යාපනයේ පුංකුඩුතිව්හි දී මීට වසර එක හමාරකට පමණ පෙර විද්‍යා දැරිය ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරුවකු මුදා හරින ලෙස උපදෙස් දුන් බව කියන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපති උපදෙස් පතා ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි කියයි.
දැරිය අපයෝජනය කර මරා දැමීයැයි කියන සැකකරුවකු මුදා හරින ලෙස මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා යාපනය පොලිසියට උපදෙස් දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකින් පසු හෙළි වී ඇතැයි ද එම ආරංචි සඳහන් කරයි.
2015 මැයි 13 වැනි දා විද්‍යා දැරිය ඝාතනය කර තිබිණි.
ඝාතන සැකකරුවකු ගම්වාසීන් විසින් අල්ලා ගස් බැඳ තිබුණු අතර උප පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු ගොස් සැකරකු පොලිසියට ගෙන ආ බවත්, පසුව ඔහුට ගම්වාසීන් පහර දුන් බවට සටහන් කර සැකකරු මුදා හරින ලෙස උසස් පොලිස් නිලධාරියා උපදෙස් දී ඇති බවත් පොලිස් ආරංචි කියයි.
ගම්වාසීන් අල්ලා දුන් සැකකරු මුදා හරිම ගැන ප්‍රදේශවාසීහු විරෝධය පළ කළ අතර අධිකරණයට ද ගල් ගැසීය. පසුව ඔහු වැල්ලවත්තේ සිටිය දී පොලිසිය විසින් යළි අත්අඩංගුවට ගනු ලැබීය.
මේ සම්බන්ධයෙන් විමර්ශනය කළ රහස් පොලිසිය විමර්ශන ගොනුවේ උදෘත නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ආරංචි පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් දැන් ඔය උතුර පැත්තේ මොන දෙයක් වුණත් අන්තිමට දැන් වැරැද්ද හමුදාවේ නැත්නම් පොලිසියේ! (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
උපරිම දඬුවම් දියයුතුයි (නි)
මේවට දැඩි පියවර ගැනීමට නොහැකිද? (නි)
ඕකටත් ගෝඨාභය අල්ලාගනීද දන්නේ නැහැ. (නි)
නිල බලය යොදා අවනීතිය ක්‍රියාත්මක කරනවා නම් උතුරේ, දකුණේ, හමුදාවේ, පොලිසියේ කියලා වෙනසක් නැතුව දඬුවම් දිය යුතුවේ. පොලිස් උත්තමයාගේ නමත් ප්‍රසිද්ධ කළොත් හොඳයි. (නි)
මේ දැරිය දෙමළ නේද? එහෙනම් ඉතින් කමක් නැහැ. පොලිසිය හරි හමුදාව හරි එහෙම අල්ලනවා නෙමෙයි. ඒ අය තමයි උතුර බේරාගත්තේ. ඒ අයට ඕනෑ දෙයක් කරන්න අයිතිය තියෙනවා
ජනතා ආරක්ෂාව පොලිසියෙන් බලාපොරොත්තු වෙලා වැඩක් නැද්ද? (නි)
වැරැද්ද කවුරු කළත් දඩුවම් ලැබෙන්න ඕනෑ, පොලිසියේ හමුදාවේ කියලා එකක් නැහැ (නි)
මේක සත්‍යයක් නම බොහොම නින්දිත වැඩක්. මේ දේ තමන්ට වුණා නම් වගේ හිතන්න ඕනෑ. (නි)
අපට අවනත නොවන සියල්ලන් මොනවා හරි දේකට පටලන්න මේවා හොඳ අවස්ථා. (ම)