ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට බදුල්ල රෝහලේ දී අක්මාවේ සැත්කමක් සිදු විය.
පිළිකා ශල්‍ය වෛද්‍ය විශේෂඥ දොස්තර අනුරුද්ධ තෙවරප්පෙරුම මේ සැත්කමේ නියමුවාය.
මැදිවියේ රෝගියකුගේ ගුද මාර්ගයේ පිළිකාව ද්විතීයක ලෙස අක්මාවට ද පැතිරී තිබිණි.
අක්මාවේ සැත්කම් කරන වෛද්‍යවරුන් ලංකාවේ විරලය.
රෝගියාගේ සිරුරේ කැපුමකින් ගුද මාර්ගයේ පිළිකාව ද, තවත් කැපුමකින් අක්මාවේ පිළිකාව ද ඉවත් කරන්නට ගියේ නම් අඩි එක හමාරක තරම් කැපුම් දෙකක් කරන්නට සිදුවන බවත්, එහෙත් මේ සැත්කමේ දී කැපුමේ දිග සෙන්ටිමීටර හතරකට සීමා කළ බවත්, පැය දෙකකින් සැත්කම අවසන් කළ බවත් විශේෂඥ වෛද්‍ය තෙවරප්පෙරුම මහතා කියයි.
මේ ක්‍රමයට සැත්කම කළ නිසා රුධිර වහනය මීලිලීටර 200කට සීමා කර ගත හැකි වූ බවත්, එසේ නොවූයේ නම් ලීටරයක් පමණ ලේ වහනය වීමට ඉඩ තිබිනැයි ද ඔහු කියයි.
හොඳ හා නවීන උපකරණ ඇත්නම් තවත් මෙවැනි සැත්කම් කළ හැකි යැයි ද, ශ්‍රී ලංකාව වෛද්‍ය විද්‍යාව හා තාක්ෂණ පැත්තෙන් ඉදිරියට යා යුතුයැයි ද වෛද්‍යවරු කියති.
මෙම ශල්‍යකර්මය කරන අවස්ථාවේම බදුල්ල මහ රෝහලේ ශල්‍යාගාරයේ දී තවත් අක්මා ශල්‍යකර්මයක් සිදු කැරිණි.
සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, බදුල්ල මහ රෝහලේ අධ්‍යක්ෂ දොස්තර දයා ධර්මප්‍රිය මහතාත් , හිටපු අධ්‍යක්ෂ දොස්තර සම්පත් ඉන්දික කුමාර නවීන උපකරණ ලබා දුන් බව ද දොස්තර තෙවරප්පෙරුම කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ අවශ්‍ය දේවල් ලැබෙනවා නම් ගොඩක් දේවල් අපේ රටේම සම්පත් වලින් කරන්න පුළුවන්. ඔබ සැම අපට වටිනා සම්පත්. තව තවත් මෙවන් දේවල් කරන්න හැකියාව ලැබේවා! (නි)
ගොඩක් සතුටු වෙන්න පුළුවන් දෙයක් (නි)
අපේ වෙදදුරන් ගැන ආඩම්බරයි. ජය වේවා! (නි)
මම දකින මම විශ්වාස කරන දෙවිවරු ඔබයි (නි)
මෙවැනි වෛද්‍ය වරුන් දෙවිවරුන් වගේ. නමුත් අවාසනාවකට වගේ "හොඳ හා නවීන උපකරණ ඇත්නම් තවත් මෙවැනි සැත්කම් කළ හැකි යැයි" කියන්න වෛද්‍ය වරුන්ට සිදුවීම ඛේදජනකයි. මේවාට විය හියදම් කලයුතු ප්‍රතිපාදන පස්ස දොරින් නොවෙයි දැන් ඉස්සරහ දොරින්ම දේශපාලුවන්ගේ මකර කටට යන නිසා ලෙඩුන් පමණක් නොවෙයි වෛද්‍යවරුත් අපහසුවට පත් වී තිබෙනවා.(නදී)
මම දකින මම විශ්වාස කරන දෙවිවරු ඔබයි (නි)
ලංකාවේ වෛද්‍යවරුන්ගේ වටිනාකම දැනෙන්න ගල්ෆ් රටවලට එන්නම ඕනෑ. (නි)
හරිම සතුටුයි (නි)
දෙවිවරුන් වන් වු මෙවන් වෙදැදුරන් සැමදා අගය කළ යුතුයි. ඔවුන්ට දීර්ගායුෂ ලැබේවා! (නි)
අඩු පහසුකම් යටතේ වුණත් ලංකාවේ වෛද්‍යවරු මොනතරම් දක්ෂද? (නි)
සුබ පැතුම් . ( දී)
මමත් එත්තටම ගොඩක් ස්තුති කරනවා මේ දොස්තර මහතාට මෙවන් සැත්කමක් සිදු කිරීම පිළිබඳව. (නි)
ලංකාවේ වෛද්‍යවරු දක්ෂයි. මම ඔවුන් අගය කරමි. (නි)
ඔබ වැනි වෛද්‍යවරුන් මගේ මාතෘ භූමියට අමිල සම්පතකි. මගේ උණුසුම් සුබ පැතුම්! (නි)
මේ ප්‍රවෘත්තිය දැක්කම මම හදවතින්ම සතුටුවුණා.අපේ වෛද්‍යවරු මොන තරම් දක්ෂයි නේද කියලා. මගේ පියා මිය ගියෙත් අක්මාවේ පිළිකාවකින්. එනිසා මම සතුටු උනා මේ වෛද්‍යවරු තවත් මරණයක් වලක්වා ගත් එකට. එංගලන්තේ මේ වගේ සැත්කමක් කරන්න අවුරුදු ගානක් බලන් ඉන්න වෙනවා ඒ විතරක් නොවේ. මෙහෙ වෛද්‍ය සේවය සෑහෙනන්න පිරිහිලා. අඩුම ගානේ සිසේරියන් සැත්කමක් වත් හරියට කරගන්න බෑ. (නදී)
ඕක කලින්ම හොයා ගත්තා නම් මගේ අක්කත් තාම ජීවත් වෙනවා.(නදී)
අපට බොහොම ආඩම්බරයි මෙවන් කටයුතු කිරීමට තව තවත් ශක්තිය දහිරිය ලැබේවා.(නදී)
ඔබට දිගාසිරි මැතිතුමනි. මමත් රෝගියෙක්. අනාගතයේදී සිරෝසිස් රෝගයටත් සාර්ථක සැත්කමක් සොයාගන්න ඔබට ශක්තිය ලැබේවා!! (නි)
දෙවිවරුන් වු මෙවන් වෙදදුරන් සැමදා අගය කළ යුතුය. ඔවුන්ට දීර්ගායුෂ ලැබේවා! (නදී)
දොස්තර තෙවරප්පෙරුම මගේ පාසල් මිතුරෙක්. රාජකීය විදුහලේ හිටපු දක්ෂයෙක්. තමන්ගේ උත්සාහයෙන් ඉගෙන ගෙන රටට සේවය කරනවා. මේ ගෞරවයෙන් භාගයක් යන්න ඕන එතුමාගේ මවට. ඇයගේ කැපවීම නිසා අනුරුද්ධ තෙවරප්පෙරුම කියන දක්ෂයා බිහි උනේ. ඔබ අපට ආඩම්බරයක්.(නදී)
අපට හරිම සතුටුයි (නි)
ඇගයීමට සුදුසු උතුම් ක්‍රියාවකි. මහජන මුදල් තම තමන්ගේ සුභ විහරණයට යොදා ගන්නවා වගේම, මහජනයාගේ ද සුභ විහරණයට ඒ මුදල් යොදා ගත යුතුමය. ඉන් ජනතාවගේ ප්‍රශ්නයන්ද විසදෙන්නේය .(නදී)
ඔබ වැනි දොස්තරවරු මිහිපිට දෙවිවරුය.(නදී)
මාගේ සුබ පැතුම්. (නි)