පාර්ලිමේන්තු මැතිවරණ පනත උල්ලංඝනය කරමින් ඡන්දයක් ප්‍රකාශයට පත් කර තිබියදී පෙළපාළි යාම හේතුවෙන් අධිකරණයට කැඳවූ වෛද්‍ය විද්‍යාල සිසුන් 19කට රුපියල් 25,000 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (28) නියෝග කළේය.
අගෝස්තු 5 වැනිදා මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව කොළඹ ටෙක්නිකල් හංදියේ සිට කොටුවට නීති විරෝධී අයුරින් පෙළපාළියකින් ගමන් කිරීම සම්බන්ධයෙන් කොටුව පොලිසිය පැමිණිල්ලක් ගොනු කර තිබුණි.
ඒ අනුව අද අධිකරණයට පැමිණි සිසුන් 19 දෙනකුට එසේ ඇප නියම විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd