(අංජුල මහික වීරරත්න)
කාලීන අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් 1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවකයන් පිළිබඳ(සේවය හා වේතන විධිමත් කිරීමේ) පනත සංශෝධනය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
තොරතුරු තාක්ෂණය පදනම් කරගෙන ව්‍යාපාර කටයුතු කරන ආයතන, දැනුම් ක්‍රියාවලිය බාහිරින් සපයා සපයා ගැනීමේ ආයතන, ව්‍යාපාර ක්‍රියාවලිය බාහිරින් සපයා සපයා ගැනීමේ ආයතන සහ වෙනත් රටවල පිහිටි ව්‍යාපාර ආයතන සඳහා ගිණුම් පරිපාලන හා තාක්ෂණ කටයුතු වල යෙදෙන කාර්යාල වල සේවයේ නියුක්ත කාන්තාවන්ට රාත්‍රී සේවයේ නිරත වීමේ හැකියාව ලැබෙන පරිදි අදාළ පනත සංශෝධනය කිරීමට 2022-8-8 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබිණි.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති සාප්පු හා කාර්යාලීය සේවකයන් පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත සඳහා නීතිපති අවසරය ලැබී තිබේ.
එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලයට විසින් අනුමත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විතරක් මදි... ලංකාවේ 60% කට වඩා ශ්‍රමය සූරා කෑමකට ලක්වෙනවා. ඒවා නවත්වන්න රෙගුලාසි ගේන්න ඕනෑ. රැකියාවල්, අධ්‍යාපන සහතික, පලපුරුද්ද, වෘත්තීය සුදුසුකම්, අදාළ රැකියා අංශ වගේ සාධක මත අවම වැටුපක් ප්‍රකාශ කරන්න ඕනේ... ඒ තුළ ඒ ශ්‍රමිකයාව ආරක්ෂා වෙනවා. නැතිනම් වෙන්නේ මිනිස්සුන්ගේ ශ්‍රමය හූරන් කනවා. මේ දේත් හුඟාක් බලපාන කරුණක් දුගී භාවයට...