
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
නිවසේ තිබු දියර වේදනා නාශකයක් පානය කළ කුඩා දරුවෙකු එයින් ඇතිවු අධික අසාද්මිකතාවකින් මියගොස් ඇතැයි පොලීසිය කියයි.
මරණයට පත්ව ඇත්තේ පුත්තලම කල්අඩිය ප්‍රදේශයෙ පදිංචි අවුරුද දෙකයි මාස හතක් වු එස්.ඒ.විනුක මන්දිත් නැමති දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක බාල දරුවා බව කියයි.
සිද්ධියෙන් අනතුරුව මුන්දලම රෝහලට ඇතුලත් කෙරුණු දරුවා පසුව හලාවත මහ රෝහලින් කොළඹ රිජ්වේ ළමා රෝහලට රැගෙන යමින් සිටියදී මෙලෙස මරණයට පත්ව තිබේ.
ඥාති නිවසකට යාම සදහා මව්පියන් දරුවන් තිදෙනා සුදානම් කරමින් සිටියදි කුඩා දරුවා කිසිවකුට නොදැනෙ ලෙස උස් ස්ථානයක තබා තිබු මවගේ පාදයක ආබාධයකට ගෙන ආ දියර සහිත වේදනා නාශකයක් රැගෙන එහි මුඩිය ඉවත් කරමින් සපමින් සිටිනු දුටු පියා එකවර එය උදුරා ගෙන ඉවත් කර ඇති බව කියයි.
මව්පියන් පුතු පරික්ෂා කිරීමේදි අදාල වේදනා නාශක දීයරය පෙවිමක් සිදුවු තහවුරු වි නොමැති නමුත් පාලවිය ප්‍රදේශයෙ ඇති පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක වෛද්‍යවරයකුටද දරුවා පෙන්වා ඇත.
2025 දෙසැම්බර් මස 18
585
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වේදනා නාශක දියරය පෙවුණ සිඟිත්තා මරුට