වෘත්තීය සමිති නිදහස සීමා කිරීමට එරෙහිව ‘රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුව‘ විසින් සංවිධානය කැරුණු සංකේතාත්මක විරෝධතා උද්ඝෝෂණයක් කොළඹ ඩීන්ස් පාරේ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට දී අද පැවැත්විණි.
සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ හා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතාට වසර තුනක් තිස්සේ ලැබිය යුතු පූර්ණකාලීන නිදහස්වීම නොදීම නිසා ඔහුගේ මූලික අයිතිය උල්ලංඝනය වී ඇති බවන පවසමින් ඔවුහු මෙසේ උද්ඝෝෂණයේ නිරත වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෘතීය සමිති දේශපාලන පක්ෂ වශයෙන් බෙදී සිටින තුරාවට නිදහසක් හෝ ජයග්‍රහණයක් ලබාගැනීමට නොහැක. ජර්මනියේ වෘතීය සමිති දේශපාලන පක්ෂ වල න්‍යායන්ට ගැතිව කටයුතු නොකරන අතර කම්කරු අයිතිවාසිකම් සදහා පමණක් පෙනී සිටියි.(නදී)
මේ අය තමන්ගේ රාජකාරි ස්ථාන වල වැඩේ හරියට කරනවද? පපුවට තට්ටු කරලා බලන්න. පින් පඩිද ගන්නේ කියලා.(නදී)