(රංජන් කටුගම්පොළ)
තමන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 60 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල ගෙන ඇති තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කර ලෙසට ඉල්ලා විශේෂඥ වෛද්‍යවරුන් 170 දෙනකු ගොනු කළ රීට් පෙත්සම සලකා බැලු අභියාචනාධිකරණය මේ සම්බන්ධයෙන් දෙසැම්බර් 13 වැනි දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසට නියෝග කරමින් වගඋත්තර කරුවන්ට නොතීසි නිකුත් කළේය.
මෙම පෙත්සම අද රෝගිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විණිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි. වගඋත්තරකරුවන් හැටියට සෞඛ්‍ය ඇමැති , අමාත්‍ය මණ්ඩලය, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඇතුලු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
පසුගිය ඔක්තෝබර් 17 දින අමාත්‍ය මණ්ඩලය ගත් මෙම තීරණය අත්තනෝමතික හා අසාධාරණ බවට ද පෙත්සමේ සදහන් වේ.
පෙත්සම්කරුවන් විශේෂඥ වෛද්‍යවරුන් බැවින් විශ්‍රාම ගැන්වීමේ අවම වයස අව්රුදු 63 ක් බවට පෙත්සමේ සදහන් වේ.
එබැවින් වග උත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙසට ද, අදාල තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසට පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ විශ්‍රාම නොයන රස්සාවල් දෙකකි...! පලමු එක පාර්ලිමේන්තු මැතිඇමති රැකියාව...! දෙවනුව උගත්කමින් ඉහලටම ඉගෙනගෙන දක්‍ෂතාවයෙන් කරන වෛද්‍ය වෘර්තියයි..! ඒ උගත්කමට විශ්‍රාම යනවා කියලා වයසේ සීමාවක් නැත.... තමා මොන ජගතා වුවද ලෙඩවුනු මොහොතක වෙද නලාවේ විශේෂඥ වෛද්‍ය වෘර්තියට දණ නමස්කාර කරත්..!
හරිම ශොක්, එහෙමනම් අනෙක් රජය සේකයො ඔක්කොමත් නඩු දාන්න වෙනව. අන්තිමට මැරෙනකම්ම සේවය කරන්න දෙන්න කියල ඉල්ලඉඩ දෙන්නෙ නෑ . පුදුම රටක්
විශේෂඥ වෛද්‍යවරු රාශියක් විදේශ ගත වෙමින් සිටිකව. දැනටමත් මූලික රෝහල් රාශියක විශේෂඥ වෛද්‍ය හිඟයක් ඇතිවෙමින් තිබෙනවා. විදෙස් පුහුණුව සඳහා යන විශේෂඥ වෛද්‍යවරුන් ඒ රටවල් වලම නවතිනවා. ඒ මදිවාට කලින් තිබූ විශේෂඥ වෛද්‍යවරුන් ගේ විශ්‍රම වයස වූ අවුරුදු 63 තවදුරටත් 60 බැස්සවීම නිසා ක්ෂණිකව වෛද්‍ය හිඟයක් රටේ ඇතිවනවා. බෙහෙත් හිඟ වෛද්‍ය උපකරණ හිඟ මේ රටේ සමාන්‍ය ජනතාවට තවත් මරාලයක් මේක. ඉදිරියේදී දිස්ත්‍රික් රෝහල්වල උග්‍ර විශේෂඥ වෛද්‍ය හිඟයක් ඇතිවන එක ස්ථීරයි. මේක රසායනික පොහොර ක්ෂණිකව නැවත්වීමේ තකතීරු තීරණයට සමානයි.
අවුරුදු 60 ට වැඩි වෛද්‍යවරුන් ගෙදර යවන්න. ඔවුන්ට කැමති නම් පෞද්ගලික සේවයේ යෙදෙන්න පුළුවන්. හැබැයි 60 ට අඩු වෛද්‍යවරුන්ට රජයේ රෝහල්වලට පමණක් සේවය කිරීම අනිවාර්ය කරන්.න. ඔවුනට පෞද්ගලික රෝහල් වල චැනල් කිරීම හා සේවයේ නිරත වීම තහනම් කරන්න.
විශාම යන්න ඔය තරම් අකමැති මොකද.