අදූරදර්ශී දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්ති වෙනුවට, රටේ සෞභාග්‍යය, ස්ථාවරත්වය සහතික කෙරෙන දිගුකාලීන ආර්ථික වැඩ පිළිවෙළක් සඳහා රටේ ජනතාව පසුගිය වසරේ අවස්ථා දෙකකදීම ජනවරමක් ලබා දී ඇති හෙයින්, මෛත්‍රීපාල සිරිසේන ජනපති යටතේ පිහිට වූ සම්මුතිවාදී ජාතික ආණ්ඩුව මගින් ශ්‍රී ලංකාව ආර්ථික හා සමාජයීය වශයෙන් ඉහළට ඔසවා තැබීමේ නව සැලසුම් ක්‍රියාත්මක කරමින් යන බවත්, ඒ සඳහා සිංගප්පූරුවේ සහාය අපේක්‍ෂා කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේදී පැවසීය.
අද (18) සිංගප්පූරු ජනාධිපති ටෝනි ටැන් කෙං යැම් හමුවූ අවස්ථාවේ අගමැතිවරයා එසේ කීය.
සිංගප්පූරුවේ ‘ඉස්තානා’ මන්දිරයේදී පැවති එම සාකච්ඡාවට එක්වෙමින් සිංගප්පූරු ජනපති කෙං යැම් ප්‍රකාශ කළේ වර්තමාන ශ්‍රී ලංකාව වැදගත් පියවර ගණනාවක් ඉදිරියට තබමින් නව ගමනකට එක් වී ඇති බවය. මේ නව ගමන මගින් ආර්ථික හා කර්මාන්ත ක්ෂේත්‍රයේ ඇති වන්නාවූ සංවර්ධනය නිසා සමස්ත සමාජයේම විශාල දියුණුවක් ලබා ගැනීමේ අවකාශය උදාවන බවද සිංගප්පූරු ජනපතිවරයා පෙන්වා දුන්නේය.
COMMENTS
යන යන තැන උදවු ඉල්ලන්න ලැජ්ජා නැද්ද? (නි)
සුභ ගමන්. එ්ත් කල්පනාවෙන්, අරගොල්ලෝ බොරු වළවල් කපලා ඇති පාරේ. (නි)
නව ගමනක් යනවා වගෙයි. එ්ත් කොහාටද? (නි)
අනේ ලොකු දෙයක් දැන්වත් නව ගමනක් යනවා නම්! බාලගිරියක් නොවී. (නි)
ඔව්, ඔව්, අමුතුම ගමනක් යන බව පෙනෙනවා (නි)
නවගමන කෙසේවෙතත් සමහර හොරු එකපොදියට එකතුවෙලා රට කන ගමනක් යන්න හදනවා වාගෙයි අපිට නම් පෙනෙන්නේ. (නි)
අර්ජුන මහේන්ද්‍රන්ලත් ඔය තවම එළියේ ඉන්නේ ලස්සනට (නි)
ශ්‍රේෂ්ඨ ජන නායකයයකුගේ, ශ්‍රී ලංකාව තුළ (අපේ උතුම් මවුබිම ) ලෝකය ජයගන්න, බුද්ධිමත් අනාගත සැලසුම්.(අ)
අපෝ අපිට නම් හොඳටම පෙනිලා තියෙන්නේ ඔයාලගේ ගමන. (නි)
සිංගප්පූරුව හොඳ මිතුරෙක්. දැන්වත් ඔවුන්ගෙන් ආදර්ශයක් ගෙන රට දියුණු කරන්න. (නි)