IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වෘත්තීය පුහුණු ආයතනවලටත් විශ්වවිද්‍යල පිළිගැනීම දෙයි

(අංජුල මහික වීරරත්න)

විශ්වවිද්‍යාලවලට ලබාදෙන පිළිගැනීම වෘත්තීය පුහුණු ආයතනවලටත් ලබා දීමට රජයේ අවධානය යොමු වී ඇතැයි අධිකරණ අමාත්‍ය උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති  විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.

 විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ වෘත්තීය පුහුණු අධිකාරිය වෙනුවට ස්වාධීනව කටයුතු කළ හැකි උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක්  යෝජනා කර තිබෙන බවද අමාත්‍යවරයා කීය.

එම උසස් අධ්‍යාපන කොමිෂන් සභාව යටතේ රාජ්‍ය විශ්වවිද්‍යාල, පෞද්ගලික විශ්වවිද්‍යාල, වෘත්තීය විශ්වවිද්‍යාල යන ඒකක තුනක් සහ ඒවායෙහි ප්‍රමිතිය ආරක්ෂා කර ගැනීමට වෙනම ඒකකයක් ද ක්‍රියාත්මක වෙන බව විජයදාස  රාජපක්ෂ මහතා පැවසීය.

වෘත්තීය පුහුණු අධ්‍යාපනය රටක අවශ්‍යතාවයක් බැවින් ඒ සඳහා පිළිගැනීමක් ලබා දිය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (12) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව කීය.



අදහස් (4)

වෘත්තීය පුහුණු ආයතනවලටත් විශ්වවිද්‍යල පිළිගැනීම දෙයි

Sampath Tuesday, 12 September 2023 10:34 PM

වෘත්තීය පුහුණු මේ තත්වයට ඇදලා දාලා තියෙන්නේ දේශපාලන පත්වීම් නිසා... එක්කෝ ගාල්ලේ, නැතිනම් හම්බන්තොට සුදුස්සන් බඳවාගන්න තියෙන පනත ඕනෑවටත් වඩා වැඩියි. 1995 පළවෙනි පනතින් VTA එක හදලා තියෙන්නේ ඉතා හොඳ පනතක්...

:       0       0

Perera Wednesday, 13 September 2023 03:03 AM

ඔකෙන් වෙන්නෙ උපාදියෙ තත්වය බාලවීමක්.

:       0       0

Nimal Wednesday, 13 September 2023 08:23 AM

ඔය ස්වාධීන කොමිෂන් සභාව කියන්නේ දේශපාලනීකරණය කියන එක. තමාට ගැති කෙනෙක් දාගෙන. තමාට කැමැති දේවල් කරගන්න එක. මතකයිනේ එහෙම සභාපති කෙනෙක් ගෙදර යැව්වා. අන්තිමට ස්වාධීන කිව්වට, සාමාන්‍ය ජනතාවට එකම එක දෙයක්වත් වුණාද?

:       0       0

සල්ලි Wednesday, 13 September 2023 12:22 PM

පච theme එකක් ඉස්සරහට දාගෙන විකාර කියෝනවා මුන්. ඊට කලින් කැස්බෑවේ පොදු වැසිකිලිය හදලා ඉදින්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 300 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site