පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ගැටලුව ඇතැමුන් සාලාව කඳවුරේ පිපිරුම මෙන් පත් කිරීමට උත්සාහ කළ බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අද (7) බණ්ඩානාරයක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති වෛද්‍ය පත්වීම් ලබාදීමේ උත්සවයට එක්වෙමින් පැවසීය.
‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සංගම් සමග අවබෝධයෙන් තමයි මම කටයුතු කරන්නේ. එම සංගමය හා අපි අතර පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලේඛනය ගැන ප්‍රශ්නයක් තිබුණා. දැන් ඒක ඉවරයි. එකම මතයකයි අපි කටයුතු කරන්නේ. මේ සියලු සටන්වල ඉන්නේ එකම පිරිසක්. ඇමැතිත්, පරිපාලන නිලධාරීනුත් වෛද්‍යවරු වීම ඊට හේතුවයි. මේක යුද්ධයක් බවට පත් කරන්න ඇතැමුන් උත්සාහ කළා. එය කවදාවත් සිදු වන්නේ නෑ. අවසානයේ රතිඤ්ඤා කරලක් වෙලා පුපුරා ගියා.‘ යැයි ඇමැතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එත් මෙයාගේ පුතානම් පිපිරුවේ මල්ටි බැරල් එකක් වගේ. විලිලජ්ජාවේ සන්තෝසේ බෑ ඇමතිතුමා (හේ)
පෙරලුන පිට හොඳයි කියනවා.....(හේ)
මෙයින් බේරුනා ඇති. නැත්නම් අහිංසක ලෙඩ්ඩු අමාරුවේ... (ර)
ඔන්න දැන්නේ අපටත් තේරුනේ. මේ ඔක්කොම වෛද්‍යවරු වීම හින්දනේ මේ ප්‍රශ්නයක් මතුවුනේ. හදිසියෙන්ම ඒක මතක් වුනේ හොඳ වෙලාවට. මීට පස්සේ වෛද්‍ය වර්ජන සිද්දවෙන එකක් නැහැ නේ.(හේ)