යෝජිත ආයුර්වේද සේවා ව්‍යවස්ථාව ඉල්ලා අස්කර ගන්නා ලෙසත් ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන්ට රැකියා ලබාදිමේ ජාතික වැඩ පිළිවෙලක් ඇතුළු තවත් ඉල්ලිම් මාලාවක් කරමින් රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමය රාජගිරිය ආයුර්වේද රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආර්යුවේද වෙදකම ඉතාම හොදයි.. නමුත් එයට අපේ රටේ තැනක් නැහැ..
ආයුර්වේදයේ ඇත්තේ විරේක බේත් පමණක් නොවේ. සමහර බටහිර ඖෂධ වලට වඩා වටිනා ඖෂධ වර්ග ඇත.
දෙශීය වෛද්‍ය ක්‍රමයේ අගය නොදන්නා අයගේ කතාවලට අපගේ විරෝධය.
දේශීය වෛද්‍ය ක්‍රමයේ අගය නොදන්නා අයගේ කතාවලට අපගේ විරෝධය.
ලංකාවට කවදත් ගෞරවයක් ලැබුණේ පාරම්පරික වෙදකමින්.ඒත් කෝ අපේ දේශීය වෙදකමය තැනක් දැන්?
මේම ගැටලුවේදී ලබාදී ඇති ප්‍රතිචාර පිළිබදව ලංකිකයකු හැටියට කණගාටු වෙමි .මා දරුණු රෝගයකික් පෙලුණු අතර බටහිර වෛද්‍යවරු මාස 2 කින් පමණ මා මියයාහැකි බව ප්‍රකාශ කල අතර මා අයුර්වේදය මගින් සුව වීය ...
මෙච්චර වටින බෙහෙත් පැලෑටි තියෙන රටක් ඇයි ඒවා ප්‍රයෝජනයට නොගන්නේ?
බටහිර වෛද්‍යවරුන්ට ලැබෙන දීමනා ඉල්ලමින් ආයුර්වේද වෛද්‍යවරුන් උද්ඝෝෂණය කරති. වෛද්‍ය පීඨයකට ඇතුලත් වීමට උසස් පෙළ ඉහල ලකුණු ලබා ගත යුතුය. බටහිර වෛද්‍යවරයෙකු ලෙස පුහුණුව ලැබීමට කල යුතු කැපවීම මහන්සිය අති විශාලය. බොරැල්ලේ ආයුර්වේද රෝහලේ සිදු කරන ආයුර්වේද වෛද්‍යවරුන් පුහුණු කිරීම සහ වෛද්‍ය පීඨ වල වෛද්‍ය සිසුන් පුහුණු කිරීම අතර විශාල වෙනසක් තිබේ. එම නිසා මේ ඉල්ලීම් අසාධාරණය. සත්‍ය නම් බටහිර වෛද්‍යවරුන් සහ ආයුර්වේද වෙදුන් එහා හා සමාන නැත, ආයුර්වේද වෙදුන් හීනමානය නිසා බටහිර වෛද්‍යවරුන් සේ ටයි පැළඳ වේද නලා කරේ ගෙන බටහිර වෛද්‍යවරුන් සේ පෙනී සිටීමට උත්සහ දරති. නමුත් සමාජය තවමත් මොවුන් හඳුනාගන්නේ වෙද මහත්තුරුන් මිසක් දොස්තර මහත්තුරුන් ලෙස නොවේ. සමහර ආයුර්වේද වෙදුන් බටහිර ඖෂධ කල්ක , චුර්ණ , කසාය වලට මිශ්‍ර කොට දෙති. මේ නිසා ආයුර්වේද වෙදුන් ගේ තත්වය හෑල්ලු වී තිබේ. ඉස්සර ගමේ වෙද මහතුන්ට තැනක් තත්වයක් තිබුණි. ඒ ඔවුන් තමන්ගේ අනන්‍යතාවයෙන් පෙනී සිටි නිසාය. මිනිසුන් වෙද මහතුන්ට ගෞරව කළහ. නමුත් ආයුර්වේද වෙදුන් බටහිර වෛද්‍යවරුන්ට ඇඳීමට තැත් කරන විට මතු වන්නේ හාස්‍යකි. ආයුර්වේද වෙදකමට පිටරටින් පවා ඉල්ලුමක් තිබේ. එම නිසා ආයුර්වේද වෛද්‍යවරුන් තමන්ගේ හීනමානය අතහැර තමන්ගේ ගෞරව අනන්‍යතාවය රැකෙන පරිදි කටයුතු කරමින් බටහිර ඖෂධ කල්ක , චුර්ණ , කසාය වලට මිශ්‍ර කොට නොදෙමින් නියම ආකාරයට ආයුර්වේද වෙදකම කරන්නේ නම් යලිත් ඔවුන්ට නැති වී ගිය ගෞරවය ලබා ගත හැක . එසේම විශාල වශයන් අදායම උපදවා ගත හැක.
ආයුර්වේද වෛද්‍යක්‍රමය ඉතාම හොදයි.. අද වෙනතුරැ මම පාවිච්චි කරන්නෙ ඒවා.. පිට රටක හිටියත්.. බටහිර වෛද්‍යවරැ වගේ නෙවෙයි අපේ දොස්තරලා.. එගොල්ලො ප්‍රතිලාභ බලාගෙන නෙවෙයි වෙදකම් කරන්නෙ.. කිසි කෙනෙකුට කියන්න බැහැ ආයුර්වේද වෙදකම ප්‍රසිද්ධ නැහැ කියලා.
ආයුර්වේදය ගැන මිනිස්සු උනන්දු නැති නිසා ඕක එච්චර වැඩක් වෙන එකක් නෑ.....
මේගොල්ලන්ගෙන් බේත් ගත්තෝත් විරේක බේත් තමා ඉතිං.. ගන්න වෙන්නෙ..
දේශිය වෙදකම අපේඋරුමයක්! බළධාරීන් මෙලෙස වෛද්‍යවරුන්ව පාරට බස්සන්න තරම් හීන වීම ඒ අයට කරන අසාධාරණයක් වගේම අපහාසයක්.
චී චී,වෙද මහත්තුරු ඔහොම පාරට බැහැල කෑගහනකොට ලැජ්ජයි
ඔයාලගෙ ඉල්ලීම නම් හරි.. එත් නිකං අන්තරේ මුහුණු ටිකක් තමයි ඡායාරෑපයේ තියෙන්නනෙ. ඒ නිසා පොඩි සැකයකුත් තියෙනවා..
විරේකයක් දෙන්නද දන්නෑ
වෙදමහත්තරැන්ට හොද අරලු කසායක් දෙන්න ඕන.. සේරමල උද්ඝෝෂණ කරනවා..
වැඩේ හොදයි.. වරදක් නැහැ.. අනික් අයට විතරද පුළුවං...