පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා බදාදා (09) සවස ඉංගිරිය පොළට ගොස් කංකුන් මිටි දෙකක්, මියන කොළ මිටියක්, ආස්මී හතක් අටක් මිලට ගත්තේය.
තනිකඩයකු වන වික්‍රමනායක මහතා සෙරප්පු සපත්තු පළඳින්නේ නැත.
වික්‍රමනායක මහතා පොළ පුරාම ඇවිදි වෙළඳුන් හා වෙළෙන්දියන් සමග ද කතා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටවත් කඩේ නොයන, තමාට විතරක් කඩේ යන කෙනෙක් තමයි මෙතුමා. (ස)
අපේකමට ගැමි පෙවත හදුනන අවංක දේශපාලනය නායකයෙක්. ජය ශ්‍රී... (ස)
ඇත්තටම මම ගරු කරන මහත්මයෙක් (දී)
ඔබට ජය වේවා. (ස)
කෙලින් තීරණ ගන්න පුළුවන් කෙනෙක්. (ස)
මෙතුමා වැනි පුද්ගලයන් දේශපාලනයට තෝරා පත්කර ගැනීම ජනතාවට හිතකරයි. (නි)
මේතරම් සැප සම්පත් තිබිලත් , මේතරම් වයසට ගිහිල්ලත් මොකද අප්පේ තාම තනියෙන්? (නි)
මහ පොළොවේ පය ගසා සිටින මන්ත්‍රී කෙනෙක්. (නි)
දේශපාලුවන් අතර උත්තම පුරුෂයෙක්. (නි)
තාත්තා අගමැති වෙලා ඉන්න කාලේ බස් එකේ ගමන් බිමන් ගිය කෙනෙක්. අවාසනාවකට මේ වගේ දේශපාලඥයන්ට අපේ රටේ අනාගතයක් නැහැ. ජනතාව ඡන්දය දෙන්නේ වැඩියෙන් ඡන්ද කාලෙට වියදම් කරන, අනුන්ට චන්ඩි පාට් දාන හොරුන්ට (නි)
ඔබතුමා ඇත්තටම අවංක ජන නායකයෙක් (නි)
සමහර ඇමති මන්ත්‍රීලා දාන සෙරෙප්පු සපත්තු වල වටිනාකමින් අපට මාස ගණනක් හොඳට කාලා බීලා ඉන්න පුළුවන් (නි)
මන්ත්‍රීතුමා පලා මිළට ගන්න පොළට අැවිල්ලා වගෙයි... (නි)
යථාර්තය තේරුම් ගත් විශිෂ්ට මහත්මයෙක්.මගෙන් ඉහළම ගරුත්වය ඔබට. (ස)
ඔබතුමා නිහතමානී ජන නායකයෙක්. ඔබට ජය. (ස)
අපේ මන්ත්‍රීතුමාට අවුරුදු වගේ. (ස)
ඇත්තටම ගරු කළ යුතු චරිතයක්. සරලව ජීවත් වීම මොනතරම් වටිනවද? ජය ශ්‍රී (ස)
මෙතුමාගේ පියා කවුද? නොදන්නා නිසායි අහන්නේ. (ස)
ජන හිත හඳුනන නායකයෙක්. අපේ ප්‍රණාමය ඔබතුමාට. (ස)
නියම නායකයෙක් .....!!!!! (ස)
අපේ මන්ත්‍රීතුමාට ජය වේවා! සුභ අනාගතයක්! (නි)
මෙතුමලා වගේ මිනිස්සු තමයි අපේ නායකයෝ වෙන්න ඕනේ. ජන මාධ්‍ය වලටත් ලොකු වගකීමක් තියෙනවා මේ වගේ අයව ඔසවා තබන්න. (ස)
යථාර්තවාදී නායකයෙක්. මනුස්සකම අදුනන මනුස්සයෙක්. (ස)