ඇඹිලිපිටිය නව නගරයේ සාදයකදී පොලීසිය හා ඇතිවු ගැටුමකින් පසු මියගිය සුමිත් ප‍්‍රසන්න ජයවර්ධනගේ (29) මරණයට හේතුව අධික රුධිර වහනය බව දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයේ දැක්වෙතියි විත්තියේ නීතීඥ අනූජ පේ‍්‍රමරත්න මහතා අද (10) ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මිය හමුවේ පැවසුවේය.
වම් ඉහළ බාහුවේ ප්‍රධාන ධමනිය වැලමිට අසලදී දකුණු ඉහළ බාහුවේ ප්‍රධාන ශිරාවක් කිහිල්ලෙන් කැපීම ඇතුළු කැපුම් තුවාල රාශියක් නිසා සිදුවූ ලේ ගැලීම හා කම්පනයෙන් මරණය සිදුවී ඇතැයි ද, මෙම තුවාල සිදුවී ඇත්තේ සුමිත් වීදුරු දොර දෙක මත ඇද වැටීමේදී බිඳුණු වීදුරු කටුවලින් විය හැකි බව ද කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන්, දොස්තර උත්පලා ආටිගල හා දොස්තර අසේල මෙන්ඩිස් යන ත්‍රිපුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය නිගමනය කළහ.
මිය ගිය සුමිත් ප්‍රසන්න වීදුරු දොර දෙක මත ඇද වැටීම සිදුවූයේ කෙසේදැයි අධිකරණ විශේෂඥ මතය අනුව නිගමනයට ඒමට නොහැකි බව ද අධිකරණ වෛද්‍ය විශේෂඥවරු සිය වාර්තාවේ සඳහන් කරති.
පළමු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ විස්තර කරන ලද සමහර තුවාල දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෘත දේහයේ දක්නට නොලැබීමට හේතුව මෘත ශරීරයේ සමහර ස්ථාන කුණුවී තිබීම විය හැකි බව කියන වෛද්‍යවරු පළවැනි මරණ පරීක්ෂණයේ සඳහන් තුවාල පෙර ගන්නා ලද ඡායාරූපවල පැහැදිලිව හඳුනා ගත හැකි බව ද කියති.
‘‘මරණය සිදුවූ ස්ථානයේ සලකුණු සාක්කි අනුව මරණකරු මරණීය තුවාල ලැබූ පසු ලේ ගලමින් දෙවැනි මහලේ අනාරක්ෂිත බැල්කනිය හරහා ගොස් අඩක් නිමකළ කොන්ක්‍රීට් ස්ලැබ් අතුරා තිබූ පොළවේ යකඩ කූරු අල්ලාගෙන පළමු තට්ටුවට බැස ඇති බවට නිගමනය කළ හැකියි. ඉන්පසු ඔහු ප්‍රථම මහලේ කොන්ක්‍රීට් තට්ටුව මතින් එම ගොඩනැගිල්ලට වම් පසින් ඇති හිස් ඉඩම දෙසට ගමන් කර පසුව එම කොන්ක්‍රීට් පොළව හරහා අනෙක් පසට ගමන් කර පිටුපසට ගොස් එහි තිබූ තාවකාලික මඩුවේ දකුණු පිටුපස කොනෙහි වූ යකඩ පොල්ලක් හා තහඩුවක් අල්ලාගෙන සිටි බවට අධිකරණ සාක්කි ඇත. ඉන්පසු මරණකරු එම ස්ථානයේ අඩි 12.5 පහළින් ඇති පොළව මතට ‘ඉහළ සිට වැටීමක්‘ සිදුවී ඇත. කෙසේ නමුත් මෙම ඉහළ සිට වැටීම නිසා මරණය සිදුවීමට හෝ මරණයට ආධාර විය හැකි සැලකිය යුතු තුවාල සිරුරේ දක්නට නැත. එවැනි සැලකිය යුතු තුවාල නොතිබීම නිසා මරණකරු සිරස් අතට පාද බිම වදින සේ බිමට පතිත වීමට අවස්ථාවක් ඇති බවට මතයක් පළ කළ හැකියි.
යම් පුද්ගලයකු මෙවැනි උසකින් ශරීරය තිරස්ව බිම පතිත වීමකදී උසකින් වැටෙන අවස්ථාවකදී දකින තුවාල බලාපොරොත්තු විය හැකිය. යම් පුද්ගලයකු අනපේක්ෂිත ලෙස තල්ලු කිරීමකදී හෝ හදිසි වැටීමකදී එම පුද්ගලයා තිරස්ව පොළව මත පතිතවීමට ඇති සම්භාවිතාව වැඩිය. ‘‘
සුමිත් ප‍්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට රිමාන්ඩ් බාරයේ පසුවන ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්නට ඇප ඉල්ලමින් ඉදිරිපත් කළ ඇප අයදුම් පත‍්‍රය සම්බන්ධ වැඩිදුර විභාගය ඇඹිලිපිටිය මහාධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේ නීතීඥවරයා මේ බව පැවසුවේය.
පෙත්සම්කරු වෙනුවෙන් කරුණු දැක්වූ නීතීඥ පේ‍්‍රමරත්න මහතා පැවසුවේ පෙත්සමෙන් ඇප ඉල්ලා සිටින සැකකරු මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ මරණකරුගේ බිරිඳ වු ශෂිකා නිශාමනි මුණසිංහ යන අය දුන් සාක්කියක් මත බවද සඳහන් කළේය.
ඒඑස්පී මහත්තයා තම සැමියාට පොලූ වලින් ගසමින් ගේ මැද්දෙන් ඇදගෙන ගිය බවට ඇය සාක්කි දී පවසා සිටියාය. එසේම දෙවන තට්ටුවේ දී ඒඑස්පී මහත්තයාගේ මුහුණ දිහා බලාගෙන සිටි මියගිය තැනැත්තා තල්ලූ කරන්න එපායැයි කී බවත් ඒ අවස්ථාවේ ඒඑස්පී මහතා විසින් ඇගේ සැමියා තල්ලූ කළ බව එම සාක්කියෙන් කියා ඇති බවද නීතීඥ පේ‍්‍රමරත්න මහතා මහාධිකරණ විනිසුරුවරියගේ අවධානයට යොමු කළාය.
කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන්, වෛද්‍ය උත්පල ආටිගල සහ වෛද්‍ය අසේල මෙන්ඩිස් යන වෛද්‍යවරු සමඟ පැවැත්වූ දෙවන පශ්චාත් මරණ පරීක්‍ෂණයේ දී ද, සාක්කිකාරිය කියන ආකාරයේ පහරදීමක තුවාල ඇති බවක් සඳහන්ව නැති බව කීවේය.
එම දෙවැනි පශ්චාත් මරණ පරික්‍ෂණ වාර්තාවේ පිටපතක් ද නිතීඥවරයා මහාධිකරණ විනිසුරුවරිය වෙත ඉදිරිපත් කළේය. එසේම සිරුරේ ඇති තුවාල කැපුම් තුවාල බවත් වීදුරුවක් අතරින් යාමට තැත් කිරිමකදි එවැනි තියුණු කැපීම් තුවාල සිදුවිය හැකි බවත් එම වෛද්‍ය වාර්තාවේ සඳහන්ව ඇති බවද නීතීඥවරයා කීවේය.
එමෙන්ම මියගිය තැනැත්තාගේ බිරිඳ පවසන ආකාරයට සැකකාර සහකාර පොලිස් අධිකාරීවරයා විසින් ඇගේ සැමියා තල්ලූ කළේ නම් බිමට වැටිය යුත්තේ උඩුබැලි අතට බව කී නීතීඥවරයා නමුත් මරණකරු වැටී ඇත්තේ මුණින් අතට බව එම දෙවන පශ්චාත් මරණ පරික්‍ෂණයෙන් ද කියැවෙන බව අධිකරණයට දැන්වීය.
සැකකරුගේ අත්වල, බාහුවේ ආදී සෑම තැනකම විශාල කැපීම් තුවාල විශාල සංඛ්‍යාවකින් ගලාගිය අධික රුධිර වහනය මරණයට හේතුව බව දෙවන පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් ද තහවුරු කර ඇති නිසා සැකකරුට ඇප නියම කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ද නීතීඥවරයා පෙත්සම්කරු වෙනුවෙන් ඉල්ලා සිටින බව ද කීවේය.
මේ මස 18 වැනි දා වන විට එහි සියලූ විමර්ශන අවසන් කර අධිකරණයට වාර්තා කරන ලෙස ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් රහස් පොලිසියට නියෝගයක් කර ඇති බව කී රජයේ නීතීඥවරිය එදින වනවිට විමර්ශන අවසන්වනු ඇති බව කීවාය.
මෙම සිද්ධියට මාස පහක් ඉකුත්ව ඇති බව පැවසු පෙත්සම්කරුගේ නීතීඥ පේ‍්‍රමරත්න මහතා සැකකරු මාස හතරකට වැඩි කාලයක් තිස්සේ රිමාන්ඩ් බාරයේ පසුවන බව ද පැවසුවේය.
මේ ඉල්ලීම සම්බන්‍ධයෙන් විමසීම මේ මස 25 දින දක්වා කල් තැබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කෙරුවාවට වචනයකින් හරි උදවු කරලා අපරාධකරුවෝ නිදහස් කරගත්තොතින් සොබාදහම පවා කම්පා වෙනවා. ප්‍රතිඵල හැමකෙනා පසුපසම එනවා. එ්කෙන් නම් ගැළවෙනවා බොරු මහත්තයෝ (නි)
කවුරු මොන තර්ක ගෙනාවත් අන්තිමේදී අසරණවෙන්නේ ඒ අහිංසක ගැහැණු කෙනයි පොඩි ළමයිනුයි (නි)
පොලිසිය ක්‍රියාත්මක වූ අයුරු වැරදියි. හැබැයි මේ කෙනා මැරිලා තියෙන්නේ තල්ලු කරලා නොවෙයි මේ කියන හැටියට. බීමතින් උඩ තට්ටුවේ කළුවරේ දුවන්න ගිහින්, විදුරු දොරක් කඩාගෙන බිමට වැටිලා. ඒ විදුරු වලට ඇඟ කැපිලා, ලේ ගලලා.... (නි)
එ්කත් හරියට පිහි ඇනුමකින් මැරුන මිනිහාගේ මරණය පිහියකින් අභ්‍යන්තර ඉන්ද්‍රියයන් තුවාලවීමක් මිස මිනීමැරුමක් නොවේ යැයි කීමක් වැනියැයි මගේ අදහසයි. පෙරකදෝරු ගැට හමුවේ නීතියත් සාධාරණයත් අසරණ වෙනවා. (නි)
වීදුරු කටු වලට දඬුවම් කළයුතුයි. අපොයි දැන් කාලේ අහන්න වෙන දේවල්! (නි)
දෙවියන් ගැන විශ්වාසය තබමු. වැරදිකරුවන්ට මේ කාලයේ හෝ යම් ආත්මයකදී හෝ දඬුවම් ලැබේවි. නීතිය නැත්නම් ස්වභාව ධර්මය! (නි)
පිටිගල කව්ද කිව්වේ ලංකාවේ නීතියත් සාධාරණයත් ඉටුවෙනවා කියලා? එය සිහිනයක් විතරක් බවයි මම නම් සිතන්නේ (නි)
මෙයාම ගහගෙන, වීදුරුවකින් කපාගෙන, බිමට පැනලා මැරිලා ඇති. (නි)
වැරදිකාරයා වීදුරු කැබලි කියලා කිව්වත් මම පුදුම වෙන්නේ නැහැ. මට මේ වෙලාවේ හොඳ සින්දුවක් මතක්වුණා. "හරකෙක් කොහිද මා ළඟ, කඹයෙනි අල්ලන් ඉන්නේ" (නි)
වෛද්‍ය පරීක්ෂණ වලින් කහවත්තෙ චූදිතයො නිදහස් වෙනකොට වෛද්‍ය විද්‍යාව හොඳයි. පොලිසිය නිදහස් වෙනකොට ඒක බොරු. අනේ මෙහෙම අයියලාද මෙහෙම අදහස් දාන්නෙ (නි)
සාධාරණයක් ඉටු නොකරන නීතිය රටකට කුමකටද? (නි)
අනේ ඉතින් මේවට අපි මොනා කියන්නද නේද? පව් අර අසරණ පවූල. (ර)
පහරදීමකුත් නෑ, තල්ලු කිරීමකුත් නෑ - මමත් ඔය ටික හිතුවා. (ර)
ලංකාවෙ බොරු නඩු කොච්චර තියෙනවද? පොලිසිය නිකරුනේ අහිංසකයො කීදෙනෙක් හිරේ යවලා ඇද්ද?බොරු සාක්කි කොච්චර දෙනවද? උසාවියෙදි හරස් ප්‍රශ්න අහනකොට ඒවා ගරු අධිකරණයට ඔප්පුවෙයි. ඇත්ත කවදාහරි එළිවෙයි. අපි ඉඳලා බලමු (නි)
අපේ පොලිසිය එහෙම මිනිසුන්ට ගහන්නේ නැහැ. මේ තරුණයාට දුවන්න වුණ හේතුව සමහරවිට හොල්මනක් දකින්න ඇති (නි)
මේ කතාව හරියට පෙරේතයෙක් ඇඟට(මනසට) වහලා හැසිරෙනකොට ඒක මානසික රෝගයක් කියලා වෛද්‍යවරු හඳුනා ගන්නවා වගේ දෙයක් කියලයි මට දැනෙන්නේ (නි)
ප්‍රසාද්, ඔයා හරි. මේ අය බලාපොරොත්තු වන්නේ ඒ අයගේ පුර්ව නිගමනය ඇත්ත වෙන්න ඕනෑ කියලා. ඒක එහෙම නොවෙයි. හැඟීම් වලට නොවෙයි බුද්ධියට ඉඩදීලා පරීක්ෂණය කරන්න ඕනෑ (නි)
අන්තිමට දරු පවුලක් අසරණයි.(හේ)
ගොයම් කොලේට මුවාවෙලා වෙඩි තියන්නේ කොහොමද? මේ තර්ක වලට පූර්වාදර්ශ ලැබුණු අතීත කතාවක් මා මතක් කලේ.(හේ)
මේක සියදිවි නසා ගැනීමක් වගෙයි පෙනෙන්නේ. (නි)
මෙය තල්ලු කිරීමක්ද නැත්තම් බිමට ඇඳ වැටීමක්ද?(හේ)
පහලට පැන්නේ ඇයි.පුදුම දේවල්නේ සිද්ද වෙන්නේ.(බ)
හීනෙන් ඇවිදීමේ රෝගයකින් පෙලෙන්න ඇති එයා.. අනේ පව්. මැරිලත් නිදහසක් නැහැ. (බ)
කකුලෙන් ගහල එල්ලීගෙන හිටපු කෙනා බිමට දාලත් නැහැ ගහලත් නැහැ මුකුත් වෙලා නැහැ වීදුරුව කපාගෙන තව බිමටත් පැනල කියන මේ පෙරකදෝරුවන් සතර අපාගත වෙනවා (බ)
නුවන් සහ සේතන්. ඔය නිගමනය මරණ පරීක්ෂණ දෙකකින් සහ කීර්තිමත් වෝහාරික වෛද්‍යවරු හතර දෙනෙක් කරුණු පැහැදිලිව දක්වල නේ නිගමනය කරලා තියෙන්නේ.ඇරත් ඕවට කියන්නේ විශේෂඥ නිර්දේශ මිස නඩු තීන්දු නෙවෙයි. එනිසා හදවතින් නෙවෙයි, මොලයෙන් කල්පනා කරන්න. අනික මෙතැනදී පොලිසිය වැරදි නැහැ කියල කිසිම නිගමනයක් නැහැ.(බ)
මේ ඔක්කොම වුනේ ජරාව බීපු නිසානේ, (හේ)
අධිකරණය සාධාරණය ඉටු කරාවි. අන්තිමට වුනේ දරුවෝ දෙන්නෙකුට තාත්තා නැති වුන එක.(හේ)
ස්ත්‍රී ,සුරා ,සුදුව කෙරෙහි ලොල්වීම පරිහානියට හේතු බුදුන් වදාළ සේක (හේ)
කුමක්ද සිදු වුයේ කියා තවම සිතා ගත නොහැකියි.(හේ)
වීදුරු කටු ඇනීමට හේතුව ආයුධ පෙන්වන්න ගිහින් (බ)
ඔබලාට ඔබ අදහන ධර්මයේ පිහිට ලැබෙනවා නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ (බ)
බීපුවම පොලිසියට වුනත් ගහන්න තරම් මොරාල් වෙන අයියලට මේවා පාඩම්...(බ)
"තණකොළ ඩිංගක් කපන්න හිතුනා ගහ උඩට යන්න" අනේ පව් අසරණ බිරිඳ සහ දරුවන්. දෙවියන් නිසි දඬුවම් දේවි. (නි)
සමහරු මෙතන බණ කියන්නත් පටන් අරගෙනනේ, බහුතරය මිලේච්ජයෝ හා අධමයින් මෙන් ක්‍රියා කරන රටක මිනීමරුවන්ට ජයවේවා කියනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. මිනීමරුවන්ට අපගේ ගෞරවනීය ආචාරය? (බ)
ලෝකේ කිසිම කෙනකුට වැරදි කරලා හැංගෙන්න බැහැ. ලෝක ධර්මය මෙවාට පිළිතුරු කවදා හෝ දෙයි අපි ඉවසමු (බ)
මහත්තයෝ, අරක්කු බීමට වඩා මිනීමැරුම හොඳයි කියනවා වගේ කතා කියලා, මිනීමරුවන්ව සාධාරණය කරන සමහරු දැනටමත් ඉන්නේ අපාගත වෙලා කියලයි මට නම් හිතෙන්නේ. (නි)
පුදුම වෙනසක්නේ. මරණීය තුවාල තියනවා, කළ කෙනෙක් නැහැ. පහළ තට්ටුවට වැටිලා තියනවා, තල්ලු කරපු කෙනෙක් නැහැ. මේක හරියට අර 88/89 කාලේ, ටයර් උඩ පිච්චෙනවා, පුච්චන කෙනෙක් නැහැ වගේනේ. (නි)
එතකොට පොලිස් රාළහාමිලා මෙච්චර හොඳට සළකලා තියෙද්දිත් මේ මනුස්සයා වැටිලා තියෙන්නේ වීදුරුවක් උඩටද? දැන් තමයි හොඳටම තේරුනේ මේක ස්වභාවික මරණයක් කියලා. (නි)
ප්‍රසාද්, ඔබ කියන දේ හරියටම හරි. මෙතන අදහස් දාන සමහරු හිතාගෙන ඉන්නේ එයාලගේ හිතේ තියන දේ වෛද්‍ය පරීක්ෂණයෙන් ලැබෙන්න ඕනෑ කියලා (නි)
ඇඟට පනින වීදුරුත් ලංකාවේ තියනවද? මේ අපරාධය කළ අයට සොබාදහමින් දඬුවම් ඉල්ලීම පමණද ඉතිරිවෙන්නේ? (නි)
මෙය හුදෙක් නඩුවක් පමණක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදීව ජීවත්වීම හා බලයට සියල්ල යටවීම අතර තීන්දුවක්. මේ හරහා ලැබෙන අවසන් නිගමනය මෙයයි. ඔබත් මමත් ජීවත් වනවාද නැද්ද කියන තීරණය අපට අයිති දෙයක් නොවන බවයි. එය මෙවන් වූ පොලිස් නිලධාරීන් අත රැඳී තිබෙන්නකි. (නි)
ලංකාව කියන්නේ එක අතකට බලද්දී මහ පුදුම රටක් (නි)
භද්‍රානි, මිනීමරුවෝ හිටියොත් නඩුවෙදි ඔප්පු වේවි. හිතට වහල්වෙලා නිගමන වලට එන්න එපා. තමන්ගේ පුද්ගලික අදහස් සත්‍ය වියනොහැක (නි)
මම නම් දැනගෙන හිටියා කවදාහරි මේ ටික වෙයි කියලා (නි)
මේ සියලු දේවල් සළකලා අධිකරණය හරි නිගමනයකට එයි කියලා හිතනවා. මේ සිද්ධියේදී පැමිණිලිකාර පාර්ශවයත් සර්ව සාධාරණයි කියලා පූර්ව නිගමනයක ඉන්න බැහැ. මොකද එයාලා පොලිසිය එනකොට තේ පැන් සංග්‍රහයක් පවත්වමින් හිටියා නෙමෙයිනේ (නි)
ස්වභාව ධර්මයාගේ නීතිය සහ තීන්දුව ළඟදීම ලැබෙයි (නි)
අරක්කු බොනවා කියලා පොලිසියට මරන්නත් අයිතියක් තියනවා කියලා වගේනේ මෙතන සමහරක් අදහස් දමා තියෙන්නේ. මට හිතෙන්නේ මෙයාලත් හොරෙන් හොරෙන් පානය කරන අය වගේ. (නි)
ලංකාවේ ස්වභාවික මරණ වෙන විදිහ හරිම අමුතුයි නේද? ඒ කියන්නේ මරපු කෙනා නිර්දෝෂයි, මැරුණු කෙනා වැරදියිද? පව් අනේ ඒ අහිංසක මිනීමරුවෝ....! (නි)
පුද්ගලික නිවසක පැවැත්වුණ සාදයකට ගෙහිමියන්ගේ අවසරයකින් තොරව හෝ අධිකරණයේ අවසරයකින් තොරව රිංගන්න පොලිසියට හෝ ඒඑස්පී කෙනෙකුට බලයක් තියෙනවා කියන්නේ අපේ රටේ නීතිය තවම ශක්තිමත් නැහැ කියන එකයි. මේ පොලිසියම තමයි ලොකු ලොක්කන්ගේ උත්සව වල ගහමරාගද්දී සැලුට් ගගහා බලා ඉන්නෙත් (නි)
කෝ එහි ඇසින් දුටු සාක්කි? අන්තිමට කියයි සියදිවි නසාගත්තා කියලා (නි)
නමුත් පොලිසිය නේද මෙයාලා ඉන්න තැනට ගිහින් කරදර කරලා තියෙන්නේ? ගම්මු නිකන් පොලිසියට ගහයිද? පොඩ්ඩක් හරි මොළයක් තියෙනවා නම් හිතලා බලන්න අසංක මෝඩයෙක් වගේ කියවන්නේ නැතුව. අනික අපි නොදන්නා ශ්‍රී ලංකා පොලිස්! (නි)