
(නිමල කොඩිතුවක්කු)
මෙරට යාචකයින් හා නිවෙස් නොමැතිව වීදිවල ජීවත් වන පුද්ගලයින් පිළිබඳ සංගණනයක් සිදු කළ බව ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ජන හා නිවාස සංගණනයේ කටයුතු වලට සමගිමීව මෙම දත්ත රැස්කළ බව එහි අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය පැවසුවාය.
මෙම සංගණනය මගින් ඉදිරි වසර 10 සඳහා ජාතික ප්‍රතාපත්ති සම්පාදනයට සැලසුම් සකස් කිරීමට අවශ්‍ය තොරතුරු ලබාදීමට නියමිතය.
ගණන් ගන්නා නිලධාරියෙක් සංගණනය සඳහා තොරතුරු රැස්කිරීමට නිවසට නොපැමිණියහොත් 1901 දුරකථන අංකය අමතා දැනුම් දෙන ලෙස ඉල්ලිමක් කරන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරිය තවදුරටත් පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඉන්න යාචකයින් රජයේ, පෞද්ගලික සේවකයින්ට වඩා හම්බ කරනවා. මම ළඟදී දැක්කා අපේ ගෙවල් ගාව හිඟන්නා හන්දියේ බාර් එකට ඇවිල්ලා අරක්කු බොතලයක් ගත්තා. අමතරව රුපියල් 15000ක් මාරු කළා. හැමදාම ඔය මනුස්සයා දවසට රුපියල් 5000-10000ක් හොයනවා. යාචකයින් යනු හිටපු හොර ඇමැතිලා වගේමයි.
යාචකයින්ව උදේ පාන්දර සුඛෝපභෝගී වාහනවලින් ගෙනැල්ලා මුදලාලිව අල්ලලා අල්ලා හිරේ දාන්න. එතකොට ඕක පාලනය කරන්න පුළුවන්.