත් ඒක මේ රටට, දෙමල ජනතාවට, සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම කරපු සියලු අපරාධ ගැනත් සාක්ෂි සහිතව රූප රාමු වීඩියෝ පෙළගස්සලා ඔවුන්ගේ ම්ලේච්ඡත්වය ලොවට ප්‍රකාශ කරලා, වගේම යුද්ධයෙන් පස්සේ අද දෙමල ජනතාව විදින සාමය, දියුණුව, පළාත් වල සංවර්ධනය, දැන් පවතින සාමකාමී වතවාරණය පැහැදිලි කරලා හොද වාර්තා වැඩසටහනක් නිපදවලා කොටි ඩයස්පෝරාව බලවත් රටවල වගේම කොටින්ට අනුකම්පා කරන අනෙකුත් රටවල් වල ජනප්‍රිය රූපවාහිනී නාලිකාවල මුදල් ගෙවලා, පුර්ව ප්‍රචාරයක් සහිතව විකාශනය කරවන්න තුන් හතර වතාවක්වත්.ඩයස්පෝරාව මොනවා කිව්වත් ඩයස්පෝරාව මත රැදෙන්න හදන රූකඩ රජයන් මොනවා කිව්වත් එම රටවල බුද්ධිමත් මිනිස්සුන්ගේ ඇස් ඇරේවි ඊට පස්සේ.ජනාධිපතිතුමනි,මේක කරන්න.නොහිතන ප්‍රතිපල අපිට ලැබේවි ස්ථිරවම. (නි)
ඉස්සර ශ්‍රී ලංකාව කිව්වම මිනිස්සු සිතියම බලනවා තැන බලා ගන්න බැරුව, දැන් ඉතින් ලංකාව යු.එස්.ඒ. වලටත් වඩා ප්‍රසිද්ධයි. නොමිලේ හම්බවෙන (හොද හෝ නරක) ප්‍රසිද්ධිය ඉස්සරහට රටේ අර්තිකයේ වර්දනයට යොදා ගන්න ඇහෙකි,, මන් කිව්වේ ඔක්කොම වෙන්නේ හොඳට කියල ඕකෙන් වාසියක් ගන්න බලමු (දී)
ලබන අවුරුද්දෙත් මෙහෙට එන්න කියමු.(නදී)
ඕක කියන්න දෙයක්ද අපි ඉන්නේ වීදුරු ගෙදරක කියලා ලෝකයම දන්නවා.(දිල්)
බීබීසී / ස්කයි එකේ කටවල් ඊයේ සිට වැහිලා,පවු (නි)
අපේ ජනාධිපතිතුමා හඬනගන්නේ අපේ රට වෙනුවෙන්, අපේ ජනතාව වෙනුවෙන්. අපි ඔක්කොම දැක්කා ඒවායේ බැරෑරුම්කම. පිල් බෙදිලා ඉන්න අය රටේ අය නෙමෙයි. මේ වෙලාවේ ඔක්කොම එකට මේකට මූහුණ දෙන්න ඕනෑ. ඔක්කොම එකට ඉන්න ඕනෑ. ඉන්න බැරි අය රටේ අය නොවේ. (නි)
එංගලන්තය අපිට විරුද්ධව යෝජනාවක් එක්සත් ජාතින්ට භාර දුන්නොත්, අපිටත් එවැනිම යෝජනාවක් ඔවුන්ට එරෙහිව ඉරාකයේ දී කල ඒවා සොයා බලන්න කියා භාර දෙන්න බැරිද? (ස)
අපිට හංගන්න දෙයක් නැත්නම් මොකද ඔය තරම් බය? . බලන්න මියන්මාරයට මොකද වුණේ කියලා. ඔය වගේ ප්‍රශ්නයක් එහෙත් තිබුනා. පිරිහිලා අන්තයටම වැටිලා හිටපු රට දැන් ක්‍රමයෙන් දියුණු වෙනවා. මානව හිමිකම් ආරක්ෂා කිරීම අතින් හොඳ ප්‍රගතියක් ඇති කරගෙන. (නි)
ජෝන්, අපිට බය වෙන්න කිසිම හේතුවක් නැත ඒක දැනගන්න. ඔබ ලංකාවේ ඉපදිච්ච කෙනෙක් කියා මට ඉතා ගන්න බැ. අද යුද අපරාද වෙන්නේ කොහිද කියා මුළු ලෝකයම දන්නවා පොඩි ළමයින් පවා දන්නා කාරණයක්.අපේ ජනාධිපති කිව්වා වගේ ඔය යුද අපරාද ගැනඋබු බුරන කට්ටිය වීදුරු ගෙවල් වල ඉඳලා ගල් ගසන්නේ. අපේ ගරු ජනාදිපති තුමාට ජය වේවා.......!(දිල්)
කුමාර මහත්මාගේ කතාව අගයකරනවා වගේම ජනපතිවත් අගය කරනවා.(නදී)
දොඩන්ගොඩ, කොහොමත් ඔය හැම දේටම දාන අදහස් වලින් පේනවා ඔයා මදු කියල නම තිබ්බට එයා කවුද කියලා. මම හිතන්නේ ගැහැනියකට ඇන්ද කෙනෙක්. ලිවුවොත් ලියන්නෙම හිතක් පපුවක් නැති දේවල්. (ස)
ජෝන්ල කොහෙද ලංකාවේ. උන් බ්‍රිතාන්‍යයේ......... (ස)
රට වෙනුවෙන් දිවිදුන් විරුවන් වෙනුවෙන් මහජන ඡන්දයෙන් බලයට පත් රජයට විරුද්දව එන විදේශිය බලවේග වලට යට නොවෙමු . ලංකාව සිරියාවක් හෝ ලිබියාවක් නොවේ.(නදී)
මුන්ගේ කටේ පිට්ටුද ? ඇයි කවුරුත් ඇහැව්වේ නැත්තේ 1948 දක්වා උන් අපට කරපු යුද අපරාද ගැනත් පරීක්ෂණයක් අවශයයි කියලා. (නදී)
ශ්‍රී ලංකාවේ ගැටුම ගැන විදේශ පරීක්ෂණයක් පැවැත්වීමට කිසි කෙනෙක් බල කරන්නේ නැහැ හරියට ජාතික පරීක්ෂණයක් කරනවා නම්.(නදී)
ජයවේවා මගේ ලක් මෑනිට. අපි තනියම යුද්දේ දිනුවා නම් ඉතිරි හරියත් අපිම බලා ගන්නම්. අපේ ජනපති දන්නවා කල යුතු හා නොකල යුතු දේ. මගේ රටට දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව.(නදී)