රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (22) ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය සම්බන්ධයෙන් මෙතෙක් කල් නොගත් ක්‍රියාමාර්ග ගැනීමට රජය සුදානම් යැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
‘‘මෙම වැඩවර්ජනය අඛණ්ඩ වැඩ වර්ජනයක් බවට පත් කිරිමට ඔවුන් තීරණය කර තිබෙනවා.. ඩෙංගු රෝගය පැතිර යමින් පවතින වකවානුවක මෙලෙස හැසිරීම ජනතාව හෙළා දකිනවා. ඔවුන් වෛද්‍යවරුන් නොවෙයි. ජනතාව කුපිත වී සිටින්නේ. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වෛද්‍යවරුනුත් වැටුප් ලබාගන්නේ අමාත්‍යාංශයෙන්. එම සංගමයේ නියෝජිතයින්ට ඩෙංගු මැඩලීමේ වැඩපිළිවෙළ පිළිබදව ගැටලුවක් ඇත්නම් එහි වගකීමත් වෛද්‍යවරුන් විසින් බාරගත යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ සිදූ වූ සිද්ධිය මුලික කර ගනිමින් වෛද්‍ය නිලධාරීන් ආරම්භ කර ඇති වැඩ වර්ජනයට ජනතාව පිළිතුරු ලබාදෙයි‘‘ යැයි ඇමැතිවරයා කීවේය.
‘‘සරසවි සිසුන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා පැන විනාශයක් සිදූ කොට තිබෙනවා. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, දේශපාලන පක්ෂයක නියෝජිතයින් මෙම විනාශයට පැමිණි බව පැහැදිලියි. අමාත්‍යාංශයේ ඔසවා තිබූ ජාතික කොඩිය ඉවත් කර සටන් පාඨ සහිත පුවරුවක් එහි එල්ලීමට ඇතැම් සිසුන් උත්සාහ කළා. සේවකයින්ගේ විරෝධතා මත එය නතර කෙරුණා. ඇතැම් සිසුන් සේවකයින්ගේ කොලරයෙන් ඇද ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරෙමින් තාඩන පීඩන කර තිබෙනවා. අමාත්‍යාංශ භුමියෙන් අමාත්‍යාංශ සේවකයින් ඉවත් වූයේ හරිම අමාරුවෙන්‘‘ යැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කර සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍යවරුන් පැහැදිලිව කියල තියෙනවා සායනික කටයුතුවලින් විතරයි අහක් වෙන්නේ කියලා. අනික ඔබතුමාට මේක අදාලම නැනේ. සිංගප්පුරුවේ වෛද්‍යවරුන් ස්ට්‍රයික් කරෝත්නේ ඔබතුමාලට බලපාන්නේ...
මිනිස්සුන්ට වදදෙන මේ කලවැද්දන් පාලනය කලයුතුයි.
ජනතාව ලගදීම ක්‍රියාමාර්ග ගනයි. එතකොට ඔය දොස්තරලා පරිස්සමින් ගෙදර යන්න ස්ටිකර් ගලවාගෙන. කවුද දන්නේ ජනතාව ගල් ගල්ගහයිද කියල?
කට විතරයි වැඩ බැරි අය... මේක නම් මාෆියාවක්... ඉස්සරහට මේ නායකයින්ගෙන් රටට ඇති පලේ මොකක්ද?
දොස්තරවරු ගෙදර යවලා දත් දොස්තරවරු බෙහෙත් දෙන්නද ?
සිසුන් රජයේ දේපල වලට හානි කිරීම, බලහත්කාරයෙන් ඇතුළු වීම වැනි ක්‍රියාවන් අනුමත නොකරන අතරම මෙම ප්‍රශ්නය දුර දිග යාමට ඉඩදී සිසු ජිවිත හා රෝගී ජීවිත කිහිපයක් නැතිව යනතුරු රජය කුමක් කරන්නේද? (ගමේ බසින් කියනවා නම් පොල් ගාන්නේද?) යන්න ඇසිය යුතුම ප්‍රශ්ණයකි.
ප්‍රශ්න වවනවනේ.... ඉස්සෙල්ලා ඩෙංගුත් වැව්වා නේ....
කොහොමටත් ගත්තු ක්‍රියාමාර්ග වැඩක් වෙලා නැති නිසා අලුත් ක්‍රියාමාර්ග තමයි ගන්න වෙන්නේ. පොඩිකාලේ නම් ඔයවගේ කුණුහරුප වැඩ කරද්දී අපේ අම්මල තාත්තල කලේ කියල කියල බැරිතැන මතක හිටින්න අතක් පයක් කැඩුනත් කමක් නැහැ කියල දඬුවම් කරන එක. අයියගේ කොල්ලගේ දඟ වැඩ නැවැත්තුවේත් ඉරි හිටින්ඩ කෙවිටි පාරක් දීල. එයින් පස්සේ ඌ හැදුන.
කටින් බතලකොල හිටව හිටව ඉන්නේ නැතුව කරන දෙයක් කරන්න ඕන.
ඇයි කාලයක් ඇපලෝ එක හිටියවගේ ඉන්දීය වෛද්‍ය නිලධාරීන් ගෙන්වමු.
ඇමතිතුමනි,ජනදිපතිතුමනි, වෛද්‍ය සේවාව සහ ගුරු සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන්න කාලය ඇවිත්. අද රටේ මොවුන් භී තිකාවක් පතුරලා. මොවුන්ට අනුන්ගේ අසරණ ජීවිත ගැන තැකීමක් නැති තිරිසනුන්ටත් පහල මට්ටමේ සිටිනා පුද්ගලයන්. මෙවුන් දුටුවාද අසරණ මව්වරුන් දරුවන් කර පින්නාගෙන විදින දහදුක. මේ දොස්තරලා ඉපදෙන්න ඇත්තේ රිදී හැන්ද කටේ ගහගෙන වාගේ.
ඔබ සමග එකග වෙනවා. හැම දෙයකම සීමාවක් තියෙන්න අවශ්‍යි.
සාමකාමී උද්ගෝෂණ ගණන්ගන්නේ නැති වුනාම ශිෂයෝ දරුනුවෙනවා. තත්ත්වය එතරම් ඔබ තුමාලට හොඳ නැහැ ඇමති තුමෝ
දොස්තර මහත්තයෝ දත් ගැලවීමට දක්ෂ නිසා මොනවත් මේ ගැන කරන්න බැරිද?
හෙම්බිරිස්සාවටත්, සිංගප්පූරුවෙන් බෙහෙත් ගන්න අයට මේවා නිකන් කට කහනවට කියන කතා විතරයිනේ. අහිංසක මිනිස්සු පාරෙයි, ඉස්පිරිතාලවලයි දුක් විඳිනවා.
අමාත්‍යන්ශේ ඉදපු කෙනා කොහොමද එළියේ වුන දේවල් දන්නේ. කිසිම සේවකයෙක්ට කරදර කලේ නෑ. ඒ අය වෙනදා වගේම එයාලගේ වැඩ කර ගත්තා. කාටවත් තර්ජනය කරේ නෑ. සමහර සේවකයෝ එයාලගේ කෑම පවා දුන්නා. පට්ටපල් කෙබර අතාරිනවා. මේ වගේ අත්තෙන් අත්තට පනින හැම ආණ්ඩුවේම ඇමතිවරු වෙන. පට්ටපල් බොරුකාරයෝ කියන ඒවා තවමත් විශ්වාස කරන මිනිස්සු ගැන ගොඩක් කනගාටුයි.
රෝගී ජනතාවට මෙන්ම පොදුවේ සැමට බලපාන වැදගත් ප්‍රශ්නයක් මේක. උගත් පාලකයෝ තීරණයක් ගන්නේ නැත්නම් අපි වගේ නුගත් අයගේ අදහස් ගැනවත් හිතල බලන්න. රජයට පුළුවන් හදිසි අවස්ථා යටතේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව රජයේ බලධාරියකු යටතට ගෙන පාලනය කරන්න. දෙපාර්ත්තමේන්තුවේ සියලුම සමිති සමාගම් තාවකාලිකව අහෝසි කරනවා. සරසවි සිසුන්ගේ දෙමුපියන්ට කොන්දේසි යටතේ සිසුන් පාලනය කරන්න බලකරනවා. සිසු සමිති නැවත දන්වනතුරු අහෝසිකරනවා. මෙම ප්‍රශ්නය විසඳන්න නිදහස් සිසු ව්‍යාපාර ඔවුන්ගේ ඇදුරන් සමගින් සහ ආරම්අභක වශයෙන් හිටපු ජනපතිතුමාත් සමගින් තීරණයකට යායුතු වෙනවා.. ලැබෙන පිළිතුර බාරගන්නටත් සූදානම් වියයුතු වෙනවා. මහජන සාමය වෙනුවෙන් අධිකරණ තීන්දුවක් යටතේ මාධ්‍ය වාරණයක් ලබාගැනීම හොඳයි. වෘත්තීය සමිති බලතල ගැන නැවත සලකා බලන්න. මෙය යහපාලනයට විරුද්ධව යමක් නොවේ සමස්ත ජනතාව බලාපොරොත්තු වන දෙයක් වේවි. ජයවේවා !!!
ඉතින් සයිටම් එකෙන් බෙහෙත් කරන්න පුළුවන්නේ....
මෙතුමාගේ උපදෙස් පිට ඒ ගොල්ලන්ට වරම දුන්න කියලා උඩපනිනවා වැඩියි. මහජනතාවට දැන් තිත්ත වෙලා. එ්කයි ඇත්ත.... දැන් මිනිස්සු නළවන්න බැහැ. ඡන්දෙකට යන්න එපා.... ගියොත් අමාරුවේ වැටෙනවා, ඉල්ලන් කෑම, අනාගෙන කෑම, පස්සේ විස වීම කියන්නේ සිංහලෙන්ම ඕකට තමා. තේරුම් ගන්න පුළුවන්ද? මහජනතාව අපහසුතාවයට පත්කිරීමෙන් වළකින්න....