තම කුඹුරුවලට ප්‍රමාණවත් තරම් ජලය ලබාදෙන ලෙස ඉල්ලා තඹල, පුලස්තිගම හා සුංගාවිල ගොවියෝ සෝමාවතිය පාරේ දැල්පාලම අසල ඇරැඹූ උපවාසය සවස්වනතුරුත් අවසන් නොවි තිබුණාහ. පරාක්‍රම සමුද්‍රයෙන් ලැබෙන ජලය වගාවට ප්‍රමාණවත් නොවෙතියි කියන ඔවුහු ඊට විසැඳුමක් දෙන තුරු උද්ඝෝෂණ සිදුකරන බව ගොවියෝ කියති. පොළොන්නරුව තමන්කඩුව දෙදිසාවේ ද්විතිය අධිකරණ සංඝනායක යටිහලගල උපතිස්ස හිමියෝද ඊට එක්ව සිටිති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ට තියන සුළු සුළු ප්‍රශ්න වලට පිළියම් සොයමින් ජනතාවත් සමග ගරු ස්වාමින්වහන්සේලා පාරට පැමිණෙන එක වැරදියි කියල තමයි මගේ අදහස. මේක රටේ නීතිගරුක පාලනයට භාදාවක්. තමන්ගේ ප්‍රශ්න පළාතේ ගරු දේශපාලකයන් සමග සාකච්චා කර විසඳ ගන්න එක තමයි හොඳ. අනෙක ඔය ගොවියෝ කියන තරම් ජලය හිඟ කමක් නැහැ ඔය පළාතේ. ඕක හිතාමතාම පවතින ගරු රජය අපහසු තාවයට පත් කරන්න කෙරුව කියල තමයි හිතෙන්නේ. තෙරුවන් සරණයි.
සමන් , ඒක තමයි ආශ්චර්ය .................
ජලය නැති එකට රජය හෝ නිලධාරී මොනවා කරන්නද? ගොවියගෙ ගැටළුව තේරෙනවා.. මුළු රටම කෑ ගැහුවත් කරන්න දෙයක් නැහැ.. රජය මුදල්වලින් උදව් කරයි.. කෑනොගහ හිටියොත්..
තව දෙනවා හෙට අනිද්දා තව ඡන්දයක් එනවනේ ,එකත් දීල බලනවා
මෙයා "ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ" කියල නම ලිව්වට තියෙන්නේ රබර් කොන්දකුයි, ඌරු කටකුයි,වගේ නේ ක්‍රියාවෙන් පෙනෙන්නේ. මොනවාද අප්පා මේ කමෙන්ට් කියල ලියන කතා . මෙහෙම ගියොත් තෙරුවන් සරණයි නොවේ ආචාර්ය තුමෝ....
වහින් නැත්නම් මක්කොරන්නද ?දෙවියනේ .
දෙවියනේ ...........
ඇමති තුමා මේ ඔබ තුමාට මේ කියන්නේ. ඇහුනද
දන්නා කාලයේ සිට ගොවින් වරින් වර ජලයට උත්ගොෂණය කරයි. නිලධාරීන් සහ ඇමතිවරුන්ද තාවකාලික විසදුම් දෙයි. සියලුම් ගොවින් එකතු වී කන්න දෙක තුනක් වගා නොකර (තමන්ට පමණක් වගාකර ගෙන) කෙසේ හෝ ජීවිතය ගැට ගසා රටේ සියලුම ජනතාවට අමතක නොවන පාඩමක් ඉගැන්න්විය යුතුය. ලෝකයේ දුප්පත් ගොවියන් සිටින එක රටකි ලංකාව. ඔවුන් දුප්පත්වී සිටින්නේ තමන්ගේ ශක්තිය පිළිබද නිසි අවබෝදයක් නොමැති නිසාය. ලංකාවේ බහුතර මිනිසුන් දුප්පත් වී සිටිනුයේද මේ නිසාමය. නුගතුන්ට රට බර දී ඔවුන්ව නඩත්තු කිරීමට දුක්විදින එකම රට ලංකාවය.
කෙවින් ඇත්තටම ඔයා පුන්නක්කුද කන්නෙ? එකෙකුට තියලා දාන්න කියන්නෙ මොන තිරිසන් කතාවක්ද ඒ.. ඔයා කන බත් වේලක් ගානෙ ගොවියට ණය ගැතියි නේද? ඔය වගේ කතා කියන්න එපා...
මටනම් හිතෙන්නේ ආචාර්ය සුජිත්ට තියෙන්නේ "චින්තනය රකින ආචාර්ය උපාධියක්"
අපි වවමු රට නගමු අනේ මගේ කට
හරිම දුකයි නමුත් ලොකු තෙන්වල ඉන්න යට අහිංසක ගොවි මහතුන්ගේ දුක වේදනා අමාරුකම් තේරෙන්නේ නැහැ . චන්ද කාලෙට අවම නරක දෙසපලකයෝ එලව දමන්න .ගොවිමහතුන්ට ජයවේව !
මේවට කොහෙතියන සල්ලිද , පොඩි කුමාරවරුන්ගේ තරග වලට වියදම්කරන්න තියනවා ,...
ආචාර්ය තුමෝ , මිනිස්සු පාරට බහින්නේ අන්තිමට කරන්න දෙයක් නැති තැන. සාකච්චා කරලා විසදුමක් ගන්න බැරිඋනාම . ආචාර්ය තුමාට බත් නැති උනාට කන්න දේවල් තියෙන නිසා ඕනෙම දෙයක් කියවන්න පුළුවන් . හැම එකක්ම ලියල අන්තිමට තෙරුවන් සරණයි කියල ආගමට අගෞරව කරන්න එපා . මේ ප්‍රශ්නයට වහාම විසදුමක් අවශ්‍යයි .
හෙවගේ මහතාට ජයා වේවා
වතුර දෙන්නයි හෝටල් හදන්නයි දෙකක් බැහැ...
ගොවියො තමයි අපිව ජීවත් කරවන්නෙ.. අදාල නිලධාරී මහත්තුරුනි.. කරැණාකරල අවධානය යොමු කරන්න කියල ඉල්ලා සිටිනවා..
ගොවියන් බේරුවොත් තමා අපේ බඩ රැකෙන්නේ කරුණාකරල ඉල්ලීම්වලට ඇහුම්කම් දෙන්න.
කොහොමද හදෙන් වතුර ගේන්නෙ.?? මේක අපේ ක්‍රියාකාරරකම්වලම විපාකයක්.. පාරිසරික විනාශ බොහොමයක් සිදුකර හමාරය. දැන් වතුර ඉල්ලලා අඩනවා..
එකකුට තියල දාන්න, ඕක එතකොට නවත්වයි.
ගොවියන් බේරුවොත් තමා අපේ බඩ රැකෙන්නේ කරුණාකරල ඉල්ලීම්වලට ඇහුම්කම් දෙන්න.
කෙවින් මට දැන ගන්න ඕන ඔයා කන්නේ බත් ද නැත්නම් අර හරක් කන ඒවාද කියල.
ඕක දේශපාලන කුමන්ත්‍රණයක් යට නොවිය යුතුයි. කී දෙනාද ඉන්නනේ විරෝධයට. ගණන් ගත යුතු නෑ
රජයේ හැම අමාත්‍යංශයකම ප්‍රශ්න මොකද ඉන්න ඔක්කොම නූගත් අයද හම්බ කරනව නම් දේශපාලනය කරන එක තමයි හොඳම වැඩේ
ගොවියෝ නැත්නම් අපි ඔක්කොම බඩගින්නේ කියලා මේකට ප්‍රතිචාර දාන සමහරුන්ට තේරෙන්නේ නැති එකනේ පුදුමේ
ඒබ්‍රාන් මහත්තයා ඔයාගේ මතය හරි ද නැද්ද බලන්න රජරට ගමකට ඇවිත් බලන්න මේ මිනිස්සු විඳින දුක ඔබේ සියැසින්ම දැක ගත්ත හැකි.