බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨාධිපතිනිය බිබිල ගුරු මධ්‍යස්ථානයට මාරු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය.
ලබන අගෝස්තු 1 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි මෙම අතුරු නියෝගය පැනවීමට අධිකරණය තීන්දු කර ඇත.
ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපන සේවයේ දෙවැනි පන්තියේ පළමුවැනි ශ්‍රේණියේ සිටින තමන් ගුරු මධ්‍යස්ථානයකට ස්ථාන මාරු කර යැවීම නීතිවිරෝධී යැයි පවසමින් ආරියසිංහ වයලට් මහත්මිය ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විජිත් මළල්ගොඩ සහ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන් හමුවේ විභාග විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd