ආණ්ඩුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව කරන ප්‍රකාශවලට හා ආණ්ඩුව අත්සන් කිරීමට යෝජිත ඉට්කා ගිවිසුමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (26) කුරුණෑගල නගරයේදී පැවැත්විණි.
කුරුණෑගල රෝහල අසල සිට පාගමනින් කුරුණෑගල නගරය වෙත පැමිණි වෛද්‍යවරු බස් නැවතුම්පළ අසල උද්ඝෝෂණයේ යෙදුණහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වකුගඩු ජාවාරමක් ගැනත් පරීක්ෂණ වගයක් තිබෙනවා නේද?පාරට බහින්නේ නැතුව කොහොමද? (නි)
කලණි විතානගේ, ඔබට තිබෙන උගත්කම ඔබේ කියුමෙන් තේරෙනවා. ගමේ ගොඩේ අහිංසක මිනිස්සුන් තමයි ආගම, ජාතිය, භාෂාව, ජාත්‍යාලය වගේ දේවල් ගැන බොරු දෙසලා කපටි දේශපාලකයන්ට ලේසියෙන්ම රවටන්න පුළුවන් පිරිස. වෘත්තීය දැනුම කියන එක උගත්කම හැටියට සළකනවා නම් මේසන් බාස් උන්නැහේලා, නාටාමිලා, වඩු බාස් උන්නැහේලා, කොත්තු රොටි බාස්ලා එහෙමත් උගත්තු! (නි)
වෛද්‍යවරුන් ජීවත්වෙන්නේ ලෙඩුන් හින්දයි. මිනිසුන් අසනීප වෙන්නේ නැත්නම් දොස්තරලා රටකට උවමනා නැහැනේ? ඇයි මේ උන්නැහේලා බෙහෙත් හිඟය, බෙහෙත් මිල, රෝහල්වල පහසුකම් මදි බව ආදී දේවල් ගැන සටන් නොකරන්නේ? (නි)
ශම්මි, විජය, ඔයාලට කියන්න තියෙන්නේ දොස්තර සංගමය මේ ඉට්කා එකක් අල්ලාගෙන කෑගහන්නේ මේ ආණ්ඩුව එයාලගේ පදේට නටන්නේ නැති හින්දයි, වැරදිලාවත් ඉන්දියන් දොස්තරලා ආවොත් එයාලට කරදරවෙන හින්දයි මිසක් වෙන මොකුත් හින්දා නෙමෙයි (නි)
මේකේ අදහස් දාලා තියන එක්කෙනෙක්වත් රටේ වෙන්නේ මොනවද කියලා දන්නේ නැහැ වගේ. දොස්තරලා මේක කළේ දොස්තරලට මොකුත් ලබාගන්න නෙමෙයි. මේ රටේ අනාගතය විනාශවෙන්න යන එක නවත්වන්න. ඔය කොයි කාටත් දැනෙයි ඉන්දියාවෙන් එක එකා ඇවිල්ලා කාගේ කාගේත් රැකියාව නැතිවුණ දාට (නි)
ඉස්සර අපි පොඩි කාලේ වෛද්‍යවරු හරිම ගරු ගාම්බිරයිඒකට දැන් බෝර්ඩ් කෑලි එල්ලන් පාරේ හරියට බිග් මැච් හුරේ දාන කොල්ලෝ වාගේ... (ර)
ගමේ ගොඩේ ජීවත්වෙන අහිංසක මිනිස්සුත් රටේ දේශපාලනය ගැන උනන්දුවෙන යුගයක වෛද්‍යවරුන් දන්නේ වෛද්‍ය විද්‍යාව විතරක් කියලාද රොකී මහත්තයා කියන්නේ? වෛද්‍යවරුන් කියන්නේ දැනුවත්බාවයක් තිබෙන කණ්ඩායමක්. (නි)
අයියෝ දැන් මේ අයට වෙන වැඩක් නැද්ද දන්නේ නෑනේ.(හේ)
ජයාත්, ඉන්දියාවේ දොස්තරලා ලක්ෂ ගණන් රස්සා නැතුව ඉන්නවා. බොරු සහතික හදාගෙන පුද්ගලික විද්‍යාලවලින් පිටවෙන මේ ඉන්දියන් දොස්තරලා අවස්ථාවක් දුන්නොත් එක පයින් ලංකාවට පනීවි. (නි)
මේ අදහස් කියවන මොහෙතේ වුණත් ලංකාවේ රෝහල් වල දොස්තරවරුන් රෝගීන් දහස් ගණනක ජීවිත බේරාගන්න ශල්‍යකර්ම ප්‍රතිකාර දිවා රෑ නොබලා කරනවා (නි)
ඇයි අප්පේ මේ මහත්වරු ස්ටයික් කරන්න දැන් බයද? නැත්නම් ලැජ්ජද? මුන්නැහෙලට අපි ආරාධනා කරනවා ඒකට හේතුව කියන්න කියලා. මේ ආණ්ඩුවත් එක්ක මට මොන ප්‍රශ්න තිබුනත් මේ දොස්තරලගේ ඊනියා සංගමයට කොන්ද නොනමන එක ගැන නම් ආඩම්බරයි (නි)
ඉන්දියාව ඉස්සර වගේ නෙමෙයි දැන්. මුළු ආසියාවේම තමාගේ බලය තහවුරු කිරීම තමයි ඒගොල්ලන්ගේ අරමුණ. අපේ මේ ලස්සන පුංචි ලංකාවේ ලාංකිකයන් හැටියට අපේ අනන්‍යතාවය රැකගන්න ඕනෑ. මේ තරුණ වෛද්‍යවරුන් සහ අනිත් වෘත්තීය සමිති කරන අරගලයට ඔයගොල්ලෝ ඔක්කොම උදවු කරන්න (නි)
කලණි විතානගේ නෝනෝ, වෛද්‍ය වරුන්ට උගත්කම තියෙන්නේ වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙනුයි. ඔය බොහොම දෙනෙකුට ඊට අමතරව ඇති එපමණ උගත් කමක් නැහැ. මේක දේශ පාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව වගේ වෙනත් විෂයයන්ට සම්බන්ධ පුරස්නයක්. උන්න්හෙලා මේ විද්‍යා ක්ෂේත්‍රයේ ගැටළු කොතෙකුත් තියෙද්දී මේ කොහෙත්ම සම්බන්ධයක් නැති දෙකට මේ අවස්ථාවේ ඇත දමන්නේ. (ර)
ඕනෑම අධෝමාර්ගයක් පරික්ෂා කරන්න මෙයාල දන්නවනේ. ඒ නිසා මේ ගිවිසුමත් පරික්ෂා කරලා බලන්න ඇති නේද ? (බ)
කලණි විතානගේ, ඔබ හරියට හරි. ඇයි මේ උගත් මිනිස්සු මෙයට විරුද්ධ කියා සොයාබැලිය යුතුයි. අපිත් දන්නවා ඉන්දියානුවන් එන්නේ කෑම වේලට වැඩකරන්න බව. (නි)
විජය, මෙතැනදී එකමුතු වෙන්න අමුතුවෙන් පුන පුනා කිවයුතු දෙයක් නොවෙයි. මට හිතාගන්න බැරි ඇයි මෙරට සමහර මිනිස්සු මේවගේ දේවලට කැමති කියා. අපේ ළමයින්ගේ රැකියා නැතිවීම ඔවුනට ප්‍රශ්නයක් නොවෙයිද? (නි)
පෙරේරා, ඔයතරම් පහත් තත්වයකට වැටෙන්න එපා. අනේ බුදු මහත්තයෝ මගේ අහවලාගේ ගීවිතය බේරාදෙන්න කියාගෙන ඔවුන් ළඟට යන දිනක් ඔබට ඒවි. නැත්නම් ඔබව බේරාදෙන්න කියා අඬන අවස්ථාවක් එයි. එමනිසා කට පරිස්සම් කරගත්තොත් හොඳයි නේද? වෙද සංගමයේ මහත්වරු ඔබට වඩා උගත් බව මම හොඳට දන්නවා. (නි)
ඉන්දියාවේ දොස්තරලයි, බේත් ටිකයි එම්බුලන්ස් එක්කම ආපුවහම ඔය සැර නිකම්ම බැහැල යාවි. දොස්තරලා ඉල්ලන් කනවා. (ර)
රොකී, බෙහෙත් හිඟය, බෙහෙත් මිල, රෝහල්වල පහසුකම් මදි බව රට ඇතුළේ තිබෙන ලෙඩ. ඉට්කා කියන්නේ පිටරටින් ගෙන්වන්න යන භයානක ලෙඩක්. වෙද සංගමය ලෙඩේ එන්න කලින් අපිව බේරාගන්න තමයි මේ හදන්නේ. (නි)
රොකී, ඔබ වෛද්‍යවරුන් ගැන ඔහොම කියන්න ඔබට ඉට්කා ගිවිසුම ගැන තිබෙන දැනීම මොකක්ද? (නි)
මනෝජ්, ඉන්දියාවේ දොස්තරලයි, බේත් ටිකයි ඇම්බියුලන්ස් එක්කම ආවහම නිකම්ම බැහැලා යන්නේ දොස්තරලගේ සැර නොවෙයි, අපේ උගත් ළමයින්ගේ සැර. අනික ගමේ ඉස්පිරිතාලයට ඩිස්පෙන්සරියට ඉන්දියානු දොස්තරලා ආවහම ලෙඩේ කියන්න වෙන්නේ අතින් පයින්. අපේ ළමයින්ට වඩා ඉන්දියානුවන්ට ආදරය කරන සිංහලයින් ඉන්න බව මම මීට පෙර දැකතිබුනේ නැත. (නි)
රොකී, 21 වෙනි ශතවර්ෂයේ හොඳම විහිළුව ඇසුවේ ඔබෙන්. ඉදිකිරීම් නැත්නම්, නිර්මාණ නැත්නම් ඉංජිනේරුවන් ඕනෑත් නැත. සමහරවිට හොඳ දොස්තර කෙනෙක් නොසිටින්න ඔබත් නොසිටින්න පුළුවන්. මෙතන තිබෙන ප්‍රශ්නය එය නොවෙයි. අපේ රැකියා අවස්ථා ඉන්දියානුවන්ට යාමයි. (නි)
ජයාත්, ඔබ ඔය කියන දොස්තරලගේ ඊනියා සංගමය සටන් කරන්නේ කුමක් සඳහාද කියා බලන්න. එක හේතු කරගෙන කතා කරන්න. ඔබගේ ඊනියා සංගමයටත් අපටත් තේරෙනවා අපට වෙන්න යන්නේ මොකක්ද කියලා. ඉන්දියානුවන් අපේ රැකියා අවස්ථා ආක්‍රමණය කළාම අපට හොඳද නරකද කියලා කියන්න. (නි)
වැඩිය කන්න ගිය හැමෝම අද මහා පාරේ. මමනම් කියන්නේ කෙලෙහි ගුණයක් නැති අයට මෙහෙම වෙලා මදි. (ර)
අපිත් ඔබ සමඟයි (නි)
දුමින්ද මහතා කියපු දේට නම් මාත් එකඟයි, මේ වෙද සංගම් නිලධාරීන් 1980 දශකයේ සේවය කල තමන්ගේ ජෙය්ෂ්ඨ නිලධාරීන්ගෙන් උපදෙස් ලබාගෙන මේවා සංවිධානය කලොත් තම හොඳ, නැතිනම් රජයේ වෙද සේවය සමාප්ත වේවි. (ර)
මම දන්නා තරමින් වෛද්‍ය නිලධාරී සංගමය කියන්නේ ඇත්ත. ඔවුන් කියන දේ ගැන හිතලා බලපුවහම අපිට වෙන්න පුළුවන් අගතිය හොඳට පැහැදිලි වෙනවා. (ර)
දොස්තරලා මෙතරම් මේ ගැන කියන්නේ වෙන්න යන අනතුර ඔවුන්ට පෙනෙන නිසා කවුද කොන්ද නැති නිවටයෙකුත් මගේ නමින් අදහසක් දාලා.(බ)
අඩු කළේ දිය සෙළවෙනවා වගේ රෝනිගේ උගත්කම දාන අදහස් වලින් තේරෙනවා. (නි)
බලන් කඩතුරා හැර දෑසේ... වෙද සංගමයේ අනතුරු හැඟවීමට සවන් දෙන්න. මේ පුංචි ලංකාවේ සම්පත් ඉන්දියානුවන්ට සූරාගන්න ඉඩදෙන්න එපා. එකමුතු වෙන්න (නි)
කළු ගලේ හිස ගසා ගැනීමක්.(හේ)
දැන් මේ අයත් හැම තැනම යනවා වගේ.(හේ)
බුද්ධිමත් එමෙන්ම උගත් වෛද්‍ය වරුන්ගේ විරෝධය රජයේ කෝපයට නොව සලකා බැලීමට යොමුවිය යුතුය. (ර)
හැම වෘත්තියකම හොඳ සහ නරක මිනිස්සු ඉන්නවනේ. නමුත් මේ තරුණ වෛද්‍යවරු සටන් කරන්නේ ලංකාවේ අනාගත පරම්පරාවේ යහපත සඳහා බව පැහැදිලියි (නි)
වෛද්‍යවරු කියන්නේ ඉතින් නීතිය, ඉංජිනේරු ශාස්ත්‍රය, දේශපාලන විද්‍යාව, ගණකාධිකරණය, අනෙකුත් සෑම දෙයක් පිළිබඳව දැනඋගත් බුද්ධිමතුන්නේ නේද? (නි)
බුද්ධිමත් ආර්ථික විද්වතුන්ට බැරි මොකද තෙල් වලින් ඉන්දියාවට යන අධික ලාබය නවත්වන්න? ලාබය පාරිභෝගිකයින්ට දෙන්න බැරිනම් අඩුම තරමින් රජයටවත් ලබා ගන්න හිතනවා නම් හොඳ නැද්ද? (නි)
මේ ගොල්ලන්ට කාර් පර්මිට් දුන්නනම් මේ මුකුත් විරෝධතා නැහැ, ජනතාව හෙට අනිද්දට මේගොල්ලන්ට හොද පාඩමක් උගන්වාවි. (ර)