ශ්රී ලංකාවට එරෙහිව එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින පාකිස්තානු කණ්ඩායම මෑතකාලයේ දැකිය හැකි වූ හොඳම පාකිස්තානු කණ්ඩායම බවත් එහි නායක මිස්බා උල් හක්, ශ්‍රී ලංකා පිලේ හිටපු නායක අර්ජුන රණතුංගට සමාන බවත් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් පිතිහරඹ පුහුණුකරු මෙන්ම හිටපු ශ්‍රී ලංකා නායක මාවන් අතපත්තු පවසයි.
”ඔවුන් (පාකිස්තානු පිල) ආරම්භයේ සිටම ඉතාමත් නැවුම් ගතියකින් කී‍්‍රඩා කරන, ඉතාමත් හොඳ කණ්ඩායමක්, එම කණ්ඩායම සතුව විවිධ හැකියාවන් ඇති තුන් ඉරියව් ක‍්‍රීඩකයන් සිටිනවා”
”මා පාකිස්තානය් හොඳම කණ්ඩායම්වලට එරෙහිව ක‍්‍රීඩා කරලා තියෙනවා” යයි ශ්‍රී ලංකාවෙන් බිහිවූ පිතිකරු තක්‍ෂණයෙන් අනූන කී‍්‍රඩකයකු ලෙස සැලකෙන මාවන් අතපත්තු පවසයි. ශී‍්‍ර ලංකා පිලේ හිටපු ආරම්භක පිතිකරුවා වන මාවන් ටෙස්ට් තරග 90 කට සහ එක්දින තරග 268 කට සහභාගි වී තිබේ.
”මා ටෙස්ට් තරගාවලියේදී නිරීක්‍ෂණය කළ ආකාරයට මිස්බා ඉතාමත් සන්සුන් චරිතයක්, ඒවගේම ඉතාමත් හොදින් තරගය පාලනය කරනවා. මිස්බා සමහර වෙලාවට අර්ජුණ රණතුංග වගේ”
”තමන්ට වුවමනා දේ කරගන්නා තුරු ඉවසීමෙන් බලා සිටිමට ඔහුට පුළුවන්” යයිද අතපත්තු පැවසීය.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (14) දිවා/රාත‍්‍රි තරගයක් ලෙස පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.30 ට ආරම්භ වීමට නියමිතය.
සාජාහිදී පැවැති පළමු තරගයෙන් පාකිස්තානය කඩුලූ අටක පහසු ජයක් ලබමින් 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටීම නිසා ශ්‍රී ලංකාවට තරගාවලිය සමකරගැනීමට අද තරගයේ ජයග‍්‍රහණය ඉතාමත් වැඳගත් වේ.
පළමු තරගයේදී ශ්‍රී ලංකා පිල ලකුණු 131 කට සීමා වීම නිසා අද තරගයේදී තුන් ඉරියව් ක‍්‍රීඩකයා ලෙස ජීවන් මෙන්ඩිස් කණ්ඩායමේ ස්ථානය ලැබීමට බොහෝ දුරට ඉඩ තිබේ. ජීවන් මෙන්ඩිස් පා දඟ පන්දු යවන්නකු වීම නිසා මෙම තරගයේදී නිත්‍ය පිට දඟ පන්දු යවන්නා වන සුරාජ් රන්දීව් කැඳවීමට හැකියාව තිබේ.
පිතිකරුවන් අසාර්ථක වුවද මෙම සංචිතය තුළ මැද පෙළට යෙදවීමට වෙනත් නිත්‍ය පිතිකරුවකු නොමැත. සංචිතයේ සිටින එකම පිතිකරුවා වන දිමුත් කරුණාරත්න ආරම්භක පිතිකරුවකු වීම නිසා පසු පෙළට ඔහු යෙදවීමේ හැකියාවක්ද නොමැත.
මෙම සංචිතයට උඩින් පාත්වූ දිල්හාර ප‍්‍රනාන්දුගේ පන්දු යැවීම දෙස අවධානය යොමු කිරීමේදී ඔහුගේ පන්දු යැවීමේ වර්ධනයක් දැකිය නොහැකිය.
මෙම තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් විශ්වාසයෙන් යුතුව තරගයට පිවිසෙනු ඇති බවට තමන් විශ්වාස කරන බව මාවන් අතපත්තු පවසයි.
”මම නියතවශයෙන්ම විශ්වාස කරනවා, මේක තාක්‍ෂණය සහ ආකල්පය පිළිබඳව ගැටලූවක් නොවෙයි, විශ්වාසය අඩු වීම පිළිබඳ ප‍්‍රශ්ණයක්”
”ක‍්‍රීඩාගාරයේදී පෞද්ගලිකත්වය ලෙස බලන්න බෑ, ඔවුන් මෙහිදී පිවිසෙන්නේ නැවුම් තරගයකට ඒ නිසා අපි පළමු තරගයේදී හෝ මාස දෙකකට පෙර කළ දේ පිළිබඳව අමතක කළ යුතුයි”
ශ්‍රී ලංකා පිතිකරුවන් පසුගිය දේ අමතක කර මෙම තරගයට ක‍්‍රීඩා කරනු ඇති බවත් පළමු තරගය නැරඹීමට පැමිණි ශ්‍රී ලංකා පේ‍්‍රක්‍ෂකයන්ගෙන් සමාව ඉල්ලා සිටින බවත් මාවන් පැවසීය.
”මම හිතන්නේ අපේ කාර්යය විය යුත්තේ පේ‍්‍රක්‍ෂකයන් පිනවීමට හොදින් ක‍්‍රීඩා කිරීමයි” යැයි මාවන් වැඩි දුරටත් පැවසීය.
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2271
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වත්මන් පාකිස්තානු නායකයා අර්ජුන රණතුංගට සමානයි
සිරී Monday, 14 November 2011 12:39 PM
පළමු තරගය පැවැත්වූයේ සාජා වල නොවේ...