පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පිඨය සංවිධානය කරන ‘පේමෙක්ස් 2015 - වෛද්‍ය විද්‍යාවේ නොකී කතාව‘ 8 වැනි වෛද්‍ය ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉරිදා පැවැත්විණි.
ප්‍රදර්ශනය අද (24) සිට ලබන 31 දක්වා පෙරවරු 9 සිට පස්වරු 8 දක්වා මහජනයාට විවෘතව තැබෙන බව වෛද්‍ය පිඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සම්පත් තෙන්නකොන් මහතා පැවැසිය.
ප්‍රදර්ශනය මගින් පාසල් සිසු සිසුවියන්, වැඩිහිටියන් ඇතුළු සියලුම ජනතාව වෛද්‍ය විද්‍යාවේ නව තාක්ෂණයත් සමග දැනුම්වත් කිරිම තුළින් වඩාත් සෞඛ්‍ය සම්පන්න සමාජයක් බිහිකිරීම අරමුණ බව ද ඒ මහතා කීවේය.
1965 දී ඇරඹි වෛද්‍ය ප්‍රදර්ශනය අවසන් වරට පැවැත්වුණේ 2003 වර්ෂයේදීය. මිනිසාගේ උපතේ සිට මරණය දක්වා විශේෂ කුටි වල සජීවි ක්‍රියාකාරකම් ඇතුළු විශේෂ නවීන වෛද්‍ය ක්‍රමයන් හා නව සොයා ගැනිම්ද ප්‍රදර්ශනයට ඇතුළත් බව වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය එම්. ඩී. ලමාවංශ මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
993
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘වෛද්‍ය විද්‍යාවේ නොකී කතාව‘ ඇරඹෙයි