මාලබේ වෙද විදුහලට එරෙහිව කොළඹදී පෙළපාළි ගිය වෛද්‍ය සිසුනට පොලිසිය පහර දුන්නැයි කියමින් අනුරාධපුර මහ රෝහලේ වෛද්‍යවරු පිරිසක් අද රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.
මේ අතර බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුද අද දහවල් රෝහල ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරතවූ අතර බදුල්ල දිස්ත්‍රික් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට අයත් වෛද්‍යවරු ඊට එක්ව සිටියහ.
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නිසා සමස්ත වෛද්‍ය විද්‍යාව ප්‍රමිතිය හා ගුණාත්මක භාවය බිංදුවට වැටී කිසිදු ප්‍රමිතියකින් තොර වෛද්‍යවරුන් බිහි කරන්නට දේශපාලන සහයෝගය ලැබෙතියි රජයේ වෛද්‍ය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද සොයිසා මහතා කොළඹ ජාතික රෝහල ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයකට එක්වෙමින් පැවසීය.
ඡායාරූප - දයාරත්න ඇඹෝගම
ඡායාරූප - ප්‍රසාද් රුක්මල්
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්ව විද්‍යාල දේශපාලනයටත් ඇඟිලි ගහන්නේ නැතුව තමන්ගේ රාජකාරිය තමන්ට ඉගෙන ගන්න සල්ලි වියදම් කල දුප්පත් ජනතාවට කරන්න, දේශපාලනය කරන්නම ඕන නම් ඔය ජොබ් එක අත්හැරලා යන්න. (ර)
අනේ චැනලිං ෆී අඩු කරන්න, උද්ඝෝෂණය කරන්න බැරිද දන්නෙ නෑ නේ? (ර)
අසරණ රෝගීන් මර්ධනය,හා දොස්තර මාෆියාව වහා නවතිනු!!!!(ම)
නිදහස් අධ්‍යාපනයෙන් උපරිම ප්‍රයෝජන ගත් වෛද්‍යවරුනි, ඔබට ඊර්ෂ්‍යා කරන බොහෝ අය ඇත (නි)
මටත් හිතාගන්න අපහසුයි බුද්ධිමතුන් කියන මේ අය කොයි ආකාරයෙන් හිතන කොට්ඨාශයක්ද කියලා (නි)
දොස්තරලා නැතුව කවදාවත් රෝහලක වැඩ කරන්න බැහැ. කාටත්ම දොස්තරව මතක් වෙන්නේ ලෙඩ උනාම. එදාට දොස්තර කියන්නේ ඔයාලට දෙවියෝ වගේලු. (ර)
ලංකාවේ බොහෝ මිනිස්සු දොස්තරලා මහන්සියෙන් ඉගෙනගෙන සල්ලි හම්බකරනවාට ඊර්ෂ්‍යායි. එ්ත් නුගත් දේශපාලකයෝ එක ඡන්දයකින් දිනලා කෝටි ගණන් සල්ලි හොයනවා. ඒවාට මිනිස්සු කැමතියි. ඒ කියන්නේ අපේ රටේ උගත්කමට තැනක් දෙන්න කැමති නැහැ (නි)
කාර් පර්මිට් එකටත් වර්ජන කරපු මේ අයගෙන් මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්? (නි)
මම වගේ ආණ්ඩුවේ රෝහල් වලට යන්නකෝ. මොකද දොස්තරලා බලෙන් ඔයාලව අල්ලන් යනවද ?එතැන සතයක්වත් ගන්නේ නෑ (බ)
පෞද්ගලික රොහල් රජයට අරගෙන මහජනතාවට නිදහස් සෞඛ්‍යය දෙන්න කියලා එක දවසකවත් කෑගැසුවේ නැති මේ අය පෞද්ගලික විශ්ව විද්‍යාල රජයට අරගෙන මහජනතාවට නිදහස් අධ්‍යාපනය දෙන්න කියලා මෙතරම් ආදරෙන් කෑගහන්නනෙ ඇයි දන්නෙ නැහැ (නි)
මේ වෛද්‍යවරු නොවේ අසරණ රෝගීන්ව පරදුවට තියල තමුන්ගේ බඩගොස්තරවාදය මුලට දාන වෛද්‍ය හොරු (බ)
මේ අදහස් බැලුවම පේනවා මිනිස්සු මොනතරම් කුහකද කියලා. ප්‍රශ්නයක්වත් හරියට තේරුම්ගන්න බැරි අධම ජාතියක් නේද අද මේ රටේ ඉන්නේ...!!! (නි)
මේවා දැකලා ලෝකයේ අනෙක් රටවල් අපිට හිනාවෙනවා ඇති (නි)
මම හිතන්නේ ඔබලා ඔය යන මග හරි නැති බවයි. පෞද්ගලික අධාපනයේ ගුණාත්මක බව රැකගන්න ඔය සටන වෙනස් කරන්න. විශ්ව විද්‍යාල වල හිටි ඔබ සහ අප හොඳින් දන්නා කාරණාවක් තමයි අපිත් සමහර විට ඔය කියන තරම් හොඳින් ඉගන ගන්නේ නැති වීම. අපේ අය අතරෙත් ගුණාත්මක නොවන කොතරම් පිරිසක් ඉන්නවද? (ර)
රජයේ රෝහලට ගියාම තේරෙනවා මෙයාලගේ ගුණාත්මකබාවය. මිනිහෙක්ගේ මුහුණ බලන්නේ නැහැ. (නි)
ප්‍රයිවට් වැඩ කරලා මහන්සි ඇතිනේ .රාජ්‍ය සේවය වෙලාවේ උද්ගෝෂණයක් කරලා විවේක ගන්න එක හොදයි . (ර)
ඇත්තමයි උපේකා, අපි ලෙඩවුණාම ඒ දෙවියව සල්ලි වලට මුණගැහෙන්න ලැබීම කොතරම් නම් පිනක්ද? පෝලිමේ රස්තියාදු වෙලා ඒ දෙවියගේ මුහුණ දැක්ක ගමන් අපිව සුවවෙනවා අනේ. (නි)
රටේ අනෙක් මෝඩයෝ වගේ ආණ්ඩුවල වහලුන් නොවී සිටීම හා අසාධාරණයට විරුද්ධ නිසා වෛද්‍ය වෘත්තියේ ගෞරවය ආරක්ෂා වෙලා තියෙනවා. අනෙක් අය නූගත් දුෂිත දේශපාලකයන්ට හුරේ දමමින් ඉන්නවා. (නි)