අගමැති පාර්ලිමේන්තුවේදී කළැයි කියන ප්‍රකාශයකට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පිරිසක් බදුල්ලේ රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරැඹූහ.
අගමැතිගේ ප්‍රකාශය අනුමත කරන පිරිසක් ද බදුල්ල රෝහල ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූහ.
දෙපිරිස අතර උණුසුම් තත්ත්වයක් ඇතවීමෙන් පසු බණ්ඩාරවෙල-බදුල්ල මාර්ගය රෝහල අසලින් අවහිර වී ඇතැයි පොලිසිය කියයි.
කැරලිමර්දන කණ්ඩායම් හා අතිරේක පොලිස් බළඇණිද කැඳවා තිබේ.
![IMG_20160223_122302[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/IMG_20160223_1223021.jpg)
![IMG_20160223_122604[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/IMG_20160223_1226041.jpg)
![IMG_20160223_122708[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/IMG_20160223_1227081.jpg)
![IMG_20160223_122842[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/IMG_20160223_1228421.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙදකමට ගැලපෙන්නේ නැති අය ආවහම , මේ වගේ දේවල් කරනවා , අර ඉස්සර වගේ දැන් හැම දේටම පවුල් පසුබිම බලන්න වෙනවා (බ)
රනිල්ගේ හිතේ මේ දොස්තරලා ඔක්කොම මහින්දගේ මිනිස්සු කියල. මොන මැටි මෝල් කතාවක්ද. එකෙන් වෙන්නේ යූ එන් පී දොස්තරලටත් පක්ෂයත් ආණ්ඩුවත් දෙකම එපා වෙන එක. (බ)
දැන් එකපාර පක්ෂ විපක්ෂ උද්ගෝෂණය කරනවා එක ළඟ , එක හොන්දයි, එතනම ප්‍රශ්නේ විසඳෙනවා. (ර)
ආණ්ඩුවේ වැරදි තීරණ වලට එරෙහිව ජනතාව විද්වතුන් උද්ඝෝෂණය කරන විට ඒවා යටපත් කිරීමට දේශපාලන මැරයන් භාවිත කිරීම යහ පාලනය නොවේ. (හේ)
කව්රු පස්සේ හිටියත් කව්රු ඉස්සරහ හිටියත් එකට වැඩ කරන අය දෙපිරිසකට බෙදිලා ගහ මරා ගනිද්දී අනතුරක් වුනොත් කව්ද ප්‍රතිකාර කරන්නේ?කොහොමද ප්‍රතිකාර කරන්නේ? මිනිස්සු උසිගන්වන එකෙක්වත් ඔතනට එන්නේ නෑ...උරාගෙ මස් උගේම පිටේ තියල කපල උන්ටම කවන්න හදන පාලකයෝ ...අවසානයේ හිරගෙවල් පුරවන්න ද සැරසෙන්නේ......(බ)
මේ පැත්තේ නේද වැද්දෝ ඉන්නේ? (ර)
පේනවා නේද අපේ බෙදීමේ තරම ? ඉස්සර උද්ගොෂන කලේ එකම අරමුණකින් එකම ආයතනයක් හැටියට මිසක් පාට පාට කන්නාඩි වලින් පෙනෙන්න මතවාද ඔස්සේ නෙවෙයි , උගත් බුද්දිමත් කියන මිනිස්සු මෙහෙමනම් අනිත් මිනිස්සු ගැන කුමන කතාද ? (ර)
සිංහ හම පොරවා ගත්තට බැටළු ගතිය මතුවෙනවා.(හේ)
වෘර්තිය වේදීන් උද්ගෝෂනය කළා කියලා රජය වෘර්තිය වේදීන්ට එරෙහිව උද්ගොසන සංවිදානය කිරීම මහා විහිළුවක්, (ර)
උඩ පින්තුරයේ ඉන්නේ හොඳ වැදගත් මහත්තුරු කියලා ඉන්න විදිහට පේනවා. යට ඉන්නේ.... ? (ර)
පිටබැද්දර ජයා; මෙතෙනේ මතවාද ගැටුම තියෙන්නේ උගත් දෙපිරිසක් අතර නෙමෙයි. වෙනස පැහැදිලිව ප්‍රථම සහ අවසාන ඡයාරූප වලින් බලාගන්න. (ර)
ඔතන පිරිස් දෙකක් ඉන්නවා. වෛද්‍ය වරු සහ ගෙනාපු අය. (ර)
අනේ මේ සීයාගේ අතේ තියෙන පෝස්ටරේ "තරුණ අපේ" කියලා මොනවදෝ ලියලා? දොස්තරලට විරුද්ධ තරුණයෝ මෙහෙම නම් වයසක අය එහෙම අාවා නම් කොහොම හිටීවිද? (හේ)
චානක, එකම තැන පක්ෂ විපක්ෂ උද්ඝෝෂණ කරලා, (හේ)
ඕනීම වැරැදි වැඩක් බලය පාවිච්චි කරලා කරන්න හදන්නේ.(හේ)
වර්ජනය කළා කියලා දැන් ලැබෙන්නේ මොකක්ද?(හේ)
බෙල්ලේ ටයි එකක් එල්ලා ගත්තම උගත් වෙන්න පුළුවන්. ඒත් බුද්ධිමත් නැහැ. (ර)
සිනහවෙන් හා කතාවෙන් බැහැ මනින්නට මිනිසා කියා කිව්වට නැවතිල්ලේ හිතලා බලනකොට ඒ කියමන වෙනස්වෙනවා වගේ (නි)
ඔය සමහරු කියන විදියට ලංකාවේ මිනිස්සු දහදාහක් මේ ළඟදි ඉන්දියවේ රක්ෂා වලට යනවලු. (නි)
මෙතන පෝස්ටර් අතේ තියාගෙන ටයි දාගත්තු සංගමයේ නොවන අයත් ඉන්නවා. (හේ)
බොරු වැඩ.(හේ)
අද හුඟක් අය උගත් කම කියන්නේ ටයිපටියක් දාලා කෝට් බාගයක් ගෙන ඉන්න අයට. ඉතින් කොහොම ඉතිරි දේවල් ගැන පහදලා දෙන්නද?(හේ)
කවුද මේකේ පස්සේ ඉන්නේ.(හේ)
පහුගිය කාලේ ලයිට් බිල වැඩි කළාට පක්ෂවත් උද්ඝෝෂනය කරපු අය හිටියා - ආණ්ඩුවෙන් සංවිධානය කරන උද්ඝෝෂණ ගැන විශ්වාස නැහැ, ආණ්ඩුව උගතුන්ට සවන් දිය යුතුයි (බ)