පසුගිය මැයි මාසයේදි යාපනය,කයිට්ස් පුන්කුඩිතිවි ප‍්‍රදේශයේදි ශිවලෝගනාදන් විද්‍යා නමැති 18 හැවිරිදි පාසල් දැරිය නිල ඇඳුම පිටින්ම මරා දැමූ බව කියන සැකකරුවන් 9 දෙනා නැවත නොවැම්බර් 09 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසට කයිට්ස් මහේස්ත‍්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතා සඳුදා (26) නියෝග කරනු ලැබීය.
අධිකරණය වෙත ඉදිරිපත් කළ පුන්කුඩිතිව් පදිංචි තිල්ලේනාදන් චන්ද්‍රකාන්තන් (31) , මහාලිංගම් සුෂිදරන් (30), ශිවදේවන් තුෂාන්තන් (23), පි.කුගදාසන් (26), ජෙයකරන් ගෝපිතන් (26) , මහාලිංගම් සෂිකුමාර් (41), පූබාලසිංහම් ඉන්ද්‍රකුමාර් (40), පූබාලසිංහම් ජයකුමාර් (34), පූබාලසිංහම් තවකුමාර් (30) යන අය එසේ රිමාන්ඩ් කෙරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අපරාධකරුවන්ට කිසිම සමාවක් දෙන්න එපා (නි)
මේ වනචාරි නරුමයින්ගේ පුරුෂ නිමිත්ත ඉවත් කිරීමේ ගෝත්‍රික දඬුවම් ක්‍රමය අපේ සමාජයෙන් ඉවත්ව යාම මොන තරම් පාඩුවක් ද? (බ)
මගේ ඇස්දෙක පව් කරලා තියනවා මේව දකින්න. පව් කාරයන්ට ජීවත් වෙන්න ස්වභාව ධර්මයා ඉඩ නොදේවා ..! (ස)
අනිවාර්යයෙන්ම කිසිම සමාවක් දිය යුතු නෑ. අනිත් යටත් පාඩමක් වෙන්න (හේ)
හෙට අනිද්දා කියාවි ඩී. එන්. ඒ ගැලපෙන්නේ නැ කියල....(රේ)
සිංහල අපිට දිරවුවේ නැතිවුනාට " කොටියා .." හිටියානම් මුන්ගේ මයිලක්වත් ඉතිරි කරන්නේ නැහැ.එහෙනම් මුන් අවීචි නරකාදියට ගිහින් හුඟාක් කල්.නොමිනිස් රැලක්.(රේ)
විද්‍යාත්මක සාක්ෂි ඔප්පු වුනොත් මෙවැන්නවුන්ට සුදුසුම මරණ දඬුවමයි .ස්ත්‍රී දුෂකයන් නැවත සිවිල් සමාජයට මුදා හැරීම අවදානම්. විද්‍යා දියණියට සිදු වූ දේ වෙන කෙනෙකුටත් වෙන්න පුළුවන්..! කොපමණ පුනරුත්ථාපනය කලත් ස්ත්‍රී දුෂකයන් හදන්න බැහැ .මතක හිටින දඬුවමක් දිය යුතුමයි.මෙහි එක් සැකකරුවෙක් සම්බන්ධව පොලිස් ලොක්කෙකුගේ විශේෂ රැකවරණයක් තිබුන බවට වාර්තා වුනා . ඒ ගැන පොලිසියේ ඉහල තැන් දැනුවත්ද..? නිසි විනය ක්‍රියාමාර්ග ගන්නවාද ..?..(රේ)
අනිල්ගේ අදහස් ඉතාමත් අගය කරනවා. මරණ දඬුවම දුන්නොත් එකපාරයි. නමුත් මේ වගේ තිරිසනුන්ට දෙන්න ඕනෑ ජීවිත කාලයටම දුක්විඳින්න පුළුවන් දඬුවමක්. (නි)
එකට එකතුවෙලා තිරිසන් වැඩකරලා දැන් යන හැටි... (නි)
මුන් යන්නේ හරි හපන්කමක් කරලා වගේ තිරිසන්නු (බ)
නීතියෙන් දියහැකි උපරිම දඬුවම දෙන්න (නි)