අම්බලන්ගොඩ ව්‍යපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය බලපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ඉසෙඩ්.පී.එම්. රියාකාද් මහතා විසින් සිදුකරනු ලැබීය.
පැය පහක පමණ කාලයක් වසා දමා තිබූ හීනටිය මාර්ගයද විවෘත කැරිණි.
අම්බලන්ගොඩ හෝටල් හිමියකුට වතුගෙදර පාරේ දී වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.
වෙඩි තැබීමෙන් මාදූවගේ සරත් නිමල් (49) මහතා මිය ගිය බව පොලිසිය පවසයි. ඔහුගේ සිරුර බලපිටිය රෝහලේ තබා ඇත.
මාදු ගඟේ දූපතක පිහිටි අරලිය විලා හෝටලයට එළවළු රැගෙන යතුරුපැදියෙන් යද්දී ඔහුට වෙඩි තබන්නට ඇතැයි පොලිසිය සැකකරයි. තුවක්කුකරුද යතුරුපැදියකින් එන්නට ඇතැයි කියති. මියගිය ව්‍යාපාරිකයා දෙදරු පියෙකි.
ව්‍යාපාරිකයා මරා දැමීමෙන් පසු මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වෙන තුරු එම පාර වාහන ගමනාගමනයට වසා ඇත. විකල්ප මාවත් ඔස්සේ පොලිසිය වාහන යවයි.
ඡායාරූප - දීපාල් ද සිල්වා
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
වතුගෙදරදී කටපුංචා කටඅරී