මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයේ ඉදිකිරීම් වහා නතර කරන ලෙස බලකරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ විරෝධතා පාගමනක් අද කොළඹ දී පැවැත්විණි. දිවයින පුරා විශ්ව විද්‍යාල වෛද්‍ය සිසුහු දහසකට ආසන්න පිරිසක් ඊට එක්වූහ. ඔවුන් කොළඹ ජාතික රෝහල අසලින් පාගමන ආරම්භ කර කිංසි පාර ඔස්සේ පුංචි බොරැල්ලටත් මරදාන ඩීන්ස් පාර හරහා වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටටත් පැමිණි මහ පාරේ වාඩි වූහ.‘ නිදහස් අධ්‍යාපනයේ මළගම‘‘ යැයි ලියූ මිනී පෙට්ටියක් ද රැගෙන ආහ. මේ නිසා පුරහල, බොරැල්ල, මරදාන ඇතුළු ප්‍රධාන මංසන්ධි කිහිපයක දෙපැයකට අධික කාලයක් දැඩි වාහන තදබදයක්
පැවැතියේය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවෙ නිදහස් අධ්‍යාපනය තිබුණනම් ඒ රටවල් මේ වෙද්දි දියුණු වෙලා. සතුටෙන් කියන්න පුලුවන් ඉන්දියාවේ තරම් මෝඩ මිනිස්සු ලංකාවේ නෑ
කැම්පස් යන්න තියා A/L වත් පාස් කර ගන්න බැරි අයට මේවා කුහක වැඩ කියල තේරුනත්... දහසක් වැඩ තියාගෙන වෛද්‍ය සිසුන් පාරට බහින්න තරම ප්‍රශ්නයක් තියන බව වගකිවයුත්තන්ට තේරෙන්නේ නැති හැටි....
ඇත්තට වැඩ කරන ඔබට ජය..
එක එක පාට කණ්නාඩි දාන් බලන අයට එක එක විදියට පේන්නේ
පොද්ගලික විශ්ව විද්‍යාල නරකයි .. පොද්ගලික රෝහල් හොදයි
නිදහස් අධ්‍යාපනයේ වටිනාකම නොතේරෙන තාමත් සුද්දට කඩේ යන කොන්ද පන නැති හිවල්ලු නිසයි රට වලටම යන්නේ.. නිදහස් අධ්‍යාපනය රැකගන්න මහන්සි වෙන අපේ කොල්ලන්ට ජය වේවා..! නිදහස් අධ්‍යාපනේ සුරැකේවා..!
නිදහස් අධ්‍යාපනය රැකගන්න මහන්සි වෙන්න!
ස්ට්‍රයික් කලාට කමක් නැත. පිකටින් කලාට ද කමක් නැත. නමුත් මහමඟ ගමන් ගන්නා දහසක් මිනිසුන්ට කරදරවන ලෙස ඒවා කිරීම ඉතාමත් වැරදි ක්‍රියාවකි. මේ ස්ට්‍රයික් නිසා ඉන්ටවිව් කීයක් මඟහැරෙන්න ඇතිද, ලෙඩ්ඩු කීදෙනෙක් දුක් විඳින්න ඇතිද? මොවුන් කවුරුවුනත් සාමාන්‍ය මහජනයාගැන කැක්කුමක් නැති මිනිසුන් කොට්ඨාසයකි. දැනුමෙන් වැඩුනු මුත් සාමාන්‍ය දැනීමක් මොවුන්ට නැත, මොවුන්ද ප්‍රතික්ෂේපිත ජෙප්පන්ව අනුකරණය කරන මහදැනමුත්තන්ය. මට තව ප්‍රශ්ණයක් ඇත, පිටරට විශ්ව විද්‍යාලයක වෛද්‍ය උපාධියක් හදාරා තව පශ්චාත් වෛද්‍ය උපාධියකුත් හදාරා (නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන ඔබලාද පශ්චාත් උපාධිකරන විශ්වවිද්‍යාලයකින්) එන කෙනෙකුව ඔබලා කිසිම කතාවක් නැතුව පිලිගන්නවානේද? සර් කියල කතාකරනව නේද? විශ්වවිද්‍යාල වල දේශන වලටත් කතා කරනව නේද? ඒවගේ බොහෝ අය ලංකාවෙ ඉන්නවා නේද? මෙච්චර කෑ ගහන්නෙ මේක ලංකාවෙ නිසා නේද? පිටරටක නම් කමක් නෑ නේද?
මෙතන ප්‍රතිචාර දාන්නත් අකුරු ඉගෙන ගත්තෙ නිදහස් අධ්‍යාපන නිසා කියලා සමහරුන්ට තේරෙන් නෑ.
තෝරාගැනීමේ ක්‍රමය වෙනස් කළ යුතුයි.
ඉගෙ ගන්න අයට ඉගෙන ගන්න තැනකුත් එපායැ. හැමදාම උද්ඝෝෂණ
ඉන්දියාවට වෛද්‍යවරුන්ගෙන් කිසිම අඩුවක් නැත. එපමනක් නොව, අති විශාල ප්‍රමාණයක් (15% පමණ) අමෙරිකානු වෛද්‍යවරු ඉන්දියන් ජාතිකයෝය.
"මේ නිසා පුරහල, බොරැල්ල, මරදාන ඇතුළු ප්‍රධාන මංසන්ධි කිහිපයක දෙපැයකට අධික කාලයක් දැඩි වාහන තදබදයක් පැවැතියේය." ගිලන් රථ කීයක් මේ උගත් මෝඩයො නිසා එන්න බැරුව තියෙන්නැද්ද. ඔන්න ඔහොමයි නිකන් ඉගෙනගන්න ලැබුණු කුහකයො වැඩ කරන්නෙ
මේ අයද රටේ අනාගාතය භාරගන්නේ?
නිදහස් අධ්‍යාපනය නැති කරගන්නෙ මේ අයම තමයි.
රාගමටත් ඔහොම තමයි පෙලපාලි ගියේ
මුන් අන්තිම කුහකයෝ රෑලක්.
මුන්නම් මහා උගත් කුහකයෝම.... ඉන්දියාව .. ඇමෙරිකාව ....ඇතුළු තව රටවල පව්ද්දලික ඒවා වහුවනම් කොහොමද....?
මෙම උද්ගෝශනය නිසා ජාතික රෝහලට කිසිදු බාධාවක් වූයේ නැත.
මේ අය පිටුපසින් ඉන්නේ ජේවීපී එකයි.
මේ ළමයි විතරක් නෙමෙයි ලංකාවේ හැමෝම ඉගෙන ගන්නේ නිදහස් අධ්‍යාපනෙන්. මේ ළමයි විතරයි ඒකෙ හිනි පෙත්තටම නැගල තියෙන්නේ. මේ ළමයි කවදා හරි කරන්නේ තමන් ඉගෙන ගත්ත දේවල් වලින් අසරණ රෝගීන්ට බෙහෙත් දෙන එක. නිදහස් අධ්‍යාපනෙන් ඉගෙන ගන්නේ නැතුව මහා ජනතාවගේ සල්ලි නාස්ති කරපු කී දෙනෙක් අද රටේ ඉන්නවද? අසරණ රෝගීන්ගේ ජීවිත වෙනුවෙන්... මේ ළමයි කෑ ගහල කියන වචන වලට පාලකයන්ගේ ඇස් ඇරෙන්න ඕනේ. ශ්‍රී ලංකාවේ අපි හැමෝම මේ ළමයින්ව තේරුම් අරගෙන, මේ කෑ ගහන්නේ අපි හැමෝම වෙනුවෙන් කියල තේරුම් අරගෙන යෝධ පවුරක් වගේ මේ ළමයි පිටිපස්සෙන් හිටගන්න ඕනේ. මේ දක්ෂ දරුවෝ කවදා හරි අපිට, අපේ ළමයින්ට බෙහෙතක් හේතක් කරයි...
තරඟකාරී විභාගයකින් සමත්වී විශ්වවිද්‍යාල ගිය ශිෂ්‍යයෝ තරඟකාරී වෘතීය ජීවිතයට භියේ පෙළපාලි යන ආකාරයට අතිශයින්ම ලැජ්ජාවිය යුතුයි.
මෙහෙම අයද දොස්තරල වෙන්න හදන්නෙ?
ප්‍රයිවට් චැනල් සර්විස් හොදයි හැබැයි ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් හොද නෑ????
නිදහස් අධ්‍යාපනයට ජයවේවා
නිදහස් අධ්‍යාපනයේ වටිනාකම තේරෙන්නේ නැති අයට කවදාවත් නිදහස් අධ්‍යාපනය නොදිය යුතුයි.
පුද්ගලික විශ්ව විද්‍යාල හොද සල්ලි තියන ලොකු ලොකු අයගේ දරුවන්ට දුපත් අයගේ දරුවෝ පාරේ නේද ?
ඔවුන් දොස්තරල නෙමෙයි කොන්දොස්තරලා කරන්න ඕනෑ
අනෙක් අය ඉගෙන ගත්තම ඒකෙ ඇති වැරැද්ද මොකක්ද?
තමන්ට අසාධාරනයක් වෙද්දි ඒ ගැන කතා කරන කොන්ද පන ඇති මේ වගේ අය ගැන ටිකක් හිතන්න. සතුටු වෙන්න කොන්දක් තියෙන අය ඉන්න එක ගැන
එතකොට ඔය comment දාන කුහක නැති උදවිය කියන්නේ PMC එක ඔය තියෙන විදියටම කරගෙන යන එක හරි කියලද ?
ලංකාවෙන් අවුරුද්දකට විදේශ විනිමය ඩොලර් කීයක්නම් විදේහ රටවලට යවනවද? ඇයි ඕක මෙයාලට තේරෙන්නේ නැත්තේ? පිට රටින් ඉගෙන ගන්න අයගෙන් මෙයාලට තියෙන වාසිය මොකක්ද? එයාලා කීයෙන් කී දෙනාද මෙඩිකල් කවුන්සිල් විභාගයෙන් පාස් වෙන්නෙ?
(මා වෛද්‍ය සිසුවකුවත් දොස්තරවරයකුවත් නොවේ) ලංකාවේ හැමෝටම වගේ නිදහස් අධ්‍යාපනය ලැබිලා තියෙනවා. දැන් බස් කොන්දොස්තර වෙලා ඉන්න අයත්, දැන් දොස්තරලා වෙලා ඉන්න අයත් නිදහස් අධ්‍යාපනය ලබපු අය. එකම වෙනස දොස්තරලා, වෛද්‍ය ශිෂ්‍යයෝ කියන්නෙ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මහජනතාව වියදම් කරන/කරපු මුදලට නියම වටිනාකමක් දෙන අයයි.
නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන තවත් දරුවකුට අකුල් හෙලන තමන් ගැන පමණක් හිතන ඊරිසියාකාරයෝ
මේ රටේ බහුතරයක් ජනතාවට මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ,විශ්ව විද්‍යාල ගැන හරි අවබෝදයක් නෑ.ජනතාව චන්දෙ දීල පත්කර ගත්තු ආණ්ඩුව ,ජනතාවට කොලේ වහල ඇගට නොදැනී වැඩ කරගෙන යනවා.ඉතින් ජනතාවට තියෙන්නේ තියෙන දෙයක් කාල,වෙන දෙයක් දිහා බලන ඉන්න තමා.හරි ප්‍රමිතියක් නැති පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නිසා බිහිවෙන දොස්තර මහත්තුරු නිසා මේ රටේ අහිංසක මිනිස්සුන්ට යම් අපරාදයක් උනොත් එන්න එදාට ..මිනිස්සුන්ගේ ඇස් ඇරේවි.එතකොට පෙරහෙර ගිහිල්ල අවසනඊ.සුබ අනාගතයක් ඔබ සැමට !!!
ඔයාලට මේ දේවල් තේරෙන්නේ නෑ. ඔයාල අඩුම තරමේ වැස්සකටවත් විශ්ව විද්‍යාලයකට ගොඩවෙන්න ලැබිලා තෙයන්න ඹ්නෑ. රෑ එලිවෙනකම් පාඩම් කරලා අමාරුවෙන් ළමයෙක් විශ්ව විද්‍යාලයට යන්නේ. අපේ විරෝධය තියෙන්නේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට නෙමෙයි. අපි කියන්නේ ඔය මොන දේ කරත් පාඩම් කරල අමාරුවෙන් විභාගය ගොඩ දාගන්න අයට අසාධාරණයක් කරන්න එපා කියලයි.
අපේ දේවල් රැකගන්න හදන අපේ කොල්ලන්ට ජය වේවා...!!!
අපේ දේවල් මේ රැකගන්නයි හදන්නේ.
රුසියාවේ හරි ඉන්දියාවේ හරි සල්ලි ගෙවල ඉගෙන ගන්න එන දොස්තරවරුන්ට කමක් නැද්ද?
රටේ සල්ලි වලින් ඉගෙන ගන්න මේ අය ඊට පස්සෙ පත්වෙලා ඇවිත් රෝහල්වලත් වැඩ වර්ජන පටන් ගන්නවා
ලංකාවේ නිදහස් අධ්‍යාපනය රකින මේ දරුවන්ට ජාතියේ උත්තමාචාරය හිමිවිය යුතුයි. තමන් ගැන පමණක් හිතන අයට මේක කරදරයක් තමයි
තියෙන්නේ පැහැදිලි ඊරිසියාව......
මහා උගත් කුහකයෝම....
තව මිනිහෙක් ඉගෙන ගන්නවාට තියෙන ඊරිසියාව. මෙහෙමත් මිනිස්සු
කවද හරි මොවුන් දොස්තරවරු, කවද හරි වුවමනා වෙයි පුද්ගලික පුහුණුව?
අවාසනාවකට මෙතන ඉන්න කාටවත් act19 exam එක pass වෙන්නේ නැතුව ඕන කෙනෙකුට ලක්ෂ 60 දීල doctor කෙනෙක් වෙන්න පුළුවන් එකේ ආදීනව තේරෙන්නේ නෑ වගේ... ඔහොම යන් ඔහොම යන්.. මෙයාලගෙන් බෙහෙත් ගන්න උනාම තේරේවි
කොහොමද මෙහෙම ගියොත් ලංකාව දියුණු කරන්නේ
දුප්පත් අය ගැන 1% වත් බලනවද?
මේ අය ඉගෙන ගන්නේ මහජන මුදල් වලින්. ඉගෙන ගන්නකන් සමාජවාදියෝ. රැකියාවක් ලැබුණට පස්සේ ධනවාදියෝ
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පාරට බහින අය කුහකයන් නොවේ...
මමත් කැම්පස් ගිය එකෙක්.. ඒත් ඔය වගේ අමන වැඩක් නම් ජීවීතේට දැකල නැහැ..... ඉතිහාසයේ විශ්ව විද්යාල වල උද්ඝෝශන කලේ සිසුන්ට තිබුන ප්‍රශ්න වලට... තමන් වගේම තව සිසුන් පිරිසකට ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවට විරුද්දව කරන පිරිසකගේ කැගැහිල්ලක්....