පස්වරු 2.45

(රංජන් කස්තුරි)

සයිටම් විරෝධී සරසවි සිසුන්ට ඊයේ(21) කළ පහරදීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(22) ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බව එම සංගමය පවසයි.

අද දහවල් රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව මෙම තීරණයට එළැඹ ඇත.

ඒ අනුව වර්ජනය අඛණ්ඩවම සිදුවන බවත් එය නතර කිරීම පිළිබඳව පවතින තත්වය සලකා බලා පසුව තීරණය කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසීය.


පෙරවරු 11.50

(රංජන් කස්තුරි)

සයිටම් විරෝධී සරසවි සිසුන්ට ඊයේ(21) කළ පහරදීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(22) ආරම්භ කළ වැඩ වර්ජනය හෙට(23) පෙරවරු 8 දක්වා ක්‍රියාත්මක කෙරෙන බව එම සංගමය පවසයි.

පෙරදින රාත්‍රියේ සිය සංගමය රැස්වී ගත් තීරණයක් මත අද පෙරවරු 8 සිට සියලු බාහිර ප්‍රතිකාර හා සායනික කටයුතු වලින් ඉවත්වීමට තීරණය කළ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව රැස්වී පවත්වනු ලබන විශේෂ සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙන බවත් එම සංගමයේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

කෙසේ නමුත් ඩෙංගු ප්‍රතිකාර ඒකක, වකුගඩු හා හදිසි අනතුරු ඒකක, පිළිකා අංශ, මාතෘ හා ළමා රෝහල්වල කටයුතු වර්ජනය හේතුවෙන් නවතා නැති බවත් එම ඒකකයන්හි සුපුරුදු පරිදි ප්‍රතිකාර කටයුතු සිදුකෙරෙන බවත් එම සංගමය ප්‍රකාශ කරයි.